03
ඔක්.
11

ඇටේ නැති සීනුව. JVP Dogs Fighting

ජවිපෙට අර්බුදයක් නැත්තේයැ. සැබැවින්ම මේනම් දක්ෂිනාංශික මාක්වාදී හොරු පිරිසක් මවා පාන අර්බුදයක්මයැ. පක්ෂයක නායකයාට මාක්ස්වාදී සමාජවාදී විප්ලවය වෙනුවෙන් කීප දෙනෙකු පක්ෂයෙන් අස්කිරීමට බැරිනම් එම නායකත්වයේ ඇති ඵලය කිම. මේ නම් ධනවාදී පාවාදෙන්නන්හුගේ අධිරජ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්මයැ. එහි ඒජන්තයින්වන් නිදහස් මාධ්‍යකාරයින්ගේ හෙළිදරව්වකි. සෝමවංශ මයා  හා ටිල්වින් මයාහු යනුමැ සැබෑම ජවිපේ නියම උරුමක්කාරයින්මයැ. ඔවුහු නොමැති අපැ රට පාළනය කරන්නේ කෙසේද ? ලන්ඩන්වල සැපැ ගත් දක්ෂිනාංශික මාක්වාදී හොරු විසින් බිහි කරන ලද දිමුතු ආටිගල වැනි බඩු කෑලි පුබුදු ජාගොඩ වැනි හාල් කෑලි, වරුණ දීප්ත රාජපක්ෂ වැනි ආන්ඩුවට කත් අදින පාංකඩ අපතයන්හු විප්ලව පොජ්ජ මංදෝකොරන්න අහකයිය.

අපි නම් ටිල්වින් මයාට කැමත්තෝමයැ.  සෝමෙ යනු විප්ලවවාදි ගිනි පුලිඟුවකි. වයසට ගියත් පුදුමාකාර විප්ලවීය ගුණයක් එතුමාගේ මුහුනෙන්ම පෙනේ. තෙල්ගා පීරා තෙල් වැක්කෙරෙන හිසක් සහිත එතුමා චේගුවේරා මයාගේ නංගිගේ මිනිහා වැනියෙක්යැ. එතරම්ම විප්ලවවාදී ජවය ඇති පෙරුම් පුරන උතතමයෙක් වන්නාහ. එතුමාගෙන් තොර විප්ලවයක් මේ සකල ලංකාද්වීපයෙහි බිහිවිය නොහැක්කේමය. එතුමානෝ එතරම්ම විප්ලවීයය යැ.  ගරු ටිල්වින් මයා හුද එවැනියෙකි. එතුමාට දෙවැනියෙක්හු වන්නේ මාක්ස්මැ පමනි. ලෙනින්ට හා විජේවීරට මෙතුමාගේ මෙන්  දේශපාලනික මුවහත් භාවයක් නැත්තේමයැ.

අහෝ… පාපතර මාධ්‍යකාරයෝවන්හු ලොවෙහි තවත් වෙද් දෑ. සංඝ භේදයවන් මෙවන් දෙයක් කිරීමට උදව් දෙන්නෝ මාධ්‍ය දෙව්දත්තයන්හුමැයි.

මරුවා නන් කිසිදිනෙකැ මෙවන් අපරාධයන්ට අත් නොගසන්නමෝ වෙමු. මෙම මාකස්වාදී පක්ෂ රාජයානන් ආරක්ෂාකරනුවස් අපි මුන්නේස්වරමේ බිලි පුදක් පවත්වා දෙවි දේවතාවුන්ගෙන් ආරක්ෂාව පැතුවෝහුමයැ.

රනිල් විකුම්සිංහන්හුගේම අවතාරයක්වන් මෙතුමන්ලා පලවා හැර විප්ලව පොජ්ජ මංදෝ කරන්ට කැස කවන්නේ කෙසේදැයි හුදී ජනතාවෝ තත්පරව විපිළිසර වන්නෝය. මෙකල්හී  දිමුතු ආටිගල වැනි බිලාලියන්ද  පුබුදු ජාගොඩ වැනි කැණහිලෝද වරුණ දීප්ත රාජපක්ෂ වැනි  සුනකපෝතකයෝද  ජවිපේනම් රන්බඳුනේ පැන් සනහන්නේ සජිතුන්හුගේ කාල හෝරාවෙන්දැයි අපිද විපිළිසරවන්නෝමැයැ.

මේ නම් ආශ්චර්‍යයක්මැය. මුසල්මානු රටවලැද, ධනවාදී යූඇන්පී පක්ෂවලැද, මාක්ස්වාදීයැයි කියාගන්නා පුඟුලන්ගේ පක්ෂවලද, නියපහුරුද හැලී යත්, ලෝම හා කේසර හැලී හැලී යත්.  දකින දකින අත භීෂණ යැයිද ඈතින් ඈතින්  මාධ්‍ය මර්ධනය කියූවෝද දැන් දැන්  පොලු මුගුරුද කඩු තෝමරුද අතින් ගෙන් සටනට පාළිපනිත්.  ජවිපේ මැක්කන් ද සමග නිදිවැදුනු හුදී ගම්බයි ජනතාවෝ ගල්හි පැහුරූවන්වැ සිටිත්. සමහරක් ශිෂ්ණ ව්‍යාපාර මැක්කන් සමග පංචි දමති.

සුළු දේපල සඳහා ඇති සටන හුදු ධනවාදයෙන් ඈතට විහිදෙන්නකි. ෆෝටෝ කොපි මැෂිමක් පුටු පහක් අබලන් කාර් එකක් හෝ කොම්පියුටර් කෑල්ලක් වැනි දෙයක් සඳහා ඇති අයිතියට මරණය දක්වා සටන් වැදී සිටින මාක්ස්ගේ ලෙනින් ගේ ජේවීපි දරුවන් විප්ලව පොජ්ජ මන්දෝ කරන්න කොපමණ දුරක් තව ගෙවිය යුතු දැයි දුහුනෝ විපිළිසර වෙත්හ. පක්ෂයේ නමේ අයිතිය, මූලස්ථානයේ අයිතිය වැනි කරුණුද ආර්ථිකවාදයම වෙත්. එය කෙසේවත් කෑදර ධනවාදය නොවේමය. මට හිමි පක්ෂයේ නම තොපිට නොදෙමු යැයි ටිල්වින් උතුමාණන් පවසන විට එය බඩගින්න පිළිබඳ ප්‍රෂ්නයක් බව කියන්නේ දක්ෂිනාංශික මාක්වාදී හොරුයැ. 

ශ්‍රීලනිපයේ, යූඇන්පියේ හා ධනවාදයේ මිනීපෙට්ටිවලට ඇන ගසන්නනට කතාකරන හොර මාක්ස් ලෙනින්වාදීන්ගේ ගූ ගොඩක්වූ ජෙවීපී වැසිකිලිය කඩාගෙන උන්ටම බුදින්ට සිදුවූයේ වර්ථමානයේ කල පාහර පාවාදීම් නිසාවෙන්මැය.

කිසිදු උන්නතිකාමයක් නැති පුද්ගලයන්‍ ලෙස පෙනී සිටිය ද මොවුහු අධික බල තෘෂ්ණාවකින් පෙළෙන්නෝ යැයි කියන්නෝ හිටපු ජවිපේ සාමාජික අජිත් පැරකුම් ජයසිංහය. මේ ඒ සුන්දර ගිනි කෙලි සන්දර්ශනයේ ඉහලම අවස්ථාවයි. ජවිපේ නම්කොනංගියා සභාවට පිවිසේ පොතේගුරු ගයයි. සබයේ සිටිනා මිනිසුනේ අප ආදරනීය  ජනතාවනි දෙන්න ඔබගේ අත්පොලොසන් නාදය…මෙන්න පිලිගන්න වාමාංගික මාක්ස්වාදී ලෙනින් වාදී නොංචිකෝලම දැන් පෙන්වනවා.  

අක්කාවරුනි මගේ නැටුම් බලාලා … පේ‍්‍රම කුමාරන් ගුණරත්නම් නැමැති වාමාංශික දෙමල කෝනංගියා ගයමින් නටයි.

සීනුවේ ඇටේ ඇතුලට වැටිලාය.

Advertisements


අනවශ්‍ය දේවල්

  • 155,632 ක් බැළුවා

මරුවා වැහෙන දින

ඔක්තෝබර් 2011
බ්‍ර සි සෙ
« සැප්.   නොවැ. »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: