Archive for මැයි 6th, 2013

06
මැයි
13

තොලොංජිවුනු දූශ්චරිත ගමලත්ගේ මඤ්ඤං බුද්ධිය

imagesindexsgf01

මරුවාට නම් දූශ්චරිත ගමලත් යනු වාමාංශික ගොබ්බ මුදලාලියෙකි. ඌ පොත් ලිව්වාට ඌ ඒවා මිනිස්සුන්ට නිකං දුන්නේ නැත. අද කාලයේ පොත් ලිවීම ඕනෑම එකෙකුට කල හැක. ඕනෑම හරකෙකුට ශබ්දකෝශ ලිවිය හැක. ඒවා මැජික් වන්නේ ලංකාවේ බයියන්ටය. මූ මහාචාරියෙක් වුනේ විශ්වවිද්‍යාල සහතිකයකිනි. සැබෑ මහාචාරියෝ විශ්වවිද්‍යාල සහතික නමේ මුලට දාගන්නේ නැත. මු ජීවත්වුනු කාලයේ කලේ පියසීලි ගෑනිට දිග පොත් පිරෙන් ලිවුං ලිවීම පමනි. අපිට අනුව එක් පාරක් දෙන්නත් එක්ක අර අහවල් වැඩේ කරල ඒක ඉවර කර ගත්තානං රටටම යහපතකි. අපිටනං මුගෙන් සතපහක වැඩක් නැත. ඌ ජාතියට බුද්ධිය දීල…අනේ මුගේ පු…බුද්ධිය. මුං ලංකාවේ වමේ බයියන්ටනං මාර පොරකි. කවුරුහරි කාලකන්නියෙක් පොත් ලිව්වම අපිට පුකද ? 

මේ ඌ ගැන ඇනකොන්ඩා කල නියම විග්‍රහයකි. 

ඇනකොන්ඩා

මහාචාර්ය සුචරිත ගමලත්ව දක්කමින් වැඩගත් පිරිසක් සිටිති. ඒ අතරින් ප‍්‍රධාන ඇල්ටීටීඊයයි. ඇල්ටීටීඊය සුචරිත ඔවුන්ට කළ උපකාරවලට ඉතාම හොඳින් සැලකීය. ඇල්ටීටීඊ බලය උච්චම අවස්ථාවේ උතුරට ගොස් ප‍්‍රභාකරන් නමැති අන්ත ජාතිවාදී, අන්ත පැසිස්ට්වාදී දුෂ්ඨයාගේ ස්තුතිය ලබාගැනීමටත් වවුනියාවට ගොස් ඇල්ටීටීඊ සංස්කෘතික අංශයේ නායක පුතුකයි රත්නතුරෙයි අතින් ඇල්ටීටීඊ මහා සභා වේදිකාවක දකුණු ඉන්දියාවේ සම්ප‍්‍රදායට ‘රන් සාටකයක්’ පළඳවාගෙන සිපාචාර ලැබීමටත් සුචරිත හැර වෙනත් කිසිම සිංහලයෙක් සමත් නොවීය. ඇනකොන්ඩා පසුගිය ලිපිය සමඟ පළ කළ ඡායාරූපයේ දැක්වෙන්නේ ජාතිය රට ආගම ආදි සියල්ලක්ම ඇල්ටීටීඊ පැසිස්ට්වාදීන්ට පාවාදීම වෙනුවෙන් සුචරිත ‘රන් සාටකය’ ලබාගත් අවස්ථාවයි. මෙය ඇල්ටීටීඊ ඡායාරූප ශිල්පියකු විසින් ගන්නා ලද ඇල්ටීටීඊ වෙබ් අඩවියේ පළ වූ ඡායාරූපයකි. සුචරිතට ප‍්‍රභාකරන්ගෙන් මේ තරම් සැලකිල්ලක් ලැබෙන්නට ඔහු ඇල්ටීටීඊය වෙනුවෙන් මොන තරම් වැඩ කොටසක් කර ඇත්දැයි තේරුම් ගන්නට උපාධි උවමනා නැත.

ඇල්ටීටීඊකාරයෝ සුචරිත මියගිය බව අසා හැබෑවටම දුක් වූහ. ‘සිංහලයන් අතර ඉඳගෙන සිංහලයන්ට පහරදුන් අපේ සගයෙක් නැතිවුණා’යි ඔවුහු දුක් වූහ. ටැමිල්නෙට් වෙබ් අඩවියේ සුචරිත වෙනුවෙන් පළ වූ ලිපිය ඊට නිදසුනයි. ඇල්ටීටීඊ නොවන දෙමළ විචාරකයින් පවා මෙම ලිපිය කියවා සුචරිත රටට මොනතරම් හතුරුකම් කරපු පරයෙක් දැයි ඇසූහ.

ක‍්‍රිස්තියානි හා කතෝලික ඇන්ජීඕ සංවිධානද සුචරිතගෙන් හොඳට වැඩගත්හ. සුචරිත රෑ දවල් නැතිව ඔවුන්ට කඬේ ගියේය. සාමයික කේන්ද්‍රය හා විභවි කේන්ද්‍රය මේ ආකාරයට සුචරිතගෙන් වැඩගත් ආයතන දෙකකි. මුදල් හා බීම හැර සුචරිතට ඔවුන්ගෙන් ඒ තරම් සැලකිල්ලක් නොලැබුණි. ඊට ප‍්‍රධාන හේතුව සුචරිත මාක්ස්වාදියෙකුවීමයි. සුචරිතට බයිබලය අලූතෙන් පරිවර්තනය කිරීමට උවමනා වුවත් ඔවුන් ඊට ඉඩක් නොදුන්නේද ඒ හේතුව නිසාය. සුචරිත ඉරිදා දිවයින පත‍්‍රයට ලියූ සමහර ලිපිවලින් තමා මිතුරන්ගේ විවේචන නොඅසා මෙබඳු බෞද්ධ විරෝධී ආයතනවලට සේවය කිරීමෙන් වරදක් කළ බව පසුව පිළිගත්තේය. එය සුචරිතගේම වචනයෙන් කීවොත් ස්වයං විවේචනයකි. ඒ ස්වයං විවේචන කියවන ඥානවන්තයෝ මහාචාර්යවරයෙකු වුවත් සුචරිත මොනතරම් මෝඩයෙකු දැයි වටහා ගත්හ.

සුචරිත උගතෙකි ඔහුගේ උගත්කම යනු භාෂා දැනුමයි. එය උපතින් ගෙනා එකක් හෝ දෙවියන් දුන් එකක් නොවේ. පන්සලෙන් ලබාගත් දායාදයකි. ඔහු සිවුරට පින්සිද්දවෙන්නට පන්සලෙන් පාලි සිංහල සංස්කෘත උගත්තේය. ඔහුට ඉංග‍්‍රීසි ඉගෙනීමට වියදම් කළේත් විශ්වවිද්‍යාලයට ගිය පසු උවමනාකම්වලට මුදල් දුන්නේත් බෞද්ධ උපාසිකාවකි. නමුත් කවරම කවදාකවත් තමන්ගේ අධ්‍යාපනයට දායකවූ පන්සල, හාමුදුරුවරු හා බෞද්ධ දානපතිනිය ගැන සුචරිත කටහොල්ලා නැත. ස්වයං විවේචනයේදී තමන් ගගෙන් දිය බී මුහුදට ආවැඩූ බව කියා නැත. ලෙඩ ඇඳේ මඤ්ඤොක්කා බෙහෙත් ගනිද්දී නම් මේ ගැන කියමින් කෙඳිරි ගෑවා යයි සමහරු කියති.

සුචරිත බීමට ඇබ්බැහි වූයේ විශ්වවිද්‍යාලයේදීය. සරච්චන්ද්‍ර පස්සේ වැටුණු කාලයේය. මෙය ඇතැම් වෙබ් නාට්ටාමිලාට බොහෝම සුලූ දෙයක් විදිහට පෙනුනත් ශාස්ත‍්‍රය හැදෑරීමට සරසවියකට ගිය පුද්ගලයෙකුගේ චරිතය පිරිහීම පෙන්වන ශෝචනීය අවස්ථාවකි. සුචරිතගේ චරිතය දුසිරිත් චරිතයක් වී විනාශ වන්නේ ඇතැමුන්ට නාට්‍ය දෙවියෙකු වූ සරච්චන්ද්‍ර නමැති ආචාර්යවරයා ඇසුරු කිරීමෙනි. පැවිද්දෙක්ව සිටියදී සුරාමේරය සික්ඛා පදය කියවමින් උපාසක උපාසිකාවන්ට අවවාද කළ හාමුදුරුවන්ට උගතෙකු වී සිවුරු හැරිය පසු බෝතලේ මොන තරම් වටිනා දෙයක් වුණාද කීවොත් ආචාර්ය සුචරිත ගම්ලත් සමහර හැන්දෑවල ගෙදර ගියේ තනිකරම බේබද්දෙකු ලෙසිනි. අතින් අල්ලාගෙන නුගේගොඩ හන්දියෙන් සුචරිතව ගෙදර කැඳවාගෙන ගිය ගෝලයෝ සිටිති.

ඉරිදා දිවයින වැනි සිංහලයින් විශාල පිරිසක් කියවන පත්තරවලට ඔහු සුරාවේ අගය වර්ණනා කෙරෙන ලිපි ලීවේය. අරක්කු බීම මීවිත තොලගෑම යයි ලස්සන භාෂාවෙන් සඳහන් කෙරුවේ රටේ සිංහල තරුණ පරපුරට බීපල්ලා යන පණිවිඩය සපයමිනි. සිංහල බෞද්ධයන්ගේ නිල පුවත්පත ලෙස පෙනී සිටින දිවයින සති අන්තයේ පුවත්පත සමඟ ‘මීවිත’ නමින් අතිරේකයක් බෙදාහරින්නේද රටේ අරක්කු සංස්කෘතිය බෝකිරීමට අනුබලදීමක් වශයෙන්ද යන්න සොයා බැලිය යුතු කරුණක් වන්නේ සුචරිතගේ පාපමිත‍්‍රයන් දිවයින පුවත්පතටද අරක්ගෙන සිටිනබැවිනි.

‘ලේක් ක්ලබ්’ එකේ අඩි ගසා වැනි වැනී වැව රවුමේ සරච්චන්ද්‍ර පස්සෙන් නාඩගම් ගී කිය කියා ගිය හැටි මහ වටිනා දේ ලෙස පත්තරයෙන් වර්ණනා කරද්දී ඒවා කියවන තරුණ සිසුන් මොනතරම් මානසික පිරිහීමකට පත්වේ දැයි සිතන්න. එබැවින් සුචරිත තරුණ පුරපුරට සැඟවුණු හතුරෙක් වූයේය.

සුචරිතගෙන් වැඩගත් අය හැරුණු විට ඔහු සමග රැලේ ගිය පිරිසක්ද වූහ. මොවුහු සුචරිත මියගිය පසුව මළසිරුරකින් ඉවත්වෙන උකුණන් මෙන් හිමින් හිමින් සුචරිතගෙන් ඈත් වූහ. සුචරිතව නොදන්නා අය මෙන් හැසිරෙන්නට වූහ. ඊට හේතුව සූකරබාහුලා හා ඇල්ටීටීඊකාරයන් සුචරිතව වර්ණනා කරද්දී ඔවුන්ගේ ගොඬේ බැස අසූචි නාගන්නට ඔවුන් අකමැති වූ නිසා යයි සමහරු කියති.

සුචරිත මිය ගිය පසුව වෙබ් අඩවි මගින් ‘අපේ සගයෙක් මළා’, ‘බුද්ධි සද්දන්තයෙක් වැටුණා’, ‘මහ පඩිරුවන නිවී ගියා’ ආදී කතා කිය කියා බෙරිහන් දෙන්නෝ සුචරිතගෙන් වැඩක් නොගත් හා සුචරිත සමග රැලේ නොගිය අයයි. ඉස්සර අපේ ගම්වල කමත්වල කොළපාගද්දී ගමරාළලා ගොවිරාලලා සමග කුඩා දරුවෝද කමතට එති. අම්බරුවන් දැක්කීමේ වරම නොලැබුණත් කුඩා එවුන්ට ගොම්පස් ඇල්ලීමට අවස්ථාව ලැබේ. ‘සුචරිත මගේ මිතුරා’, ‘මගේ ආචාර්යවරයා’ කියමින් මොරදෙන්නවුන් කරන්නේත් ගොම්පස් ඇල්ලීමකි. එහෙත් ඔවුන්ට උපකාර කරන මහ එවුන් නැත. ඔවුහු රැලේ ගිය අයගේ මිතුරෝද නොවෙති. වෙබ් අඩවිවලින් පකීර්ලා බව පෙන්වන මානසික අනාථයෝම වෙති

Advertisements



අනවශ්‍ය දේවල්

  • 160,869 ක් බැළුවා

මරුවා වැහෙන දින

මැයි 2013
බ්‍ර සි සෙ
« අප්‍රේල්   ජුනි »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරු ඒවා