18
ජන.
15

පිං අගමැතිගේ ගොං ඇමතිලා

Mangala Ranil10393578_853271694737997_4753591617600684291_n

තමන්ගේ හෙළුව වහගන්න අනුන්ගේ රෙදි ගලවන unp ය ,

මෑත ඉතිහාසයේ අප දුටු පුදුම සහගත චරිතයක් නම් අපේ වර්තමාන අග්‍රාමාත්‍ය වාරයයි.අහුගේ ජිවන රටාව කාල සර්ප යෝගය ඇත්තෙකුගේ ජිවන රටාවට බොහෝදුරට සමානය.විටෙක රටේ ඉහලින්ම බැබලෙන ඔහු තවත් විටක මැතිවරණ 25 -30 පරදින අසරණ තත්වයට ඇදවැටේ.කෙසේ වුවත් මේ අසාමාන්‍ය චරිතය ඉතාමත් සට කපටි මොලයකටනම් උරුම කම් කියන බව මුළු ලංකාවම දනී.කෙනෙක්ගේ මෙහා කනින් ඇතුළු වී එහකනෙන් එලියට ඒමට ඔහු දක්වන දක්ෂතාවය කිසිවකුට සිතා ගැනීමටවත් ඉඩක් නැත.මොලය එසේ උවද ඔහුගේ කටින් පිටවන වචන නම් අවුරුදු හත අටක කොලු ගැටයෙකුගේ වචන හා සමානය.මේ නිසාම පසුගිය මැතිවරණයේදී ඔහු කට පියාගෙනම හින් නුලෙන් මොලෙන් වැඩක් දුන්නේය.අහුගේ උපාය අති සාර්ථක කර හැනිමට අපේ facebook මිතුරන්ගෙන් ලැබුනේද මහගු පිටුවහලකි.ඔහුගේ උපාය සාර්ථක විය.පොලොව නොකොටා දහඩිය නොසොල්වා පළදාව නෙලා හැනිමට ඔහුට හැකි විය.ඔහු පළදාව නෙලන විට අපට අහිමිව ගියේ මේ රටේ සිටි එඩිතර ගාම්භිරම තෙජවන්තම මිනිසවය.ඒ කෙසේ උවද බටලන්ද සහ මිලේනියම් සිටි මතකයේ ඇති සැමට ඔහු ගැන ඇත්තේ කුකුසක්මය.

8 passබල පෙරළියෙන් පසු රටට හොදක් වෙවි යයි හිත හදාගත් අපට දැන් නිතර දෙවේලේ ඇසෙන්නේ හිටපු නායකයාට මඩම ගැසීම් සහ ජනතාවට ඔහු එපා කිරීමට දරන උත්සාහයන්ය.නමුදු මහින්ද මහතා වටා සිටි ලක්ෂ 58 ක ජනතාව මේවාට නොරැවටෙන බව මඩ ගහන්නෝ නොදනිති.විටෙක අරලිය ගහ මන්දිරේ නාන කාමර වල LED TV මතු වේ.තවත් විටෙක රටේ තැන් තැන් වල කාර් ධිෆෙන්ඩර් මතුවේ.ඉදිරි දින 100 මෙසේ ගෙවා දැමීමට ඔවුන් සැර සෙන්නේ කුමක් නිසාදැයි ජනතාව හොදින් දනී.මහින්ද මහතා කෙරෙහි මේ තියෙන ජනතා හිතවත් කම විනාශ නොකළ හොත් ඉදිරි මැතිවරණයේදී නැවත මේ රටේ අග්‍රාමාත්‍ය වශයෙන් නිසැකයෙන්ම මහින්ද මහතා පත්වන බව ඔවුන් හොදින්ම දන්නා කරුණක්ම වන බැවිනි.

 

 

පිං අගමැතිහිතවත් මිතුරනි මහින්ද මහතා අරලිය ගහ මන්දිරය රජ මැදුරක් කලත් එය ඔහුගේ පුද්ගලික මැදුර නොවන බව ඔහු හොදින්ම දැන සිටියාය.ඔහුගෙන් පසු මේ රටේ ඊලග මහජන නියෝජිතයාට එහි අයිතිය ලැබෙන බවත් ඔහු හොදින්ම දැන සිටියාය.ඔහු අරලිය ගහ මැදුර හැර හියේ ඔහුට තව දුරටත් එහි හිමිකාරත්වය නොමැති බව දැන ගත් මොහොතේමය.ඔහුට ඕනෑනම් තව දින ගණනාවක් එහි රැදී සිටීමට නිතියෙන්ද හැකියාව තිබුණි.ඔහු අරලිය ගහ මැදුරේ තිබු led tv ගලවාගෙන ගෙදර අරන්ගියේද නැත.ඒ ඔහු එය සවි කලේ මේ රටේ නායකයන් වන හැමෝගෙම ප්‍රයෝජන පිණිසම උවක් නිසාමය.ඔහු led tv එක ඔහුගේ නාන කාමරයේ සවි කිරීමෙන් වටිනා නායකයෙක්ගේ තවත් තවත් වටිනාම යමක් මේ රටට පෙන්වාදීමට උත්සහ ගත්තේය.ඒ ඔහුගේ සරීර කෘත්‍ය කරන අවස්ථාවේ උවද ඔහු සිටියේ මේ රට ගැන අවදානයෙන් යන්නයි.හෙළුවෙන් සිටි unp ය ජනතාවට එය වටහා දෙන්න උත්සහ කලේ වෙන ආකාරයකටයි.unp යට සහ jvp යට මෙයිට වඩා සෙවිය යුතු තැන් ඇත.ඒ අද මහා ලොකුවට දේශප්‍රේමිත්වය ඉස මුදුනේ තියන් කේබල් ඇදබාන ස්වාමින් වහන්සේලාගේ ආශ්‍රම සහ පන්සල් වලට ගොස් ඔවුනගේ අද්යාත්මික ජිවන පසුබිම සොයා බැලීමයි.උන්වහන්සේලා බොහොමයකගේ පන්සල් හරියට සුකෝප භෝගී හෝටල් බදුය,ගමන් බිමන් යන වාහන කෝටි ගණන් වටි,සාසනයේ සිව්ර පොරවන් ගිහියන්ගේ දානේ වළදමින් මොවුන් සමහර මේ ගෙවන සුකොපභෝගී ජිවන රටාව ගැන මහින්ද ගැන හොයන්න කලින් සොයා බැලිය යුතුය.මෙය අනාගතයේදී අපේ බුදුදහමටත් නිගහවක් වනු ඇත.
මහින්ද මහතාගේ දරුවන්ට ඇගිල්ල දිගු කරන unp ය එදා unp ආණ්ඩුවේ මහවැලි කඩිනම් වියාපාරය භාරව සිටි ඇමති වරුන්ගේ පුතුන්ටද ඇගිල්ල දිගුකල යුතුය.ඒ අද ඔවුන් ගත කරන සුකොපභෝගී ජිවිත එදා මහවැලියෙන් ඔවුන්ගේ පියවරුන් උපයා ගත් ධනය බව බොහෝ දෙනා හොදින්ම දන්නා බැවිනි.මේ රටේ පළමුවෙන්ම පරිගණක තාක්ෂණයෙන් ක්‍රියාකරන රේසින් කාර් රථය ලංකාවට ගෙන අවේ jr ජනාධිපතිතුමාගේ පුතණුවන්ය.එදා ඒ බව unp ය නොදක්කාද,තව කිව යුතු දෑ බොහෝ ඇත.එසේ කළහොත් මටද නැවත පරණ ටයර් සෑයක යන්න වෙවිදෝයි මගේ සිතේ බියක්ද ඇත.අද මාද්‍ය නිදහස ගැන කතාකරන jvp සහෝදරයන් එදා එදා මේ රටේ සිටි සොදුරුතම මාද්යවෙදිය වූ ප්‍රේමකීර්ති අල්විස් මහතා මැරුවේ කට කපා පුකට වෙදිතබාය.ජනතාවක් අප්‍රිය මිනීමරුවන් වූ එදා jvp ය මනුස්සයින් වූ බව කියා අද වර්තමානයේ හිදින jvp ය ඇතිකළ පුරෝගාමියා නැතහොත් නායකයා වුයේ විමල් වීරවංශ මහතාය,එදා ඔහු ගිරිය කැධෙන තුරු කෑ ගසා මේ රටේ ජනතාවගේ හිත දිනා නොගත්තානම් අද jvp ය වැලලුණු තැන මී ගස් පැල වෙලය.එම නිසා වර්තමානයේ jvp යේ නියම නායකයා විය යුත්තේ විමල් වීරවංශ සහෝදරයාය.
මිතුරනේ හිතන්න මේ දේශපාලනය මඩ ගොහොරක්මය මෙහි හිදින බහුතරය තමන් සුදනන් බව කියන ඉස්සන්ද, හරි පාරේ යන බව කියන කකුළුවන් සහ පියා මරා හෝ රජකම ගන්න හැකි කාශ්‍යප යනය.අප බුද්ධියෙන් ක්‍රියා නොකළ හොත් විනාශ වන්නේ අපේ උරුමය මෙන්ම අපේ ඊලග පරම්පරාවේ අනාගතයයි.මා දැඩි මහින්ද වාදියෙක් උවද ඔහු වටා සිටි කාලකන්නි හොර දේශ පාළුවන් හෙලාදකින්නේක්මි.හොද හොද සේ දකින්නත් නරක නරක සේ දකින්නත් මාතුල හැකියාව ඇත.මහින්ද රාජපක්ෂ චරිතයද 100% නිවැරදියි මා නොකියමි.වර්තමාන දේශපාලනයේ රටට වැදගත්ම ප්‍රයෝජනවත්ම චරිත අතර ඔහු සිටින්නේ ඉහලින්මය.

අපගේ මුල් පිටුවට පැමිණ (https://www.facebook.com/sriavtvnetwork ) දකුණු පස ඉහල කෙලවරේ ඇති LIKE බොත්තම ඔබන්න. අපගේ Page එකට ලයික් කරන්න අමතක කරන්න එපා. අනිකුත් මිතුරන් දැනුවත් කිරීමට Share කරන්න.

Advertisements


අනවශ්‍ය දේවල්

  • 155,679 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජනවාරි 2015
බ්‍ර සි සෙ
« දෙසැ.   පෙබ. »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: