12
ජන.
15

“ලංකා ඊ නිවුස්” බුද්ධි අංශ පාවාදෙයි

සඳරුවන් සේනාධීර නැමැති LTTE හිතවාදියා විසින් කරගෙන යන “ලංකා ඊ නිවුස්” නැමැති LTTE හිතවාදී වෙබ් අඩවිය විසින්, ත්‍රස්ත විරෝධී මෙහෙයුම් වලට සම්බන්ධ වූ ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි අංශයේ සියලුම බුද්ධි අංශ නායකයින්ගේ තොරතුරු හෙළි කර ඇත.

මේ බුද්ධි අංශ නිලධාරීන් අද ඊයේ අහසින් පාත් වූවන් නොවේ. එදා උතුරේ යුද මෙහෙයුම් පවතිද්දී දකුණේ බෝම්බ පිපිරීම් වළක්වා ගත්තේ ඒ නිලධාරීන් විසිනි. කොටි නායකයාව ඝාතනය වීමත් සමග දකුණේ සැඟවී සිටි කොටි හිතවාදීන් පිට පිට දකුණේ බෝම්බ පුපුරුවන්නට යද්දී එම කොටින්ව අත් අඩංගුවට ගෙන, දකුණේ සිටි ඔබව ආරක්ෂා කර ගත්තේ ඔවුන් විසිනි.

දේශපාලන පළි ගැනීමක සීනි තවරා ලංකා ඊ නිවුස් විසින් ජනතාවට කවන මෙම සයනයිඩ් ටොෆියේ සැබෑ අරුත, කොටින්ට ඇවැසි පළිගැනීම බව වටහාගත යුතුය.

අදින් අවුරුදු 12 කට පෙරදී මිලේනියම් සිටි මහා පාවාදීමෙන් දින 14ක් ගතවූ තැන එනම් 2002 ජනවාරි 16දා කොටි ත්‍රස්තවාදීන් අතින් විද්‍යාර්ථන් නැමැති හමුදා බුද්ධි අංශ නිලධාරියා ඝාතනය විය. ඒ ආකාරයෙන් උතුරේ ත්‍රස්ත කඳවුරුවල ගැවසෙමින් රටේ ජාතික ආරක්ෂාව පතා යුද හමුදාවට බුද්ධිමය තොරතුරු ලබාදුන් නිලධාරීන් 54ක් වරින් වර කොටි ත්‍රස්තවාදීන් අතින් මරුමුවට පත් වන්නට පටන් ගත්තේ සීරියල් මිනීමැරුම් චිත්‍රපටයක ආකාරයෙනි. ඒ නම් ලැයිස්තු කොටින්ගේ අතට ගියේ මිලේනියම් සිටි පාවාදීමෙන් පසුවය.

දිගුදුර විහිදුම් බළකායේ (LRRP) සහ යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් සම්පූර්ණයෙන් අනාරක්ෂිත කෙරුණ අතර ඒ ඇතැමෙක් ජීවිත බේරා ගැනීමට රටින් පවා පලා ගියහ. LTTE ය ශ්‍රී ලංකා යුද හමුදාවේ දිගුදුර විහිදුම් බළකායට සම්බන්ධ වී වුන් සියලු දෙනා එකිනෙකා බැගින් මරා දමමින් සිටියදී 2002 පෙබරවාරි මස 22දා රනිල් -ප්‍රභා අවබෝධතා ගිවිසුමට අස්සන් තැබුණේය.

සටන් විරාම ගිවිසුම අස්සන් කිරීමෙන් පසුව යාපනය, කොළඹ, මඩකලපුව යනාදී සෑම ප්‍රදේශයකටම නිදහසේ පැමිණි කොටි පිස්තෝලකරුවන් ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයට සම්බන්ධ බවට අනාවරණය වූ සියලු දෙනා ඝාතනය කිරීමට තැත් කළහ. මැලේ ජාතික කර්නල් තුවාන් මුතාලිෆ්, කර්නල් මීඩීන් මුල් පෙළේ බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා ද කොළඹ දී කොටි ත්‍රස්තවාදීන් අතින් ඝාතනය වූහ…

මේ දිග හැරෙන්නේ අදින් වසර 12 කට පෙර සිදුවූ දේමයි. එදාත් මිලේනිලම් සිටි සිද්ධිය සාධාරණීකරනය කළ අය හිටි අතර ඔවුන් අදත් මෙය සාධාරණීකරනය කරාවි.

සංඳරුවන් සේනාධීර නැමැති LTTE හිතවාදියා විසින් කරගෙන යන "ලංකා ඊ නිවුස්" නැමැති LTTE හිතවාදී වෙබ් අඩවිය විසින්, ත්‍රස්ත විරෝධී මෙහෙයුම් වලට සම්බන්ධ වූ ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි අංශයේ සියලුම බුද්ධි අංශ නායකයින්ගේ තොරතුරු හෙළි කර ඇත.

මේ බුද්ධි අංශ නිලධාරීන් අද ඊයේ අහසින් පාත් වූවන් නොවේ. එදා උතුරේ යුද මෙහෙයුම් පවතිද්දී දකුණේ බෝම්බ පිපිරීම් වළක්වා ගත්තේ ඒ නිලධාරීන් විසිනි. කොටි නායකයාව ඝාතනය වීමත් සමග දකුණේ සැඟවී සිටි කොටි හිතවාදීන් පිට පිට දකුණේ බෝම්බ පුපුරුවන්නට යද්දී එම කොටින්ව අත් අඩංගුවට ගෙන, දකුණේ සිටි ඔබව ආරක්ෂා කර ගත්තේ ඔවුන් විසිනි.

දේශපාලන පළි ගැනීමක සීනි තවරා ලංකා ඊ නිවුස් විසින් ජනතාවට කවන මෙම සයනයිඩ් ටොෆියේ සැබෑ අරුත, කොටින්ට ඇවැසි පළිගැනීම බව වටහාගත යුතුය.

අදින් අවුරුදු 12 කට පෙරදී මිලේනියම් සිටි මහා පාවාදීමෙන් දින 14ක් ගතවූ තැන එනම් 2002 ජනවාරි 16දා කොටි ත්‍රස්තවාදීන් අතින් විද්‍යාර්ථන් නැමැති හමුදා බුද්ධි අංශ නිලධාරියා ඝාතනය විය. ඒ ආකාරයෙන් උතුරේ ත්‍රස්ත කඳවුරුවල ගැවසෙමින් රටේ ජාතික ආරක්ෂාව පතා යුද හමුදාවට බුද්ධිමය තොරතුරු ලබාදුන් නිලධාරීන් 54ක් වරින් වර කොටි ත්‍රස්තවාදීන් අතින් මරුමුවට පත් වන්නට පටන් ගත්තේ සීරියල් මිනීමැරුම් චිත්‍රපටයක ආකාරයෙනි. ඒ නම් ලැයිස්තු කොටින්ගේ අතට ගියේ මිලේනියම් සිටි පාවාදීමෙන් පසුවය.

දිගුදුර විහිදුම් බළකායේ (LRRP) සහ යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් සම්පූර්ණයෙන් අනාරක්ෂිත කෙරුණ අතර ඒ ඇතැමෙක් ජීවිත බේරා ගැනීමට රටින් පවා පලා ගියහ.  LTTE ය ශ්‍රී ලංකා යුද හමුදාවේ දිගුදුර විහිදුම් බළකායට සම්බන්ධ වී වුන් සියලු දෙනා එකිනෙකා බැගින් මරා දමමින් සිටියදී 2002 පෙබරවාරි මස 22දා රනිල් -ප්‍රභා අවබෝධතා ගිවිසුමට අස්සන් තැබුණේය. 

සටන් විරාම ගිවිසුම අස්සන් කිරීමෙන් පසුව යාපනය, කොළඹ, මඩකලපුව යනාදී සෑම ප්‍රදේශයකටම නිදහසේ පැමිණි කොටි පිස්තෝලකරුවන් ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයට සම්බන්ධ බවට අනාවරණය වූ සියලු දෙනා ඝාතනය කිරීමට තැත් කළහ. මැලේ ජාතික කර්නල් තුවාන් මුතාලිෆ්, කර්නල් මීඩීන් මුල් පෙළේ බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා ද කොළඹ දී කොටි ත්‍රස්තවාදීන් අතින් ඝාතනය වූහ...

මේ දිග හැරෙන්නේ අදින් වසර 12 කට පෙර සිදුවූ දේමයි. එදාත් මිලේනිලම් සිටි සිද්ධිය සාධාරණීකරනය කළ අය හිටි අතර ඔවුන් අදත් මෙය සාධාරණීකරනය කරාවි.
Advertisements


අනවශ්‍ය දේවල්

  • 155,632 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජනවාරි 2015
බ්‍ර සි සෙ
« දෙසැ.   පෙබ. »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: