13
නොවැ.
11

මුස්පේන්තු වමාලගේ කතා හෙවත් අරූ එනවා… කෙල්ල ගෙට ගනිල්ලා…

ලෝකයේ ආගම් යනු කතා කරුවන්ගේ මහාආඛ්‍යාන ඝනයේ නිමැවුම්ය. කතා කරුවන් යනු අතීතයේ තොරතුරු හා දැනුම බෙදා හැරිය පුද්ගලයින්ය. දානය ඔහුගේ ආදායම් මාර්ගය වන අතර කතා මගින් පින්දීම ඔහුගේ නිශ්පාදනයයි. ක්‍රිස්තු සහ බුදුන් මේ කතා කරුවන්ගෙන් ක්‍රමවත් හා ජනප්‍රිය කතාකරුවන් දෙදෙනෙකි. කුරාණය යනු බාබේරියන් කතාවකි. වඩා වැඩි ප්‍රමාණයක් කතා පැවසිය හැකි කතාකරුවා තමා උගතෙකු බවට පරිවර්තනය කර ගනිති. උගතා යන මිථ්‍යාව ද කතා කරුගේම නිර්මාණයකි.

මාක්ස් අංකල් කංකරුවන්ගේ කථාකාරයාය. මාක්ස්ගේ කතා අසන්නා දුර්වලයෙකි. මාක්ස් දිගටම කංකරුවා පොරක් කර කතා කීවේය. දිගටම කියාගෙන කියාගෙන ගියේය. මේ කතා නම් ඇත්ත තමයි ෂා නියමයි, මාරයි යැයි සිතන්නේ ජවිපේ වැනි ආගමික පක්ෂවල ගොං බයියන්ය. මේ කතාකාර මාක්ස් බූතයා ඇදහීම ‘වමාගම‘ නම් වේ.  පස්සේ කාලෙක මාක්ස් නිසා මිනිසුන් දහස් ගනන් මිලියන ගනන් මියගියේය.

හිට්ලර් බිහිවේ. පොර මාක්ස්ගේ සමාජවාදී කම්කරු කතා අසයි. පසුව ඒවා ඇත්ත යැයි තමන්ම විශ්වාස කරයි. පසුව මිනිහාම කතා කරන්න පටන් ගනියි. කතා කියාගෙන කියාගෙන කියාගෙන යයි.  පස්සේ මිළියන ගනන් යුරෝපය පුරා මියයයි. ලෙනින් රුසියාවට කතා කියයි. ප්‍රව්ඩා නමින් පත්තරයක් පුරාම කතා ලියයි. මාජවාදය බිහිකරන්න ගිය මිනිසුන් දහස් ගනන් මියයයි. මාඕ සේතුං චීනයේ කතා කරුය. චීනයේ පිස්සු ප්‍රාකාරය උඩ නැගලා මිනිහා කතා කරයි. සමාජවාදී කතා කියාගෙන කියාගෙන යයි. මිනිසුන් දහස් ගනන් මියයයි. ක්‍රැස්තෝ අංකල් පැමිනේ. කියුබාවට කතා දෙසයි. කතා කියාගෙන කියාගෙන යයි. දහස් ගනන් මියයයි. ක්‍රැස්තෝ අංකල්ගේ මේ කතා අසා ඇති මිනිසුන් තවමත් රටින් පැන දුවති.

සුද්දන් ලංකාව දමා ගිය විට සේනානායකලා සුද්දන්ගේ කතා සිංහලෙන් කියාගෙන කියාගෙන යයි. ඒ මාර කතා අසා සිටි මිනිස්සු සුද්දා ලඟ බෝයි කම් කල සේනානායකලා අගමැතිවරු කලේය. පසුව බන්ඩාරනායක කතාකරන්න පටන් ගත්තේය. බන්ඩාරනායකගේ කතා සිංහලයින්ගේ රෙද්ද පල්ලෙන් බේරුණි.  පස්සේ කතාකරපුවා දෙපිටින් යයි. බුද්ධාගම් කාරයෝ බන්ඩාගේ කතා ටේටිය වසා දමා ගෑනිට කතාකිරීමට ඉඩදුනි.  බන්ඩාගේ යට තට්ටුව කතා කලාම එක්කෝටියක් පමන බඩගින්නේ සිටියේය. ඇන්ඇම්ලා කොල්වියලා මාකස් සීයාගේ කතා කියමින් රෙද්ද උසසන් දිව්වේය. සිරිමා මුන්ගේ කතාවලට රැවටී ලංකාව සමාජවාදී කොරන්න හාල් පොල්ල දැම්මාම දුප්පත් මිනිස්සුන්ට ගිරෙහෙනිය සෑදුනි. පුක කරුංකා ගෙඩි මෙන් වූ ළමයි පාරේ කක්කා දමමමින් සිටියෝය. දුප්පතුන්ගේ සමාජවාදී බඩගින්න සිරිමාගේ වැහැරීගිය මූණ වගේ විය.

ඉන්පසු ජේආර් කතා කොරාන්න පටන් ගනියි.  කතා කොරගෙන කොරගෙන  ගියේය. උතුරේ උන් දහස් ගානක් මකබෑවුණු අතර ධවල පත්‍රිකාවට විරුද්ධව ජෙප්පන් පෝම් කල ඉස්කෝලෙ කොල්ලන් ජේආර්ගේ ධර්මිෂ්ඨ අඹ ගහට ගල් ගහන්න විය. ගේමට එන්ටර් වුන ප්‍රේමදාස ජේආර්ගේ හෙවනැල්ල ඩැහැගත්තේය. නව ධර්මිෂ්ඨ කතා කොළඹ බයියන්ට තේරෙන විදිහට කතා කරන්න පටන්ගති.  “මැරුවට කමක්නෑ මගේ චරිතය මරන්න එපා“ යැයි කියමින් ප්‍රේමදාසද කතා කලගෙන කලගෙන කලගෙන ගියේය. මේ කතාවල රැප් වර්ෂන් එක ජෙප්පන් ගැයීය. මාක්ස්ගේ පැණිවලින්ද ලෙනින්ගේ සීනිවලින්ද දැවටූ වාමාංශික බූරු කතා කියාගෙන කියාගෙන් ගියේය. මින්සුන්ට කතා පැටලුනි. දෙකටම ආසාවුනු මිනිස්සු  ප්‍රේමදාසගේත් විජේවීර අංකල්ගේත්  කතා රෑ දවල් ඇඳිරි නීති අස්සේද අසා සිටියෝය. විජේවීර අංකල්ගේ පැණි හා සීනි දැමූ කතා ඇසූ ගම් බයියෝ ඉන් මත්වී කැටපෝල් ගෙන පොලිස් කුරුල්ලන්ට විද්දෝය. පොලිස් කුරුල්ලන් අයිතිකාර ප්‍රේමදාස හැට දාහක් වලපල්ලට ඇරියේය. ප්‍රභාගේ බාබු කතා නොකරම සිටියේය. මිනිහා ප්‍රේමදාසගේ කතා පෙට්ටිය සදහටම වසා දැමීය.

සුකොමළිය ප්‍රේමිය හා දියසේන බිරිඳ වූ චන්ද්‍රකාවෝ ප්‍රාදූර්භූත විය. ඇයගේ නලු ප්‍රේමයේ නාමයෙන් රට තමන්ට දෙන්න යැයි කියාගෙන කියාගෙන ගියේය. කඳුළු පෙරමින් හොටු හූරමින් මේ කතා අසා සිටි චිත්‍රපටි ලෝලී සිංහල නැන්දිලා අක්කිලා ‘ප්‍රේමිය‘ චන්ද්‍රිකා මහ පුටුවේ තැබීය. ‘තුහ් නොදකින්‘ චිත්‍රපටයේ පසුබිම් සංගීතය සහිතව අවුරුදු 12ක් මකබෑවුනි.

ජේආර් පප්පාගේ කාලයේ ඉඳන්ම ප්‍රභා බබා උතුරේ දෙමළුන්ට සුරංගනා කතා කීය. අවුරුදු තිහක් වනතෙක්ම කුඩා කොටි බබාලට කියූ ජාතිය රන්විමනක් වේ කතාව නැගලාම ගියේය. මේ කතාවලට චූන්වුනු කොටි බබාලා ලක්ෂයක් විතර සෙත්තපෝච්චි විය. එකම කතාව කියාගෙන කියාගෙන ගිය ප්‍රභා අංකල්ට වතුරවලකදී පොල්ලකින් ගහනකම්ම කතාව නතර කලේ නැත. කුඩා බිලිඳුන්ගේ සිට බඩදරු අම්මලා දක්වා දුර්වල කතා අසන්නෝ චප්ප කර දැමූ ප්‍රභා අංකල් මාරක කතා මරුවෙකි.

කතා අසා සිට නිද්‍රාවට පත්වන බයියෝ ලෝකය පුරාමත් ලංකාව පුරාමත් මිනිසුන් මරා දැමීය. සෑම කතා සරිත් සාගරයකට පසු ලංකාවේ මිනිසුන් දහස් ගනන් නැතිවිය. මේ කතා වලට ගරු කරන භක්තිමත් දාසයෝ කතාකරුවාට පූජා සත්කාර කරමින් අද දක්වා ලෝකයේ බෝහෝ කාලයක් විනාශකර ඇත.

කතා කරුවන්ගේ පිස්සු මංඤඤංවලට මිනිසුන් රැවටීම සඳහා මිනිස්සුම පංසල් පල්ලි, කෝවිල් හා පක්ෂ මූලස්ථාන ඉදිකර ඇත. මේවායේ බලපෑමෙන් මිදෙන්න යැයි කියන මිනිසුන්ට නිදාගැනීම සඳහා හිරගෙවල් හා රෝහල් ඉදිකර ඇත.

ක්‍රිස්තු, වාල්මිකී, මොහොමඩ් අංකල්, මාක්ස් මාමා, බුදුන්, ලෙනින්, හිට්ලර්, මාඕසේතුං, ක්‍රැස්තෝ, සේනානායක, බන්ඩාරනායක, සිරිමා, ඇන්ඇම්, කොල්වින්, ජේආර්, ප්‍රේමදාස, විජේවීර,  චන්ද්‍රිකා, ප්‍රභා, ටිල්වින් පප්පා ආදී බූතයෝ වරින් වර ප්‍රාදූර්භූත වී බහුබූත කතා කියති. මේවාට රැවටී දුහුනෝ කඩේ යති.

සිංහයෙක් අපේ පප්පා කියලා කාන්ඩයක් කඩේ ගියේය. පස්සේ  විජය නම් හොර තක්කඩියා අපේ පප්පා කියන කතාවට ලොකු ලොකු පොරවල් කඩේ ගියේය. දැන් රාවනා නම් යක්ෂයෙක් අපේ පප්පාලු. කඩේ යන්නෝ දහස් ගනනින් මේ සියළුම කතාකරුවන්ට කඩේ ගොස් දස දහස් ගනනින් බල්ලන්සේ මැරී යති.

මිට පස්සේ කවුරු හරි කතන්දර කියාගෙන එකකොට කෙල්ල ගෙට ගනිල්ලා. මාක්ස්ගේ අරකටයි චේගුවේරාගේ මෙව්ව වලටයි විජේවීරගේ පුකටයි රැවටෙන්නැතිව එක එකාගේ ගොන් කතා වලට කඩේ යන්නැතිව තමන්ගේ කතාවක් කියපල්ලකෝ වෙන වැඩක් නැත්තං.

Advertisements


අනවශ්‍ය දේවල්

  • 158,004 ක් බැළුවා

මරුවා වැහෙන දින

නොවැම්බර් 2011
බ්‍ර සි සෙ
« ඔක්.   දෙසැ. »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරු ඒවා


%d bloggers like this: