12
සැප්.
11

සීතා මමයි ඔබේ සිංහල රාමා …(Sexual Compulsion of the Storytellers)

ලොවපුරා විසිරී සිටින “කථාකරුවා”යනු දක්ෂයෙකි. ඔවුන්ගේ බලපෑම ලොව සියළුම මිනිසුන්ගේ ජීවිතවලට බලපෑම් කර ඇත. ලෝකයේ බොහොමයක් ආගම් කථා කරුවන්ගේ නිමැවුම්ය. මිනිසුන් තවමත් මේ කථාවල ඇති චරිත අනුගමනය කරති. නැතහොත් මිනිසුන් කථාකරුවෙකුගේ එක් කථාවක ඇති චරිතයක් වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතයම වැය කරති. ඉතාම ලස්සන වැනුම් සහ ද්විත්ව තේරුම් සහිත වචන වලින් සමන්විත වන මෙම කථා තම රටවල් ඉතා දියුණු යැයි කියා ගන්නා යුරෝපයේද පවතී. නමුත් යමෙකු යුරෝපීය ඉන්දියානු චීන හා දකුණු ආසියානු රටවල් වල ආගමික ජන සාහිත්‍යයේ එන කථා සසඳා බැලුවහොත් ඒවායේ යම් යම් සමාන කම් සොයාගත හැක. බොහෝ කථාකරුවෝ විරුද්ධාර්ථ වචන යොදා තේරුම් ගතයුතු වචනවලින් මේ ක්‍රීඩාව කරති. සහසම්බන්ධ ප්‍රතිපක්ෂ වලින් තේරුම් ලබාගත යුතු වචන පව≠පින, දුක≠සැප, ධර්මය≠අධර්මය වැනි අඳුරු තේර්ම් සහිත වචන මෙම ක්‍රීඩාවට යොදා ගනී.
මෙ කථා කරුවන් බිහිවීමට හේතුවක්ද ඇත. එකල අද මෙන් “දැනුම‘ නැමති යමක් පැතිරී තිබුණේ නැත. බාහිර ලෝකය සමග සබඳතා නැත. ලෝකය පුරා ඇවිදීමට නොහැකි කාලයකි. සන්නිවේදනය කට වචනයෙන් පමනි.  එනිසා කථා කරුවා යනු දැනුම නැමැති දෙය බෙදා හල පුද්ගලයාය. ඔහු ඇවිදින්නෙකි. වෙනත් ප්‍රදේශවල ඇවිදියි. අනෙක් කතාකරුවන්ගේ කථා අසා ඇත. එනිසා වෙනකෙක් කියූ කථා ඔහු නැවත අනෙකෙකුට දේශනා කරයි. කථාකරු අනෙකා තමන්ට ඇහුම්කන් දෙනවා යැයි සිතයි. ක්‍රිස්තු සහ ගෞතම හා මොහොමඩ් මේ කථා කරුවන්ගෙන් ක්‍රමවත් හා ජනප්‍රිය කථාකරුවන් තිදෙනෙකි. ඔවුන්ගේ අනුගාමිකයින් පවා තවමත් ඔවුන්ට ඇහුම්කන් දෙන්නේ නැත. මිනිසුන් විසින් හදන කථා කිසිවිටෙක සත්‍ය නොවේ. (සත්‍ය= සිදුවීම් විස්තර කිරීමට “භාෂාව“ යොදාගැනීමේදී ඒ පිළිබඳ කෙරෙන විස්තරය අසත්‍යක්වීම නැවැත්විය නොහැක.
කථාකරු බොහෝවිට ආගමික මතවාද සමග තමන්ම හදණා අසත්‍ය සුරංගනා කථා පටලවා පවසයි. ගෞතම ක්‍රිස්තු හා මෙහෙමඩ් ගේ කතා වල මෙම ලක්ෂණය දැකිය හැක. වඩා වැඩි ප්‍රමාණයක් කථා පැවසිය හැකි කථාකරුවන් තමන් උගතෙකු බවට පරිවර්තනය කර ගනිති. එනිසා උගතා යන මිථ්‍යාව ද කථාකරුගේම නිර්මාණයකි.
දුහුනු කථා අසන්නා දුර්වලයෙකි. ඔහු අනෙකා විශ්වාස කරයි. කතාකරු පුදනු ලබයි. කථා අසන්නා විශ්වාස කරන විට කතාකරුවා දේවත්වයට පත්වේ. තමන් ප්‍රධාන චරිතය කොට ඔහුම තම කතාව පවසද්දී කථාවේ වීරයා වෙත අසන්නාගේ භක්තිය පිදේ. ක්‍රිස්තු හා ගෞතම දෙදෙනාම මේ වර්ගයේ ය.
මාක්ස් අහිංසක කථාකාරයෙකි. පැරණි හිතහොඳ චණ්ඩියාය. එනිසා දුප්පත් මිනිසුන් පොහොසතුන් වෙනවා දකින්න ඔහු කැමති විය. ඔහු කම්කරුවන් කථානායකයා කර එක් දිගු කතාවක් ලිවීය. මෙම හිතහොඳ චණ්ඩියා කම්කරුවාගේ දෙවියා බවට පත්කළේ ලෙනින්ය. ලෙනින් යනු මාක්ස්ගේ දේව පුත්‍රයාය. ලෙනින් කම්කරුවාගේ ශුද්ධවූ පණිවුඩය ලෝකයට ගෙන ආවේය. දේව වාක්‍ය මාක්ස්ගේය. (සුවිශේෂී ලාංකීය මාක්ස්වාදයකි. ලංකාවේ  පවත්නා සිංහල බෞද්ධ මාක්ස් කථා වෙනත් රටවලට අදාළ නැත.) මාක්ස් ලංකාව ගැන සඳහනක්වත් කළේ නැත. බුදුන්ද ලංකාවට පැමිණි බවට කිසිදු සාක්ෂියක් නැතත් අනේ අපේ චූන් අපට චූන් නිසා බදුන් ලංකාවට මංගැච්චුවා යනුවෙන් පාරම්පරික කට කථාවක් පරම්පරා ගාණක්ම පවසති. ඇති එකම සාක්ෂිය මහාවිහාරේ කෑදරවංශයයි. ඕනෑම කථාකරුවෙකු දේශපාලනයක නිරතවන බවට ඇති සාක්ෂිය මහාකෑදරවංශයයි. (එහි වැඩිපුර සඳහන් වන්නේ දන් දීම ගැනය)
මීට අමතරව ලෝකයපුරා කුඩා කථා ඇදහීම් කණ්ඩායම්ද පවතී. මේ අයගේ කථා පැරණි නැත. ඔවුන්ගේ දේශනා ඉතා විශාල කථා ගණනාවක් නොවේ. ටිකකි. සැබෑව නම් ඔවුන් රෝදය නැවත සොයාගන්නන්ය. මෙවන් කුඩා ආගම් සෑම කථාකරුවෙක්ම වටා පවතී. තමන් බුද්ධිමතුන් හෝ උගතුන් යැයි පවසන බොහෝ දෙනෙකු කෙරෙහි පවත්නා ප්‍රේක්ෂක ආකර්ෂණය මෙම කුඩා ආගමික භක්තියේ මූලයි. ලංකාවේ විශ්ව විද්‍යාලවලත් ලංකාදීප වැනි ආයතනවලත් මේ “අපේ රංජිත් හාමු මාර පොර“ වර්ගයේ ආගම් ඇත. නළු බට්ටන් හා නිළි අඟනන් වටාද මේ ආගමික භක්තිය ඇත. මේ අයගේ විශාල පිළිම අඹන්නේ මාධ්‍ය කථාකාරයෝය.
ලංකාවේ උදාහරණ වික්ටර් අයිවන්, සුනන්ද දේශප්‍රිය, නලින්ද සිල්වා, උයන්ගොඩ, වියන්ගොඩ,…සුනිල් විජේසිරිවර්ධනලා ආදී තව ගොඩක් අය මෙම ඝනයට වැටේ.  මේ අය කුඩා කථා ඇදහීම් හෝ ආගමික කථා නායකයෝය. මේ හැරුණු විට අධ්‍යාපන ආයතන වල ද මේ ක්‍රියාකාරීත්වය සුළු වෙනසකට යටත්ව එසේම ක්‍රියාත්මකය. මේ අය පිළිගත් සමාජ රටාවේ… සහතිකයක් ද ඇති අය වෙති… ඒ හරහා මේ කථා සියල්ල “තම රජ සැප පිණිස පමණක්“ සියලුම මිනිසුන් පවා පිළිගතු යුතු යැයි සිතන තරම් තමන්ම ගොතන කථාවන්ට තමන්ම රැවටී ඇත. මේ අය ලයිසන් කථා කරුවෝය. මහා සරත් විජේසූරිය, මහා නිර්මාල්, මහා සුමනසිරි ලියනගේ උදාහරණය.
කථා කරුගේ වෙනත් ස්වරූපයක් ද ඇත. ඒ ගායනා කරන්නාය. කතාකරුට මෙන්ම ගායනය කරන්නා වටාද රැස් වළල්ලක් විහිදේ. කථා ගායනා කරන්ණියන්ටද ඇදහීම්කරුවෝ බිහි වෙති. නමුත් මේ පැරණි කථා කරුට වෙනස්ව නුතන කථා ගයන්ණියන් තමන් වෙනුවෙන් වෙළඳ ප්‍රචාරණයද කරනු ලබයි. එනිසා ඔවුන් දේවත්වයට වඩා සුරංගනාවියන්ගේ තත්වයට පත් කෙරේ. නූතන මාධ්‍ය යනු මේ සුරංගනාවියන් ගේ දේවාලයන්ය. ඒ දේවාල වල සිටින කපුවන් මේ සුරංගනාවියන් ටීවී සහ රේඩියෝ අසන්නන්ට පෙන්න පෙන්නා පඬුරු එක් රැස් කරති. “මිරිහාන ආරච්චිගේ නන්දා මාලනී පෙරේරා සුරංගනාවිගේ“ සුමධුර විප්ලවීය ගී බණ යැයි එම සීර්ශකයෝ පවසනු ඇත. අපි දොහෙත් මුදුන් තබා වඳිමු පුදමු. වැරදිලාවත් නන්දාගේ කටින් ලෝ ලෝ හඬ නැගේ යැයි කීවොත් ඉතින් අපි කාලකන්නින් බවට දුහුනන්ගේ සහතික පිරිනැමේ.
වෙළඳ ප්‍රචාරකයෙකු වන නුතන කථාකරුගේ කථා සෘජුවම සටකපට ක්‍රියාවකි. මේ වෙළඳ කථාකරුගේ සුරංගනා කථා දුහුනන් විසින් විශ්වාස කරන තෙක්ම ඔහු එකම කතාව පුනරුච්චාරණය කරයි. ‘අපි වෙනුවෙන් අපි‘ හමුදාවක් හැදුවේ එවැනි පුනරුච්චාරණ කතාවකිනි. ට්‍රයඩ් එකේ පුනරුච්චාරණ කථා නිසා තම “බාල මාක්ස්වාදය“ පවා අතහැරියේ ජවිපේ බාප්පලාය. නටමු නටමු දෙමළු මරමු ! අපි දෙමළු මරමු ! කී නිසා ඉන්දියන් සිද්ධාර්ථගේ ලාංකිකයෝ මිනීමරා පාරේ කිරිබත් කෑය. එ නිසාම පොන්සේකා නම් මිනීමරුවා විමුක්තිකාමි පසේ බුදුවරයෙක් කර ගත්තේය. ජවිපේ ගම් වැද්දන් පොන්සේකාගේ කථාවලට කඩේ දුවන තරමටම  ට්‍රයඩ් එකේ පුනරුච්චාරණ ප්‍රචාරණ කතාව නැගලා ගියේය. එය රජය විසින් කල දේශපාලනික වරදකි.
ටිල්වින් බාප්පලා ගේ නොමේරූ බාල මාක්ස්වාදී කථා වෙනුවෙන් තාමත් කඩේ යන හා මාක්සියානු සුරංගනා කථා කියන අංකල්ලා දැන් ෆේස් බුක් සංග්‍රාම භූමියේ පිරිලාය. උන්ගේ දිලිසෙන මාක්සියානු වචන කගපත් වලින් නැගෙනා රශ්මියෙන් අන්තර්ජාල පිටියපුරා හාත්පසම එකලු වන්නේය. කියවන කියවන දනන් අනේ අනේ යැයි  ලෙව්හි දෑත් ගසති. ෆේස්බුක්  විප්ලවීය විරුවන් රට ගොඩ නැගීමට කථිකාවන් අවශ්‍ය යැයි කියති. නමුත් කථිකාවැ යනු කතාකරුවාහුගේමැ වර්ගඵලයැ බව මාක්ස්සියානු සහ එංගල්සියානුවන් නොදන්නෝ මයැ.
නවීන යුගයට පෙර අතීත කථාකරුගේ ගේ දෘෂ්ටියට විශේෂයෙන් හසුවන්නේ රජවරුය. නැතහොත් කුමාරවරුය, කුමරියන්ය. ආගමික කථා කියන්නා බොහෝවිට තම කථා ප්‍රධානියා වීරත්වයට පමුණුවා කතාව සකස්කරයි. මේ කථා කියන්නන් සියල්ල සකස් කරන්නේ දැනුවත්වය. නැතහොත් අසන්නා මුළා කිරීමට ය. තම පැවැත්ම හෝ වාසිය වෙනුවෙන්ම පමණි. අපගේ මහාචාර්‍යවරුන්ටත් පැවිද්දන්ටත් දානය ලැබෙන්නේ හොඳ සුන්දර රසවත් කථා පැවසීමෙන් පමණි. නැතහොත් දානය බුසංය. දැන් දැන් මහාචාර්‍යවරුන්ටද දානය ලැබිය යුතුවීම අයිතිවාසිකමක් ලෙස ගෙන ඇත. හාමුදුරුවරු ලිංගික දානය ද දේශපාලනික දානය ද කැපයැයි පවසති.
පැරණි කථාකරු රජවරුන් ගැන කුමාරයන් කුමාරින් හා චණ්ඩි ගැන කථා සේම ධනය හා සැප ලැබීම ගැන කථා කියයි. කාමයට හා ස්ත්‍රී (පුරුෂ) සේවනය ගැන කථා කියයි. විශාල මාළිගා ලස්සන සැප පහසු ස්ථාන ගැන කථා කියයි.  ධනවතුන් සහ ලස්සන සුන්දර දේ  නැතහොත් වටිනාකම් අධික මිල අධික දෙයක් ගැන කියයි. නැතහොත් එකිනෙකා මරාගත් යුද්ධගැනය.  කථාකරු යුද්ධය වීරත්වයෙන් පුදයි. මිනීමැරීම, සතුන් මැරීම, විරකමක් ලෙස දක්වයි. ලස්සන සුන්දර (තමන් කැමති) කාන්තා ශරීර ගැන කථා කියයි. නිකං ඉඳගෙන විශාල ප්‍රතිඵල ලැබීමට, පුදුම අවි ආයුධ හා පුදුමය දනවන යන්ත්‍ර ගැන කථා හදයි. සුළු වෑයමකින් ජය ලැබීමට මන්තර ගුරුකම් හෝ වචනවලින් වැඩ කිඩ දැමීම ගැන පවසයි. ඇතොත් හොඳ යැයි සිතන මහා බලයක් සහිත මිනිසුන් තනයි. නැතහොත් කතාකරුවන් දෙවියන් නිර්මාණය කරයි. විශාල බලයක් ඇති අය සදයි. කථාවේ ගලා යාම සඳහා සහ රසවත් කිරීම සඳහා මැවීමේ හැකියාවක් ඇත යැයි පවසයි.මැවීම් සත්‍යයක් ලෙස දක්වයි.
භෞතිකය ජය ගැනීමට මනසින් හදණා සුපර් මෑන් බලය, දඬු මොනර….ගඟකින් පනිනා අශ්වයින්…. ගුලි තුනකින් ලැබෙන වරම්… “සහස්ග්‍රාති” නම් යුද රිය… බ්‍රහ්මස්ත්‍රය (බ්‍රහ්ම ආයුධය), පසුජප්පට්ටස්කත්‍රය (ශිව ආයුධය) හා වෛසනස්ත්‍රය (විෂ්ණු ආයුධය) අධි බලැති විශ්ව ආයුධ වැනි දේ සහ තවත් මහා ගොඩක් ගැජට් ගැන කථා සදයි. තමන්ගේ නොහැකියාව ඉංජිනේරු දැනුම බව කතාකරු දනියි. මහා බ්‍රහ්මයා වැනි මැවුම් කරුවන් සදයි. මරණය රසවත් කරන හා නපුර සැඟවීම පිණිස කාලි මාතාව මහසෝනා විෂ්ණු වැනි නරක දරුණු මිනිස් සිතිවිලි දෙවිවරුන් ලෙස නම් කරයි. එසේම රාවණා රජුගේ අශ්වරථ හමුදාව මිලියන 60 ක්, අසු කෙළක්, සූවිසි විවරණ, තිස්තුන් කෝටියක්, වැනි විශාල අංක තම වීරයා හෝ නායකයා වෙනුවෙන් සඳහන් කරයි. හේතුව දුප්පතුන් විශාල අංකවලට ආෂාවීමයි.
ලෝකයේ කිසිදා ඉඳල නැති මිනිස් ශරීර හා සත්ව ශරීර එක් කොට අර්ධ මිනිස් අර්ධ සත්වයින් නිපදවයි. මේ අර්ධ සත්ව මිනිස් ශරීර දේවත්වයට නංවයි. අහසින් යන රථ – සහස්ග්‍රැති, අන්ධකාරය මැවීම, නොනිමෙන හී ඇති හියෝවුරක්, පරාජය කළ නොහැකි දුන්නක්, අසීමිත සංඛ්‍යාවක් සතුරන් නැසිය හැකි අවියක් මේ වාල්මිකී ගේ සුන්දර නිර්මාණයන්ය. තනි මිනිහෙක් විශාල මිනිස්සු සමූහයක් මැරීම වැනි දේ වීර කථා ලෙස පැවසීම. ශරීරය ලස්සන ගැහැනුන් පමණක් ආදරය ලබන බව පැවසීම, එය ආදර්ශමත්කර පෙන්වීම. (මේ ලැයිස්තුව තව ලියන්න බැහැ…දිග වැඩියි.)
රාමායණය ලියන්නට හෝ කතාකරුට තම කථාවේ යුද භටයෙක් මැරුණාම ඒ ගැන ගාණක් නැත. නමුත් යුද භටයාටද කතාවක් ඇත. එවැනි දහස් ගණන් කථා ඇති පාත්‍ර වර්ගයාගේ කථා ඔහු මගහරියි.
මේ මිථ්‍යා කථා සඳහා වැඩුණු මිනිසෙක් පුහුණු කිරීමට ලමාකාලයේ සිටම අසන්නාගේ කණ හුරු කරවනු ලබයි. ඒ දරුවන්ගේ සුරංගනා කථාවලිනි. පියාඹන මකරුන් අශ්වයින් එකැස් යෝධයින් හා කිස් එකකින් පණ ලැබෙනා කුමාරිකාවන් ආදිය මේවාය. මෙවැනි විශාල ප්‍රමාණයක් මිථ්‍යා හා සිහින මේ කථා කරුවෝ මගින් සමාජයට කාන්දු වී හමාරය. ඒ පැරණි කථා කාරයෝ ය, දැන් ගේමට එන්නේ නව කථා කාරයෝය.
නව කථා කාරයෝ නූතන සොයා ගැනීම් වල දැනුම සමග අභව්‍ය අසාමාන්‍ය දේ මුසු කර ඇත. එනිසා එකල පැවති මිථ්‍යාමය අදහස් නුතනවාදී ලෙස සකස් කර ඇත. මේවාට විරුද්ධව කථාකිරීම හෝ කරුණු දැක්වීම බැණුම් ඇසීමට හේතු වේ.
අනෙක් අතට මෙම කථා කරුවන් වසර 8000ක් පමණ පැරණි කාලයක සිදුවූ දේ එකල ඒ කතාකළ දේ දැන සිටියේ කෙසේද ? රාමයනය කියවන කොට හිතෙන්නේ… මේ වාල්මිකී භූතයා දන්නේ කියල? කෙහොමද යුද්ධයක් වෙනකොට දෙපැත්තෙම හිටපු නායකයෝ කතාකරන දේවල්, උන් දෙගොල්ලන්ගේම හැඩරුව, සිතිවිලි, හැඟීම් පවා කරපු දේවල් දැක්කේ කොහොමද කියල? අවුරුදු 9000කට පස්සේ….
මිනිසුන් මේ පැරණි කථා ඇයි මේතරම් විශ්වාස කරන්නේ….බද්ධාගමේ මල් උඩ ඇවිද්ද කතාව පිස්සුවකි. ජේසුස් ගේ මරණයෙන් නැගිටීම මඤ්ඤමකි. මේවා පැරණි ඉන්දීය කථා කරුවන්ගේ පිස්සු කථාය.  ඒවා තාමත් අහන විශ්වාස කරන භූතයෝ සිටිති. නමුත් සිද්ධාර්ථද මොහොමඩ් ද ක්‍රිස්තුද කථාකරුවන්ය.
මාධ්‍ය යනු කථාකරුවන්ගේ නුතන විලාසයයි. තොග ගණනේ කථාය. මේවා සැබෑ මිථ්‍යාවන් පතුරවයි. වරෙක වික්ටර් අයියාවන් ගේ කථා නිසා වැන්දඹුවක් ජනාධිපති විය. ඒ පවට රස්සා කරන්න හමුදාවට ගිය දහස් ගණනක් දුහුනෝ සෙත්ත පෝච්චි විය. ඒ සෙත්ත පොච්චි කථා මාධ්‍ය කතාකාරයින්ට පඬුරු සඳහාම දුහුණන්ට විකිණිය හැකි විය. කථා කරුවන් විශාල ප්‍රමාණයක් සිටින නිසා විචිත්‍ර වෛවර්ණ කථා දැන් ලාභය. කිලෝ දෙකක කථා පත්තරයක්ම දැන් ශත පනහකි.
කතාකරුවන් නිසා බුද්ධාගම් කාරයින් විසින් සිද්ධාර්ථගේ පිළිමවල පපුව පලා බලති. කතාව භෞතික වන්නේ එ නිසාය. මහාපරිමාණයෙන් සිද්ධාර්ථ ගේ පපු සහ ඔළු හිල් කල ප්‍රෙමදාසගේ පුතා දේශපාලන නායකයෙකි. සිද්ධාර්ථ ගේ පිළිමවල පපු සහ හිස් හිල් කල පව පඩිසන් දුන් නිසා සජිත් ප්‍රේමදාසගේ කට හඬ ගැහැණු කටහඬක් බවට පත් වෙමින් යයි. අනාගතයේ අප රට පාලනය කරනු ලබන්නේ පිරිමි ශරීරයක් ඇති ගැහැණු කටක් ඇති අයෙකු විය හැක. රනිල් සමලිංගික වුවද සජිත්ට වඩා පිරිමියෙකි. බටලන්දේ දී රනිල් පලා බැලුවේ ළදරු ජෙප්පන්ගේ පපුය. ඒ පවට ටිල්වින් බාප්පා රනිල්ට ආණ්ඩුබලය ගැනීමට උදව් කළේය. ජෙප්පන් ගේ පපු පැලීම මිහිරි පවක් විය හැක.
මේ ආගම්වාදී පිස්සු කතාකරුවන් අප රටට ආගම් තුනක් දුන්නත් කිසිම සෙතක් වෙලත් නැත. අළුත් කථා කරුවෝ දැන් දැන් විජය නැමැති හොරාට අමතරව රාවණා නම් දෙමළ කථා නායකයාද ලංකාවේ රජෙකු ලෙස පිළිගන්නට කථා මවමින් සිටිති.
මීට පෙර මා විසින් සඳහන් කර ඇති පරිදිම ලංකාව යනු ඕනෑම ඉන්දියන් රස්තියාදුකාරයෙකුට පිස්සු කෙළිය හැකි තැනක් වී ඇත. වාල්මිකී දකුණු ඉන්දීය මංපහරන්නෙකු ව සිටි හෙයින් එයාගේ නරක මිනිහා කළුය. දකුනු ඉන්දීය ද්‍රවිඩයෙකි. රාවනාගේ හැඩරුව හා වැඩ කිඩ සියල්ල දකුණු ඉන්දීය වැඩය. ලංකාවේ නම භාවිතාකර සෑදූ කතාවක් වුවද රාවනාට ලබා දී ඇති චරිත ලක්ෂණ සියල්ල දකුණු ඉන්දියානු හැඩරුවය. රැවුල උඩට කැරකූ වයසක ඩයල් එකක් කිරීම ආදිය. රාමා මාර වැඩ්ඩෙක් කිරීමත් සහ ලස්සන සුදු ගැහැනියක් ඇසුරු කරන ඩයල් එකක් කිරීමත් කතාන්දරකරු දන්නා අසන්නා ගේ ආශාවයි. මේ කතා කීවේ ඉංදු නිම්න වැසියන්ට වූ හෙයින් කතාකරු පවසන්නේ උතුරු ඉන්දීය අසන්නාගේ ආශාවයි. අසන්නා අදහන්නේ තමන්ට අහිමිවූ විනෝදයයි.
චිත්‍රපට කථාකරු, ටෙලිනාට්‍ය කථාකරු,බොලොග් කථාකරු, කෙටි කථාකරු, නාට්‍ය කථාකරු, විද්‍යුත් මාධ්‍ය කථාකරු, පත්තර කථාකරු, සංගීත කථාකරු, රූප කථාකරු, බණ කථාකරු ආදී යුනිෆොම් අඳින හා නොඅඳින සියළුම කථාකරුවෝ අසන කියවන බලන සියළුම දුහුණන්ට ඕනෑම දෙයක් සිදුවිය හැකි කථා මිත්‍යාවන් පුදා හමාරය.
මට බැනලා හරි මහාවංශය සහ කුඩාවංශ වලින්ද, රාමායණය සහ අනෙකුත් යානයන්ගේ ද කතා  පිස්සුවෙන් මිදෙන්න.
Advertisements


අනවශ්‍ය දේවල්

  • 155,632 ක් බැළුවා

මරුවා වැහෙන දින

සැප්තැම්බර් 2011
බ්‍ර සි සෙ
« අගෝ.   ඔක්. »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: