05
නොවැ.
11

සුද්දාගේ පස්සෙන් ගිය කැත ගෑණුන්ගේ පතිවෘත්තාව

පෘතුගීසි ලන්දේසින් ඉංග්‍රීසි මෙන්ම ස්වීඩන් නෝර්වේ ප්‍රංශ ජර්මන් මිනිසුන්ද වසර 60 70 කට පෙර මංපහරන්නන්ය. නැතහොත් මුහුදුකොල්ල කරුවන්ය. අරාබි ජාතීන් මොහොමඩ් ගේ අණ පිළිපදිමින් තවමත් කරන්නා සේ වහල් වෙළෙන්දන්ය. බටහිර මිනිසුන්ට ගැහැණු විකුණන්නේ අල්ලාගේ කොල්ලන්ය. බටහිර මින්සුන් රටවල් කොල්ලකෑමේ යෙදෙන්නේ මුහුදු මාර්ග වලිනි. ගොඩබිම බලය තිබුණේ මංපහරණ ජාතීන්ටය. මේ දැනට වසර 100කට 150 කට පෙර ලෝකය පැවති ආකාරයි. මානව අයිතිවාසිකම් නැත. පැය 8 සේවාකාලනැත. ආගම්වලින් මිනිසුන් තිරිසනුන් බවට පත් කර තිබුණි. තුවක්කු සීයක් දෙසීයක් ඇත්නම් රටක් අල්ලාගත හැකි විය.

යුරෝපිය ඉතිහාසයම යනු මංපහරන්නන් කීපදෙනෙකු රට රටවල් මංකොල්ල කෑම පිළිබඳ ඇඩ්වෙන්චර් ස්ටෝරීස්ය. කෙසේ වුවද බ්‍රිතාන්‍යයේ බූතයෝ උන්ගේ පාලිකාවය කැමතිය. ඇයගේ සිරුරට කැමෙතිය. ඇගේ ජිවන විලාසිතාවන් අනුකරණය ශිෂ්ටත්වය ලෙස ලෝකයට ප්‍රදර්ශනය කළෝය. මේ නිලධාරීන් හා හමුදාවන්වල මිනිසුන් උන්ගේ රටට ආදරය කළෝය. එනිසා උන් ඇගේ උපන් දිනයට තෑගි කරන්නේ යටත් කරගත් දුප්පත් රටකි. ලෝකයේ බොහෝ රටවල වික්ටෝරියා නමින් නම්කළ ස්ථාන හා මංමාවත්, පළාත්, වැව් පොකුණු, ඇත්තේ එනිසාය. උන් තම රටට දැනුදු ආදරය කරති.

බටහිර මිනිසුන් රටවල් අල්ලා ගත්තාට ඉන්දියන් මිනිසුන් රටවල් යටත්කර ගත්තේ නැත. පකිස්ථානය ඇෆ්ගනිස්ථානය භංගලිදේශය හා තවත් ආසන්න රටවල් කිපයක්ම ඉන්දියාවෙන් කැඩී වෙන්වුණු පුදේශය. මේ නොදියුණු ගෝත්‍රිකයෝ කසිදාක යුරෝපය ආක්‍රමනයකර නැත. ඉන්දියාවද ලංකාව මෙන් ප්‍රාන්ත පාලකයෝ එකිනෙකා මරා ගත් ඉතිහාසයක් ඇති රටකි.

පසුකාලීනව ලෝක සිතියම සකස්වෙමින් ගොඩබම් ස්වාධීන රාජ්‍යයන්ට බෙදෙමින් පැවතිණ. බ්‍රිතාන්‍යයෝ තම ආදර වස්තුව වූ වික්ටෝරියා නම් ගෑනිට තෑගි දීම සදහා රටවල් අල්ලාගනිමින් මුහුදු මාර්ගවල ගමන් ගති. එකල සූවස් ඇල තිබුණේ ද නැත. මේ මිනිසුන් ලංකාවට ආවේ කුණාටුවකට අසුවී අහම්බෙනි. ලංකාව ආක්‍රමණය කිරීමේ උවමනාවක් උන්ට තිබුණේ නැත.

ලංකාව එකල පාලනය කළේ දකුණු ඉන්දීය මිනිසුන්ය. නිවට නියාලු ශරීරයෙන් කුඩා කැත කළු මිනිසුන් සිටි ලංකාව සුද්දන් අල්ලාගන්නේ තමන්ට වඩා පහත් ජාතියක් රට පාලනය කල හෙයිනි. නැතහොත් රට අල්ලා ගැනීම විනෝදයක් වූ හෙයිනි. එසේත් නැති නම් ඉතා පහසු කටයුත්තක් වූ හෙයිනි. ලංකාවේ සිටි ඉන්දියන් පාලකයින්ට සුද්දන් අල්ලාගත් රට පෙත්සම් ගසා අඬලා ඉල්ලූ හෙයින් බන්දේසියේ තබා බාරදෙන තෙක්ම නැවත පලවා හැරිය නොහැකි විය. (සාක්කි බලන්න කන්නාඩියක් ඉස්සරහට යන්න නැත්තම් අරුණි මොනර කිකිලි ගේ පින්තූරක් බලන්න)

සිංහලයින් හා තමනුත් ආවේ දකුණු ඉන්දියාවෙන් බව දෙමළුන් දනිති. නමුත් සිංහලයින් තමන් උතුරු ඉන්දීය ආර්‍යයන් බව පවසා ආර්‍ය නොවන තමන් පහත්කොට සැලකීම දෙමළු රුස්සන්නේ නැත. එනිසා තම හීනමානය, කුලවාදය සහ ජාතිවාදය එකට පටලවා ගන්නා දෙමළු සිංහලයින්ට ගේම ඉල්ලති. දෙදෙනාම නොදන්නා දෙය වන්නේ දෙදෙනාම දකුණු ඉන්දීයවන බවයි. ආහාර, ඇඳුම්, අකුරු ලිවීම, පදිංචියට භූමිය තේරීම, වර්ණ ගැළපීම, කතාකරන විලාසය, උපකරන භාවිතය, කම්මැලිකම හා බෙදී වෙන්වී සිටීමට ඇති කැමැත්ත ආදී ගුණාංග බොහෝ ගණනාවක් දෙදෙනාගේම ඉතාම සමානය. එසේම දෙදෙනාම සංවර්ධනාත්මක නොවන ඉන්දීය වටිනාකම් පද්ධතියක් තම දිවි හිමියෙන් ආරක්ෂා කරති. ආගම, කුලය, පවුල, විවාහ සිරිත් විරිත් මේ අතර වේ.

සුද්දන් මේ අඩුපාඩු දුටුවෝය. එනිසා තව තවත් දෙදෙනා විරසක කරවන රෝම ලන්දේසි නීති ලංකාවේ ස්ථාපිත කළෝය. ඒවා සිංහල හා දෙමළ දෙදෙනාටම මඤඤංය. නීතිය යන්න සිංහලයින්ට හා දෙමළුන්ට තේරෙන ස්ථාපිත ආයතන පද්ධතියක් නොවේ. ඔවුන් දන්නේ රජු නැමැති චණ්ඩියා තමන්ගේ ආශාව මත පනවන නිතිය පමණි. වී ගොවිතැන හෙවත් ඉඩම් පාලනය සඳහා රජු පැනවූ සරල නීති පද්ධතිය ක්‍රමවත් යමක් නොවේ.

ඇඳුම ජාතිකත්වය නියෝජනය කරයි. මිනිසුන් ලෙස ජීවිතය පවත්වා ගැනීමට වියනලද රෙදිවලින් පෙර සැකසූ ඇඳුම් අඳින්නේ දියුණු ජාතිකත්වයක් ඇති මිනිසුන්ය. සිංහලයින් ඇන්දේ ඉන්දීය ක්‍රමයටය. සාරිය වැනි අක්‍රමවත් ලෙස රෙදි ගොඩක් ඇඟෙහි ඔතාගත් ඇඳුමකි. නැතහොත් වර්තමානයේ උඩරට නැටුම්වල පවතින ආකාරයට සකස් නොකළ රෙදි ගොඩක් ඇඟෙහි ඔතාගත් ඇඳුම් වර්ගයකි. එය පෙර සකස්කරගත් ඇඳුමක් නොවේ. ඇඳුම් පිළිබඳ දියුණු තාක්ෂණයක්වත් සංස්කෘතියක්වත්  සිංහලයින්ට තිබුණේ නැත.

සුද්දන් ලංකාව අල්ලාගත් පසු පදිංච්යට සොයා යන්නේ තමන්ට සුපුරුදු දේශගුණය ඇති ප්‍රදේශවලටය. උන් එනතෙක්ම ලංකාවේ කිසිදු වටිනා ආර්ථික කටයුත්තක් සිදුවූයේ නැත. ක්‍රමවත්ව පැවතියේ ඉන්දියාවෙන් ගෙන ආ වී ගොවිතැන පමණි. සුද්දන්ට තමන්ගේ ලස්සන  රැජිනට දෙන්න දෙයක් ලංකාවේ තිබුණේ නැත. වීසිකරන තරමට කසිදු වටිනාකමක් නැතිව තිබූ මැණික් ගල් ඇත්දළ හා සත්ව සම් සැමදා අපනයනයකළ නොහැක. ගම්මිරිස් කරාබුනැටි ආදී බෝග අද වගේම ක්‍රමානුකූල වගාවන් නොවේ.

සුද්දන්ට තිබුණේ විශාල කැලෑවක් සහිත වගාවට සුදුසු භූමියක් පමණි. එනිසා පළමුව තමන් දන්නා කෝපි කඳුකරයේ වගාකළ අතර එය අසාර්ථක වූ හෙයින් තේ වගාව ආරම්භ කරන ලදී. සුද්දන් මෙරට තේ වගාව ආරම්භ නොකළේ නම් තවමත් ලංකාවට වටිනාකමක් ලැබෙන්නේ නැත. තේ වගාව යනු ලංකාවට වටිනාකමක් ගෙනදුන් එකම ක්‍රමවත් වගා ක්‍රමයයි. තේ ගස නැතිවූවා නම් ලෝකයේ මිනිසුන් ලංකාව දකින්නේ ඇෆ්ගනිස්ථානයක් ලෙසිනි.

රැජිනට තේ ටිකක් යැවීම මිස සුද්දන්ට කිසිවක් ඔනෑ වූයේ නැත. වෙන රටවලින් මෙන් ලෝහ ගල්අඟුරු හෝ කාර්මික ද්‍රව්‍ය ලංකාවේ නැත. යුධමය වශයෙන්වත් පරිපාලනමය වශයෙන්වත් ආර්ථිකමය වශයෙන්වත් ලංකාව උන්ට වැදගත්වූයේ නැත. අඩුම තරමින් අප්‍රිකාවෙන් මෙන් ආසියාවෙන් වහලුන් ලෙස මිනිසුන් රැගෙන ගියේ නැත්තේ ලංකාව හා ඉන්දියාවේ මිනිසුන් කම්මැලි කුඩා ශරීර ඇති මිනිසුන් වූ නිසාය.

සුද්දෝ එංගලන්තයට තේ යැවීම සඳහා ලංකාවේ පරිපාලන ව්‍යුහය සකස් කළෝය. කඳුකරයේ තේ කොළොම් තොටට ගෙන ආ යුතුවිය.කරත්තවලින් තේ ගෙන ඒමට පාරක් උවමනාවිය. පාර කැපීමට ශ්‍රමය ලබා ගත හැකිවන සේ නීතියක් පැන වීය. පාර තනන විට යන්ත්‍රසූත්‍ර අවශ්‍ය විය. ඒවා කැඩුණ විට අළුත්වැඩියාකළ යුතුය. එනිසා මරදානේ රාජ්‍ය යන්ත්‍රෝපකරණ කම්මල පිහිට වීය. මේ හදන පාර මැනීම සඳහා මිනින්දෝරු දෙපාර්තමේන්තුවක් තැනීය. මේ වැඩ කරන අතර සිංහලයෝ එකි නෙකා ඇනකොටා ගනිති. එනිසා මේ මිනිසුන්ගේ රණ්ඩු බේරීම සඳහා පොලීසියක් පිහිටවීය. එසේම නිතර නිතර කැරලි ගැසු සිංහලයින් පාලනයට යුද්ධ හමුදාවක් සකස් කළෝය. මේ ආයතනවල සේවයකළ මිනිසුන්ට වැටුප් ගෙවිය යුතු නිසා වැටුප් ගෙවීමට රාජ්‍ය භාණ්ඩාගාරයක් තැනීය. එහි මුදල් පාලකයා සුද්දාගේ මල්ලීය.

එසේම මේ ආණ්ඩුවේ කන්තෝරුවල සේවයට මිනිසුන් අවශ්‍ය විය. සිංහලයෝ මේ සඳහා සුදුසු නැත. උන්ට අකුරු ඉගැන්විය යුතු විය. අකුරු ඉගැන්වීමට පාසැල් නැති හෙයින් තිබුණු මිෂනාරී පල්ලිවල අකුරු ඉගැන් වීය. පසුව මේ පල්ලි ආසන්නයේ සෑදු කුඩා මඩුවක පාසැල් පිහිටවීය. උන් අටේ පන්තියට ඉගෙනගත් පසු රැකියා සඳහා යෙදවීය. වැඩි දුර අධ්‍යාපනය අවශ්‍ය වූයේ රාජ්‍ය පරිපාලනයට අවශ්‍ය මිනිසුන් තැනීමටය. උන් එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් එකට යැවීය. සුද්දෝ තම සේවයට අවශ්‍ය බණ්ඩලා උගතුන් කළේ එසේය. කරත්ත හා ෆෝඩ්ලොරි දෙකක් තුනක් තේ පැටවීමට ප්‍රමාණවත් නොවීය. ඒ සඳහා කෝච්චි පාරක් අවශ්‍ය විය. මේ පාරත් සමග ලංකාවට තව තවත් ආයතන ලැබුණි.

මේ මුළුරාජ්‍ය යාන්ත්‍රණයම සකස්කළේ තේ පිටරට පැටවීමටය. නැතහොත් උන්ගේ ලස්සන රැජිනට තේ පෙවීමටය.

ප්‍රශ්නය වෙනස් වන්නේ සිංහලයින් මේ පරිපාලනයට එන විටය. සිංහල මිනිසුන්ට පොඩි කුඹුරු ඉඩමකුත් ගොඩ ඉඩම් අක්කරයකුත් තිබුණාම හොඳටම ඇතිය. සිංහල මිනිහා මඩ වළකට බැස මාළු අල්ලා ගනී. හම්බන්තොට ඉබේ හැදෙන ලුණු ටිකක් හොයා ගනී. බුලත් විටකුයි රාකට්ටකුයි තිබුණාම මසුරංය. පන්සල්වල සිටි නූගත් හාමුදුරුවරු කියා දෙන බණ ටිකක් ඇහුවාම සිංහලයින් හිතන්නේ තමන් මාර පොරවල් කියලාය. නිවංම යන තරං පිංය.  මෙහෙම ඉන්න ලංකාවේ බයියන්ට සුද්දන් තැනූ රාජ්‍ය පාලනයක් ගැන තේරුමක් නැත. මේ සියලුම ආයතන පිළිවෙලකට පිහිටුවා ඇති බවවත් ඒවායෙන් කෙරෙන දේ ගැනවත් මෙලෝ මලදානයක් මේ සිංහල දෙමළ බයියන්ට නැත.

දැන් මෙහෙම ඉන්න බයියන් මිෂනාරී පාසැලකට යවා අධ්‍යාපනය ලබා දීල මේ රාජ්‍ය ආයතනයක පාලක තනතුර ලබාදෙමු. සිදුවන්නේ මලකෙළියකි. ඌ දන්න රාජ්‍ය පාලනයක් නැත. ඌට ඕන ආන්ඩුවක්ද නැත. අන් දන්නා රටක්ද නැ. දන්නේ සුද්දා ගත්ත සැපගැන පමණි. ඌ ඔන්න ඔහේ වාඩිවෙලා මේ ආයතනයේ තියෙන දෙයක් ඔහේ කාල බීල ඉන්නවනම් බඩුවකුත් ගහල අර වළට ගිහිල්ල රා බීපු ආතල් එකගැන කතාවක් කර කර ඉන්න එක පමණි. නැත්තම් සුද්දා කළාක් මෙන් බල්ලන් නෑවීම පමණි. තවමත් ලංකාවේ රාජ්‍ය සේවයට කෙලවෙලා තියෙන්නේ මේ සුද්දාගේ කාලේ ඉගෙනගත්ත ගම්බයියන් පාලනයකරන හෙයිනි. මේවායේ ඉන්න ගෑනුන් මිනිසුන් තවමත් ඉතාම අක්‍රමවත් අපිරිසිදු රටක් ජාතියක්ගැන අදහසක්වත් නැති තමන් කරන්නේ මොකක්ද අපි වැඩකරන්නේ ඇයි කියල දන්නැති හරක් රැලකි. (කැමතිනම් ජාතික හැඳුණුම්පත් දෙන කන්තෝරුවට යන්න. ඉස්සෙල්ලාම එන්නේ පල්වෙච්ච වැසිකිලි ගඳකි. මිනිස්සු සිය ගානක් පෝලිමේය)

සිංහලයින්ට හා දෙමළුන්ට ඇත්තේ කැත ගෑනියෙකුගේ පතිවෘත්තාව වැනි ජාතිවාදයකි. සුද්දා අපිව දාල ගිය එකේ විපාකය වසර 60ක් තිස්සේ තවමත්  විඳවමු.     

Advertisements


අනවශ්‍ය දේවල්

  • 154,848 ක් බැළුවා

මරුවා වැහෙන දින

නොවැම්බර් 2011
බ්‍ර සි සෙ
« ඔක්.   දෙසැ. »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: