08
ජුනි
12

For Ranil… ෆෝ රනිල්

ගෞරවනීය දෙමාපියන්ගේ නැති බැරි කම් නිසා සිවුරු ඇඳගත් පූජකවරුනි, මුදල් ගෙවා ගේමක් දී පාර්ලිමේන්තු වරප්‍රසාද ලබාගත් ගරු මැති ඇමතිවරුනි, පාර්ලිමේන්තු යන්න බැරිවූ නිසා පලාතේ මිනිසුන්ටත් රටටත් බරක්වුනු  ගරු ආණ්ඩුකාරතුමනි, බිරිඳ සතුටු කිරීමට රජයේ වියදමින් දීර්ග නිවාඩු කාලයක් ලබාගත් රස්තියාදුකාර විදේශ තානාපතිවරුනි, මුදල් හදිස්සියකින් පෙලෙන පලාත් සභා මන්ත්‍රීවරුනි, ගෙවල් සාදාගැනීමට ඉඩම් අල්ලාගැනීමට බඩුගැසීමට දේශපාලනයට පැමිනි මිත‍්‍රවරුනි, රස්සාවක් නැති නිසා සහ අධ්‍යාපනය කඩාකප්පල් කරගත් නිසා තමා තමන් සමගම කේන්තියෙන් දේශපාලනයට පැමිනි සහෝදර සහෝදරියනි, බිස්නස් පාඩුවී ණයවී ඇති නිසා බැංකුවල ණය ගෙවාගැනීමට නොහැකි නිසා උදව් ඉල්ලා ගැනීමට දේශපාලනයට පැමිනි පාක්ෂිකයිනි, තාත්තා අම්මා පක්ශයේ වැඩ කල නිසා තමනුත් මේ පක්ෂයේ සාමාජිකයෙක් යැයි සිතනා සහෝදර සහෝදරියනි, මම ලොයර් මම උගතා මට තව ගානක් හම්බකරගැනීමට නම් අපගේ පක්ෂය හොඳ යැයි සිතනා  සහෝදර සහෝදරියනි, මහත්තයා මට සල්ලි දේවී ඒක නිසා මමත් ඉන්නවා යැයි සිතන සහෝදර සහෝදරියනි, මෙලෝ හසරක් නැති තේරුමකුත් නැති කමකට නැති මිනිසුනි. ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුනි, විශේෂයෙන්ම මම මාර පොරක් මම විස්ස විජ්ජාලෙත් ගිහින් තියෙනවා මම ලොකු ලොකු පොත් දැකල තියෙනවා යැයි සිතනා මගේ අදහස් මාරයි එනිසා මට කවුරුත් ඇහුම්කන් දෙන්න ඕනෑ“ යැයි කලබලවුනු ශිරාල් ලක්තිලක මහතාණනී. 

ආයුබෝවන් ! වනක්කම් !  අස්සලාමු අලෙයිකුම් !

අද ඔබලාව හමුවීමට ලැබීම ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා.

අද මගේ මේ විශේෂ කතාව පැවැත්වීමට අවස්‌ථාවක් ලැබීම ගැන මා ඉතාම ආඩම්බර වෙනවා. අප පක්‍ෂයේ පළමුවන පෙළේත් දෙවැනි පෙළේත් සමාජිකයින් හා පසුපසත් වාඩි වී සිටින සියලුම සමාජිකයින්ටත් සහ අප පක්‍ෂයේ අතීත නායකත්වයටත් ස්‌තුතිවන්ත වෙනවා.

පසුගිය කාලයේ මැතිවරණවලදී පෙරමුණට විශාල ජයග්‍රහණයක්‌ ලැබුණු බව හා එක්‌සත් ජාතික පක්‍ෂයේ ආණ්‌ඩුව අන්ත පරාජයකට පත්වූ බව තමුන්නාන්සේත් අප කවුරුත් හොඳාකාරවම දන්නා වූ කරුණක්‌. මේ පිළිබඳව ඇමැතිතුමන්ලා ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුත් කතා කළා. ඒ සෑම අවස්‌ථාවකදීම පෙනුන මූලික ලක්‍ෂණයක්‌ නම් එක්‌සත් ජාතික පක්‍ෂයේ හිටපු මන්ත්‍රීවරුන්ටත්, එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්ති වලටත්, ඔවුන් පහර ගැසීමයි.එපමණක් නොව අපේම සාමාජිකයින්ද අපටම පහර ගසති. මේ අවස්‌ථාවේදී අපේ පක්‍ෂයේ ගරු මන්ත්‍රීවරුන්ටත් මා එක්‌ කාරණයක්‌ මතක්‌ කරන්නට සතුටුයි. දැන් තමුන්නාන්සේලා එක්‌සත් ජාතික පක්‍ෂයට පහර ගැසුවා ඇති. තමන්ගේ මිනිසුන් ගැන හිතන්න.

මේ ආසනවලට සිටගෙන ඉතාම අලංකාර ඉතාම ශක්‌තිමත් භාෂාවෙන් මනරංජන භාෂාවෙන් ඉතාම ප්‍රබල අන්දමින් මගේ අදහස්‌ ප්‍රකාශකරන්න කැමතියි. අප පක්‍ෂයේ සිටින මන්ත්‍රීවරුන් මාගේ ප්‍රතිපත්තිවලට ගරු කරනවා නම්, මාගේ නායකත්වයට ගරු කරනවා නම්, මේ අවස්‌ථාවේදී මතභේද අමතක කර දමා අපේ ජයග්‍රනය ගැන කල්පනා කළ යුතු බව මා පෙන්වා දෙන්නට සතුටුයි.

ගරු මහත්වරුනි, මේ අවස්‌ථාවේදී සභාවේ සිටින සියලු දෙනාටම පෞද්ගලිකව මගේ හෘදය සාක්‍ෂියේ තිබෙන ඉතාම වැදගත් කරුණු කීපයක්‌ මතක්‌ කර දෙන්නට සතුටුයි. මේ අදහස් පිළිබඳව ඉතා ගැඹුරින් කල්පනා කරන මෙන් මා උදක්ම ඉල්ලා සිටිමි.

පළමු කරුණ ලෙස රටේ ජනතාව යනුවෙන් කෙනෙකු නැති බව මා විශ්වාස කරමි. ඔබ එයින් පුදුම වුවත් සත්‍යය වන්නේ ජනතාව යනුවෙන් කිසිවක් නැති බවයි. ඔවුන් සියල්ලෝම කිසියම්මහෝ පක්ෂයක පාක්ෂිකයින්ය.

එසේම ජාතිය යන්න ව්‍යවහාර වචනයක් වන අතර එම වචනය ඕනෑම අයෙකුට තමන්ට රිසි ලෙස අර්ථකථනය කරගත හැක. එනිසා එම වචනයට නොරැවටෙන්න. එය ඉතා කපටි වචනයකි.

රට යනුවෙන් අප හඳුන්වන භූමිය ස්ථාවර සීමාසහිත එකකි. රටක මායිම් නැත.  නැතිනම් එහි මායිම් මෙටාපිසිකල්ය. (පාරභෞතිකය හෙවත් මනස්ගාතය) එසේම දේශපාලනය කිරීමට රටක් අවශ්‍ය නොවේ. දෙමල ඩයස්පෝරාව එයට හොඳ උදාහරණයකි.

තම භාෂාව ගැන ඇල්මක්‌ ඇති කරගන්න. දේශපාලණය සම්පූර්ණයෙන්ම රඳාපවතින්නේ භාෂාව මතය. ඔබ එය හසුරුවන ආකාරය මගින් නායකත්වයේ ඇති රෞද්‍රබව නැතිකරනු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය භෞතික කරුණක් නොවේ. එය එක් එක් සාමාජිකයාට අනුව වෙනස්වන හෙයින් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් මා තීන්දු ගන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදය කිසිවෙකුටවත් අවශ්‍ය දෙයක් නොවන අතර කිසිවෙකුට එය සොයා ගැනීමටද නුපුළුවන. ලොව කිසිදු රටක පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය නැත. මා එයට කෙසේවත් යටත්වන්නේ නැත.

ආගම්, 21වන ශතවර්ශයේ දී සියළුම ආගම් දේශපාලනයට අවශ්‍යවන අභෞතික නොනිල පරිපාලන ව්‍යුහයක් වන අතර මා කිසිදිනෙක ආගම විශ්වාස නොකරමි. එසේම පුජකයින්ගේ අවවාදද පිළිනොගනිමි. පුජකයින් විසින් දේශපාලකයින්ට දෙන අවවාද හිස් ප්‍රලාප පමණි. ඔවුන්ගේ අරමුණු ගිහියෙකුගේ අරමුණුවලටත් වඩා තිරස්චීනය. පුජකයින් දේශපාලනයට අවවාද කිරීම මගින් ඔවුන්  ආගම මෙන්ම දේශපාලනයද විනාශකරති. මහනුන් හා පූජකයින් තම සත්‍යාවභෝදය පසෙක දමා දේශපාලනයට ඇඟිලි ගැසීම ආගමේ සීමාව ඉක්ම යාමකි. සැබැවින්ම කිසිවක් නොදී ඔවුන් දේශපාලනිව භාවිතාකිරීම ඉතාම නිවැරදි දේශපාලනය යැයි මම සිතමි.

සත්‍ය යනුවෙන් විශේෂවූ යමක් මම දකින්නේ නැත. එය වචන හරඹයකි. ඔවුන් පවසන දෙය පමණක් මා සත්‍ය ලෙස ගතහොත් මට අනෙක් පාක්ශිකයාට ඇහුම්කන් දීමට බැරිවනු ඇත. එසේම විශ්ව විද්‍යාලවලින් බිහිකරන උගතුන් කිසිවිටෙකත් සත්‍යවාදී නැත.

දේශපාලනයේදී මා වඩාම කැමති වන්නේ නූගත් පාක්ෂිකයින්ටයි. එමගින් මා මගේ නායකත්වය ආරක්ශා කරගනිමි. නූගතුන් ඉතා ක්‍රියාශීලිවන අතර දැඩිලෙස පාක්ෂිකය. ඔවුන් දිගුකලක් සාමාජිකත්වය දරණුයේ පෙරලා කිසිවක් බලාපොරොත්තු නොවෙමිනි.   

බුදු දහමේ සහ හින්දු ආගමේ උපන් භූමිය වු ඉන්දියාවත් ශී‍්‍ර ලංකාව, නේපාලය, බංගලාදේශය, මාලදිවයින මෙන්ම තමන්ට උතුරින් පිහිටි මියන්මාරය, ඇෆ්ගනිස්තානය යන සෑම රටක්ම පවත්වා ගෙන යන්නේ යහපත් මිත‍්‍රශීලී සබඳතා නොවේ. යැයි ඔබ පවසන විට එය සත්‍ය නොවේ. ඔබට අවශ්‍ය වන්නේ සැඟවී සිට පවත්නා රජයට උදව්වන යමක් පැවසීමටය. එසේම එය පාක්ශික මතවාදයක්ද නොවේ.

ඔබ ඉදිරිපත් කරන අන්තර්කාලීන නායකයා හෙවත් කරු හෝ සජිත් තාවකාලික නායකත්වයට පත්කිරීම යනු චොකලට් තැවරූ ගූගොඩකි. කිසිදිනෙක නායකත්වයට මා සුදුසු නොවනබව එක්වරක්වත් පිළිගතහොත් කෙදිනකවත් එය නැවත නිවැරදිකරගත නොහැකිවනවා පමණක් නොව වෙනත් අයෙකු තාවකාලිකව හෝ සුදුස්සෙකු ලෙස පිලිගත්තා වනු ඇත. අද වැනි කාලෙක එය කිසිසේත් අවශ්‍ය නොවන අතර අප පක්ෂය තුල තවමත් මට වඩා සුදුස්සෙකු නොමැති බවද මම දනිමි.

ලංකාවේ පංති යනුවෙන් යමක් නැත. එය ඔබලාගේ මනස්ගාතයක් වන අතර අප පක්ශය තුල සිටින්නේ මුදල් හදිස්සියක් ඇති බහුතරයක් හා මුදල් හදිස්සියක් නැති සුළුතරයකි. අපගේ දිර්ඝකාලීන විශාල සාමාජිකයින් පිරිසක් දෙවන කාන්ඩයට අයත්ය.

“පළමුව බලය බෙදා හදා ගැනීම පිළිබඳ අපගේ ස්ථාවරය වෙත යොමු වෙමු. අප ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය හා බලය බෙදීම පිළිබඳ ශ‍්‍රාස්තාලීය අධ්‍යාපනයක් සිදු කළ අයෙක් වනවාසේම බලය බෙදීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක්ය යන පදනමින් විශ්ව විද්‍යාල දේශපාලනයේ සිට අද දක්වා ස්ථිරසාරව පෙනී සිටිමින් විවිධ අතරවර හා බාධා මැද්දේ වූවද තම මතය වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයෙකි.  මාගේ බලය බෙදීම පිළිබඳ ස්ථාවරය ස්ථිරසාරය.“

 ඉහත ඔබගේ අදහස සම්පූර්ණයෙන්ම සාවද්‍යය. ඔබ මේ පවසන්නේ කුමක්ද?

ඔබගේ විශ්වවිද්‍යාලීය අධ්‍යාපනය යන්න ඉතා ඉහල තලයක දැනුමක් ලොකු දෙයක් ලෙස හුවාදැනක්වීම පිළිබඳව මගේ කණගාටුව  ප්‍රකාශකර සිටිමි. ඔබත් මාත් දන්නා පරිදි අපගේ විශ්ව විද්‍යාලීය අධ්‍යාපනය සාර්ථක එකක් නොවේ. එය සාර්ථක ද නැද්ද යන්න වසර 50ක අඳුරු ඉතිහාසය හා තෙවරක් මෙරටේ සිදුවූ කැරළි සාක්ෂි දරනු ඇත. එසේම අපගේ විශ්ව විද්‍යාලීය අධ්‍යාපනය ග්‍රාම්‍යය නැතහොත් කෘෂිකාර්මිකය. එය කෙසේවත් දියුණු බුර්ෂුවා අධාපනයක් නොවේ. එම අධ්‍යාපන ලත් ඔබ වැනි අය රටක් පාලනය කරන හැටි ගැන නායකයෙකුට ඇඩ්වයි  කිරීමට සුදුසුකමක් නොවේ. පක්ශ කාර්‍යාලයට පහරදුන් දිනයේ ඔබගේ හැසිරීමෙන් එය ගම්‍යමාන වේ.

බලය ශුද්ධවූ යමක් ලෙස හුවාදක්වා ඇති ඔබගේ අදහස ද වැරදි මතයකි. බලය යනු ආර්ථික ක්‍රියාවකි.

තවදුරටත් එය ඔබට පැහැදිලි කරදෙන්නේ නම්, පක්ෂය යනුවෙන් යමක් නැත. පක්ෂය යනු මිනිසුන් කිහිපදෙනෙකුගේ ඉතා සරල ආර්ථික සම්බන්ධතා ජාලයක ක්‍රියාකාරකමක් මිස බැරෑරුම් සම්බන්ධතාවක් නොවේ. එසේම මුදලට ඉතාකෑදර මිනිසුන් කීප දෙනෙකුගේ සම්බන්ධතාවයකි. ඹවුන්ට ඇත්තේ සරල ආර්ථික උවමනාවන් කීපයකි. එම ආර්ථික වැඩපිළිවෙල සඳහා අවශ්‍යවන බලය ලබාගැනීම අප හඳුන්වන්නේ පක්ෂය යන නමිනි. පක්ෂය යනු ඉතා වැදගත් යමක් නම් අප පක්ෂයේ සිට තවත් පක්ෂයට යන මිනිසුන් හා නැවත අප පක්ෂයටත් පැමිනෙන මිනිසුන් ගනන බලන්න.  පක්ෂය යනු ඉතා සරල සම්බන්ධයකි. අප පමනක් නොව මාක්ස්වාදී යැයි කියාගන්නා මිනිසුන් කී දෙනෙක් අප සමග සිටිනවාද යන්න ඔබට පෙනෙනු ඇත. එනම් ඉතා දුප්පත් මාක්ස්වාදී තියරි බී ඇති සමාජවාදීන් පවා උන්ගේ බොල්ෂෙවික් පක්ෂය ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස දකිති.

ගරු මහත්වරුනී අවංකහාවය යනු මානුෂික ගුනාංගයකි. මට එය අදාලවන්නේ නැත. මට ඔබලා කිසිවෙකු අවංක වූවාට හෝ නැතිවූවාට කමක් නැත. දේශපාලනයේදී  අවංකව ක්‍රියාකරන්නා ඉක්මනින් විනාෂ වේ. එනිසා හුදී මහාපරිමාන සාමාජික මිනිසුන් තම පවුල් දිවිය ඇතුලේ හාවිතා කරන “අවංකහාවය“ අප පක්ෂය තුලට රැගෙන ඒමෙන් වලකින්න.

නිදහස විප්ලවවාදීන්ට ඉතා රසවත් වචනයක් වුවද ඔනෑම සමාජවාදී රටකටත් වඩා බෙහෙවින් ඉතා විශාල නිදහසක් ධනවාදී රජයක ඇත. ඔබ නැවත නැවත නිදහස සොයන විටදී  ධනවාදී රජයක නිදහස තව තවත් පුළුල් වන විට සමාජවාදී රටකට නම් එය පටු වී අර්ධ මිලිටරි පාලනයක් දක්වා පසුබසී. ධනවාදියෙකු වන මම ඔබට ඔබ කැමති ආකාරයේ නිදහසක් ලබා දීමට කැමති අතර නිදහස යන වචනය භාවිතා කරමින් ඔබ රජයක් පෙරලීමට උත්සාහ කරන්නේ නම් එය ජවිපේ සමාජවාදය වැනි යමකි. එනිසා එවැනි නොමේරූ ක්‍රියාවකට මම කිසි විටෙක කැමති නැත.

පූර්ණ සමානාත්මතාවය සමලිංගිකය. එයට විෂම ලිංගික මිනිසුන් කමැති නැත. එනිසා මා සමානාත්මතාවය පෙනුවෙන් පෙනී සිටියත් විෂම ලිංගික මිනිසුන් අධික ලෙස සිටින රටක ඔබට සමානාත්මතාවය රහසින් විඳින්න සිදුවීම පිළිබඳව මම කනගාටුවෙමි.

දෙවියන්ගේ පුත්‍රයා විසින් මිනිසුන් සඳහා දේශනාකල රෝම ලන්දේසි නීතිය නිසා අපගේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව කිසිදිනෙක සම්පූර්ණකරගත නොහැක. එය බොහෝ අඩුපාඩු සහිත බව මමද පිළිගනිමි. ඔබ යුරෝපීය දෙවියන්ට නොව ඉන්දියානු බදුන්ට වන්දනා කරන හෙයින් අපගේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩුපාඩු දැකීම ගැන මම පුදුම නොවෙමි.

අප රටේ කිසිදිනෙක එක්සත්භාවය තිබුනේ නැත. නැවත කිසිසේත් එක්සත්භාවය ඇතිකල නොහැක. වෙන්වීමේ ආශාවෙන් පෙළෙන්නේ ලංකවේ ද්‍රවිඩයින් පමනක් නොව. අපගේ මැලේ බර්ගර් වැද්දන්, හා දෙමළ බස කතාකරන ජාතීන් බොහොමයක් එක්සත්ව නොසිතන අතර කිසිදු හේතුවක් නැතිව වුවද සියල්ලෝම වෙන්වීමට කැමතිය. අවසර දෙන්නේ නම් ඉන් ඔබ්බට ඉතා කුඩා ආගමික කන්ඩායම් පවා වෙන්ව සිටීමට කැමතිය. එනිසා එක්සත්භාවය හුදු දේශපාලනික වචනයකි. එම වචනය යොදා ඔබට රජයට පහරගැසිය හැක. එය කරන්න. නමුත් සියළු නායකයින් එක්සත්භාවය යන වචනයට යටින් ඇති ඔබගේ ඇටදෙක  දකිනු ඇත.    

සියලුම මිනිසුන් වෙන්වී සිට තමන්ගේම ඉඩමක තමන්ට කැමති දේ ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් සිදුකිරීමට කැමති ලොවක, ජාතිකත්ව දේශපාලනය විහිලුවක්බව මගේ දැනුමයි. ජාතිකත්ව දේශපාලනය යනුවෙන් ඔබ පැහැදිලි කරනා ශුද්ධ වූ දෙය අනිකක් නොව මා වෙත පහරගැසීමට ඔබ විසින්ම ගොඩනගනා ඔබේම මනස්ඝාතයකි. මෙය පැහැදිලි කර ගැනීමට ඔබ මෙන් තැනින් තැනින් ඇහිඳිමින් නොව, සෘජුවම අප පක්ෂයට විකල්ප මතයක් ගෙන එමට කරුණු පැහැදිලි කරන සමබිම වෙත යන්න.

ඉතාදිගු කලක් රාජ්‍ය බලය හෙබවූ අප පක්ෂය ජනාධිපති ක්‍රමය ගෙන ආවේ එමගින් රටට අඩුපාඩුවක්ව ව පැවති ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා බව අප සාමාජික මහත්වරු හා න්‍යායවේදීන් සැවොම පටලවාගන්න එක් කරුණකි. මෙම සුවිශේෂිවූ ක්‍රමය සඳහා දායකත්වය ලබාදුන්නේ අපගේ රජයයි. ජනාධිපති ක්‍රමයනිසා පොදු පෙරමුණ ශක්තිමත් රජයක් වීම අපට අළුත් අත්දැකීමක් නොවේ. අප එය අන්මත කරද්දී සාකච්ඡාකල කරුණකි. පැරනි හැන්සාඩ් වාර්ථා බලන්න. ඒ අනුව  ඔබ එකී ක‍්‍රමයේ ඵල නෙලා ගත් පක්‍ෂයක් ලෙස තවමත්, එකී ගථිකයට මුහුණ දීමේ හැකියාවක් හෝ පරිචයක් ගොඩනඟා ගෙන ඇති බවක් පෙනෙන්ට නැත. හේතුව ඔබගේ ළදරු මානසිකත්වයයි. පක්ශයක් බලයට පත්වූ මුල් අවුරුදු 3-4 ඔවුන් කොහොමත් ශක්තිමත්ය. එය දෙවනවරට බලයට පත් රජයක් වුවද නීත්‍යානුකූලව හැර එම රජය පෙරලීමට කිසිවක් කල නොහැක. එය වැලැක්වීම අපගේද වගකීමක් බව තේරුම් ගත යුතුය.  

යුද්ධය වසර 45කට පසු (සැබැවින් නම් සර 55ක්.) පසු අප රට කැරළි කෝලාහල නැතිව වසර 3ක් ගතවූවා පමනි. එය සැබැවින්ම ලබාගත්තේ මෙම රජයයි. නන්දිකඩාල් කලපුව ඇතුලේ මීට වසර තුනකට පෙර යුද්ධය අවසන්කලේ මෙම රජයයි. ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ‘‘ස්වාධිපත්‍ය’’ එ තැනින් නැවතත් සුරක්‍ෂිත කිරීමට ආරම්භයක් දීමට හේතු වවූවේය. නැතහොත් ඔබ වෙනුවෙන් එම ජයග්‍රහනය ලැබූවේ මෙම රජයෙන් බව මම පිළිගනිමි.

මම වසර ගනනාවක් මාක්ස්වාදය, සම්භාව්‍ය මාක්ස්වාදය, දයලෙක්තික භෞතිකවාදය හදාරා ඇත. එසේම නැත්නම් ලෙනින්වාය, ට්‍රොට්ස්කිවාදය, හෝ තවත් බෝහෝ රැඩිකල් මිනිසුන්ගේ පාලනයන් හදාරා ඇත. නමුත් මා දන්නා පරිදි අතීත මාක්ස්වාදීන් පවා පාලනයේදී මහජන ව්‍යාපාරයක් තුළින් ආණ්ඩුව පෙරලීමට ඉඩ දෙන්නේ නැත. රජයක් සෑම විටම වාමාංශික පක්ෂයකට වඩා ඉදිරියෙන් සිටිති. එසේම ආන්ඩු පෙරලීමේ හැකියාවද මම අවතක්සේරු කරමි. නැතහොත් වලක්වාලමි. මා වෙතින් කිසිවිටෙක ජන බල මෙහෙයුමක් ගොඩ නොනැඟීමට ඉඩක් ලැබෙන්නේ නැත. තමන්ගේම ආණ්ඩුව පෙරලීමට එරෙහිව කටුනායකට පැමිණි පාක්‍ෂිකයන් පෙරළා හරවා යැවූයේ රටක් පාලනය කරන විට මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය පවතින්නේ පාලකයා වූ මා අතෙහි වන බැවිනි.

ඔබ සැබැවින්ම ලිබරල්වාදී නොවන බව ඔබ ඇසුරු කරන කාන්තාවන්ගෙන් මා අසා ඇත. එනිසා මාද ලිබරල් නොවෙමි. ලංකාවේ ලිබරල්වාදීන්, සමාජවාදීන්, ධනවාදීන්, හා මාක්ස් ලෙනින්වාදීන්, නූතනවාදීන් හෝ රැඩිකල් මිනිසුන් මෙතරම් අතිපිහිත වන්නේ ඇයිද යන්න කරුනාකර අධ්‍යනය කරන්න.   

මට නම් චන්ද්‍රිකා බණ්ඩාරනායක යනු ලංකාවේ ඡන්දදායකයාගේ ඉතාම සුදුසුම තේරීමයි. ලංකාවේ ඡන්දදායකයින් එවැනි කාලකන්නි,  මුග්ධ, තේරීමක් සිදුකලේ ඉතිහාසයේ පලමු වතාවටය. ඇය අපගේ තුප්පහිම පාලිකාවය.

මධ්‍යම ප‍්‍රමාණයේ ආදායමක් ලබන රජය යුද්ධය ජය ගනු ඇතැයි මා පවා සිතුවේ නැත. නුමුත් එය ඔවුන් විසින් සිදුකල අතර එයට හිමි කාලය අප විසින් ලබා දිය යුතුය. එවන් කාලයක පිස්සු දේශපාලනික නැටුමක් මගින් රජය පෙරළීමට සිතීම ළදරු වලිප්පුවක් විනා වෙන කුමක්ද ? අනික රජය වෙනස් කිරීමට තව වසර 3ක් පමණ ඇති අතර ඡන්දයකින් හැර එය පෙරළාදමා රජයක් පිහිටවූව හොත් ඉන් පසුව සිදුවන දෙය පිළිබඳවද අප වගකිව යුතුය.  ඔබගේ වයසට අනුව ඇති මුදල් හදිස්සියක් නොවේනම් මේ අවස්ථාවේ රජය පෙරලීමට ඔබ හැර කිසිවෙකුගේ උදව් ලබාගත නොහැකි වේ. එසේම ඔබට අවශ්‍යව ඇත්තේ උපක‍්‍රමිකව හෝ රජය මාරු කිරීමටය. එසේ එන්ජිම මාරු කිරීමට මා  එකඟවීම, මා එය නොකරන විට එය රටතුල සාමයේ පදනම වනු ඇත.

නොව පක්‍ෂයේ තීරණ ගැනීමේ කි‍්‍රයාවලියේ වෙනසක් ඇති කිරීමට ද ඔබට අවශ්‍ය වන්නේ මා ඉහත කී මුදල් හදිස්සිය මය. එය ඔබගේ අඩුපාඩුවකි. එ නිසා හැම දෙයක්ම පට් පට් ගාලා ඉවරකරන්න හදිස්සි වන ගෝත්‍රික ඔබලාට විපක්‍ෂයේ වර්තමාන අභියෝග ගැන කතාකල හැක්කේ මා ඉහත සඳහන් කල පදනමේ පිහිටා බව තරයේ අවවාද කර සිටිමු. කරුණාකර ඔබගේ දැඟලිල්ල නතරකර ගන්න. 

ඔබගේ සද්ද දාන යුඇන්පී මිනිසුන් කී දෙනෙක් සතියක් පෙළපාලි යමු කීවොත් …කී දෙනෙක් එයිද ? ඒ වගේම ආන්ඩුවක් පෙරලන්න එහෙම පෙළපාලි විතරක් මදිය. ජාත්‍යන්තර සහායද තිබිය යුතුය. නමුත් ජාත්‍යන්තරය එය සාධාරනද යන්න සොයා බලනු ඇත. අපිත් ඔබත් රහසෙ කැමතිව සිටි දෙමල කොටි සංවිධානයේ නායකයා විනාශකල නිසාත් සහ අපි හරි හොඳයි, දෙමල මිනිස්සුන්ට අපි ආදරෙයි… මේ ආන්ඩුව තමයි නරක කියන දේ තමයි ඔබලා කියන්නේ…නමුත් අපිත් කොටි ප්‍රශනය ගැන සෑහෙන්න වද වුනු බව ඹබලාට දැන් අමතක වුවත් මට අමතක් නැත.

තමුන්නාන්සේලා වටවෙලා මේක කරමු ! අරක කරමු ! ආදී වශයෙන් හැම දේම කරමු ! කරමු ! කියා කියන්නට පුළුවනි. එවායින් කල හැක්ක හා කල යුත්ත සොයාගෙන මේ රටේ කාගේත් හිත් දිනාගෙන සියලු ජාතීන්ට සුදුසු ස්‌ථානය දෙමින් තමුන්නාන්සේලාට මා දුන් පොරොන්දු සියල්ලක්‌ම ඉෂ්ඨ කරන්න  බලාපොරොත්තු වෙමින් මම මගේ වචන ස්‌වල්පය මෙයින් අවසන් කරනවා.

රනිල් වික්‍රමසිංහ

Advertisements


අනවශ්‍ය දේවල්

  • 155,632 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූනි 2012
බ්‍ර සි සෙ
« මැයි   ජූලි »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: