28
අගෝ.
11

ඉතා රසවත් තාවකාලික පෙම්වතුන්

 

ආගම් යනු මිනිසුන් විසින් සෑදූ දැනුම් පද්ධතියකි. දෙවියන් මැවුයේ චිත්‍ර ශිල්පීන් විසිනි. නමුත් යමෙක් ආගම හො දෙවියන් විශ්වාස කිරීමේදී සිදුවන්නේ එය තම ජීවිතයේ උපරිම ස්ථානය හෙවත් පරම ස්ථානය බවට පත්කර ගැනීමයි. බුදුන් යනු තමන් “වීමට කැමති“ උපරිම ස්ථානයයි. උපරිම ආදර්ශයයි.

මිනිහෙක් කෙළින් සිටගන්නවා යනු ජීවිතයේ වැදගත් යමකි. තමන්ගේ දෙපයින් සිට ගැනීමට ළදරුවකුට වසර එක හමාරක් ගතවේ. පය ගසා සිටගන්න තියෙන පොළව සෙලවෙන්නේ නම් කිසිවෙක් කිසිවක් විශ්වාස නොකරනු ඇත. දෙමව්පියන් අහිමි දරුවන්ට සිදුවන්නේ එයයි. මාළුවාට ජලය අහිමි වෙයි නම්… තම සමස්තයම දෙදරනු ඇත.

කෙළින් සිටගන්නට ශරීරය පමණක් මදිය. එයට දෙමව්පියන් හා අසල්වැසියන් සමග ගෞරවණීය වටපිටාවක් ද තිබිය යුතු වේ. සිට ගැනීමට මනස සැදෙන්නේ එමගිනි. ආත්මයක් ඇත යනු එයයි. ආත්මය හැදෙන්න ස්ථීර පොළවක පය ගසා සිටිය යුතුය. අම්මා තාත්තා හා පවුල තිබිය යුතු වන්නේ ඒ නිසාය.

මිනිසුන් සෑදූවා වුවද ඉතා දිගු කාලයක් පැවති පැරණි ආගම්වලට මිනිසුන් කැමති වන්නේද ඒ නිසාය. අළුත් ආගම් සායි බබා එක්කම වැළලුනි. තාවකාලික පෙම්වතුන් ඉතා රසවත් වුවද විවාහ වන්නේ ස්ථීර ලෝකයක් අවශ්‍ය හෙයිනි. පවුල ස්ථීර වාසස්ථානයකි. තාවකාලික නොවේ.

ජීවිතය සමග මරණයද නැතහොත් විනාශයද අනිවාර්‍යය බව සියලුම සත්වයෝ දනිති. එනිසා මේ මරණ බියට මුහුණපෑම සඳහා සකස් කරගත් මානසික ලෝකය ආගම හා පවුලයි. පවුලේ ස්වාභාවික ප්‍රධානියා පියා නොව මවයි. පියා සකස් කරන්නේ වචන ලෝකය පමණි. මව භෞතිකය. මව මෙතරම් වර්ණනා කරන්නේත්, ආදරය මෙතරම් පාරට්ටු කරන්නේත්, මව ප්‍රධාන නිසාය.

මුළු ජීවිතයම බියෙන් තොරව ස්ථීර ලෙස ජීවත් වීම සඳහා මෙම පදනම අවශ්‍ය වේ. අම්මා තාත්තා දරුවාට ආදරය පෙන්විය යුත්තේ ඒ නිසාය. ආගම් හොඳ විය යුත්තේ එ නිසාය. වෛරය උගන්වන ආගම්ද ලෝකයේ ඇත. මුස්ලිම් ආගම ඉන් එකකි. මැදපෙරදිග රටවල් දෙස බලන්න

පොළව, දෙවියන්, මව හා ගුරුවරයා ස්ථීර මානසික ලෝකයක් තනයි. දරුවකු මිනිසෙකු කිරීමට මූලිකම අවශ්‍යතාවයන් මේවාය…

මේවා කළුගල්ය. ස්ථීර යමකි. වඳින පුදන දේවල්ය. පිහිට පතන දේවල්ය. අසරණ වී අඬන විට කතා කරන්නේ මේවාටය. ආරක්ෂාව ඉල්ලන්නේ මේ හතර වර්ගයෙනි. ජීවිතය යදින්නේ ඔවුන්ගෙනි.

දැන් මේ සියලුම කළුගල් වාෂ්පවීමට පටන්අරගෙනය. බුදුවරු බල්ලන් සමග බුදියන්නේය. බල්ලන් මාක්ස්වාදී වෙලාය. මොහොමඩ් මොඩ්වෙලා යකුන්ට ග්‍රීස් ගාති. යේසුස් අන්‍යාගමිකයින්ට කම්මුලට ගහන්න පටන් අරගෙනය. අහිංසාවේ හින්දු දෙවියන් ඇදහීමට සතුන් මරා බිලිපූජා කරති. ශරීරයේ උල්කටු ගසාගෙන කොකුවල එල්ලී කොළඹ ගාලුපාරේ ගමන් කරති. කුඩා දරුවන්ට මේවා නියම් වැඩ වගේ පෙන්නමින් යති. මාර දූවරු මෙගා ස්ටාර් වී පසේ බුදු වේ. ඒවා අනාගත දරුවන්ට ආදර්ශයට ගැනීමටය. සිංදු කියම්න් රෙද්ද උස්සාගෙන නටන එක තරම් ලොකු වැඩක් ලෝකයේම නැතුවා වගේය. ෆේස්භුක් රස්තියාදු කාරයෝ රජයට අවවාද අනුශාසනා කරති. සයිබර් වීරයින් ඕනෑම රජයක් සමග ගේම ඉල්ලති. තරුණයින් මරා පාරේ ප්‍රදර්ශනය කල මිනීමරුවන් ට මාක්ස්වාදීන් පෙම්කරති. රාවයේ මෝඩ මාධ්‍යකාරයෝ රජය පෙරළීමට කතු වැකි ලියති. ජනතාව පත්කළ රජය හා විපක්ෂය ඉවත් කිරීමට ටිල්වින්ට ඕනෑය. මුස්ලිම් රටවල පිස්සු නටන මිනිස්සු තම පවුලේම මිනිසුන් මරණකොට ජවිපෙට ලංකාවේත් ඒකම කරන්න ඕනෑය. ගැරුවරු ළමයි මරති. ළමයි ගැරුවරයාට පොල්ලෙන් ගසති. රජයට වඩා මාක්ස්වාදීන් නොදියුණුය පසුගාමීය.

මෙය දිගට ම සිදුවේ. දිගින් දිගට ම මොකක්දෝ වෙමින් පවතී.

මේ මෑතකදී නායක බුද්ධ පුත්‍රයෙක් දැරියක් මාස ගණාවක් තිස්සේ දූෂණය කිරීම මේ සිදුවීම්වල අග්‍ර ඵලයයි. එය අපූරු ආකාරයට සිදු වී තිබීම නිසා එහි ඇති විශේෂත්වය වැඩිය. මීට වඩා සිදුවිය හැකි කැත යමක් තිබිය නොහැක. ඉතාම නරකම දේ විය හැක්කේ මින් පසුව මරා දැමීමයි. නමුත් මෙය මරා දැමීමකට වඩා යමකි.

මේ තමන් වඳින පුදන දෙවියන් විසින් තමන්ව ලිංගිකව අපහරණය කිරීමකි. ඒකත් අමතක කරමුකෝ..මේ පිස්සු චීවරධාරියෙක් කියල. එතකොට අම්මයි ආච්චියි… ළමය පංසලට එක්ක යන්නේ ආච්චි ….ආච්චි අතින් සල්ලි ලැබෙන්නේ අම්මට… දුව හාමුදුරුවන්ට යවන්නේ අම්මා…..ෂික්

බුදු හාමුදුරුවනේ…. මම ඇයි ජීවත් වෙන්නේ….එතකොට මේ කතාව ජාතක පොතේ කොතනද ලියන්නේ…මේ ආගමට පරිපාලනයක් නැතිව හැදුවේ ඇයි. මේ විනාශවන්නේ මේ අභාවයට යන්නේ ලෝකයේ මිනිසෙකු විසින් තැනූ සංකීර්ණම ආගමයි.

අනෙක් අතට මේ තමයි බුද්ධාගම් කාරයින්ගේ කරුමේ… ඔය මිහින්තලේ ගල උඩින් තමයි ලංකාවට බුද්ධාගම අරගෙන ආව කියන්නේ. මේකේ ලොක්ක මෙහෙම නම් අනෙක් බර පල්ලො ගැන කවර කතාද ? අම්මයි ආච්චියි නං දුව මස් පූජාවට යවන්නේ අනිත් උන් ගැන කවර කතාද ? බුදු පුතෙක් නම් මේ මස් වැදැල්ල කන්නේ අනිත් ආගම් ගැන කවර කතාද ?

මේ අනික් කතාව ලෝකයේම හැඟීම්බර දියුණු මිනිසුන්ගේ ආගම. ජේසුස් ක්‍රිස්ට්. ක්‍රිස්‌තුගේ අනුගාමිකයා පණිවුඩකරු, පූජකවරයාගේ පූජාව. මේ ළමා නිවාසයේ වයස අවුරුදු 6 ත් 15 ත් අතර පිරිමි ළමුන් 21 දෙනකු හා ගැහැණු ළමුන් 10 දෙනකු ඉන්නවා. දෙමාපියන් නෑ. ඊළඟට ඉන්නේ දෙවියන්. දෙවියන්ගෙන් ආරක්ෂාව බලාගෙන ඉන්නවා. එක් දරුවෙක් නං කමක් නෑ මෙතන ගැහැණු ළමුන් හතර දෙනෙක්. කාලයක්‌ තිස්‌සේ මූ වැඩේ දෙනවා.

ගැහුණු ළමයි කොහේටද යන්නේ. මොකක්ද කරන්නේ. මෙතනත් එහෙමනම් හොඳම විකල්පය මරණය. දේව දූතයා මේ වගේ අතවර කරද්දී කාගෙන්ද ආරක්ෂාව ඉල්ලන්නේ. දෙවියන්ට ඒ ගෑනු ළමයින්ගේ ඒ මස් වැදැල්ල ඕන බව බයිබලේ නෑ. ඇත්තටම ඒ මස් වැදැල්ල ගලවල දෙන්න පුළුවන්නම් ඔක ගලවල දීල තම ආත්මය පිරිසිදුව තියා ගන්න ඔනම ගැහැණු ළමයෙක් කැමති වේවි.

පොළව හෙල්ලෙන කොට පදනම දෙදරනකොට…මේ හරියට පසුගිය කාලයේ බෝම්බ පුපුරනකොට තිබුණු ජීවිතය වගේ.

මැරෙන්න හිතෙන තරම් ගුරුවරයා දරුවට අපහාස කරනකොට. තමන් ඉගෙන ගන්න ඕන මොකක්ද ? සියල්ලන්ම මරන්න සුදුසුම ආයුධය ගැනයි. කපන හැටි වෙඩි තියන හැටි න්‍යෂ්ටික බොම්බ හදන හැටි ගැන තමයි ඉගෙන් ගන්න වෙන්නේ.

වරෙක මගේ සොහොයුරා තමන් විශ්වාස කල දේශපාලනය වෙනුවෙන් තම ජීවිතය දෙනවා. අපි පවුලේ සියල්ලන්ම සොයුරාගේ විශ්වාසය නිසා දිවි හිමියෙන් මුන්ගේ දෙශපාලනයට කැප වෙනවා. ඒ අපේ දේශපාලන කළු ගලයි. පස්සේ ඒ කළු ගලම චන්ද්‍රිකා වගේ වේ……….කුට පාවාදෙනකොට…ඒ මරණය සිදුකළ මිනිහා පස්සෙන් අපේ පරමාදර්ශී නායකයා දුවන කොට…මං මගේ සහෝදරයාට මොකක්ද කියන්නේ…ඒ මරණය නිකංම නිකං මරණයක් ද.

තව මොනව ලියන්නද ගෙදර බුදුනුත් දෙවියනුත් උΩ ҨҔ∂ ∂‡Ѿ ⋆†‡ට.

=========================================================================

හිමි අත්අඩංගුවට – අම්මා ආච්චී බන්ධනාගාරයට !

දහතුන් හැවිරිදි බාලවයස්කාර පාසල් දැරියක් ලිංගික අපයෝජනයට ලක්කිරීමේ චෝදනා මත මිහින්තලය රජමහා විහාරාධිපති නුවරගම් පළාතේ උප ප‍්‍රධාන සංඝනායක ( පූජ්‍ය ? ) නාමල්වැව රතනසාර හිමියන් ව විදේශයක සිට පැමිණි අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ඊයේ රාත්‍රියේ දීඅත්අඩංගුවට ගෙන තිබේ.

නාමල්වැවේ රතනසාර හිමියන්ගේ තරාතිරම නොබලා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීට පෙර අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා සහ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා ද නියෝග දෙකක් නිකුත් කර තිබිණි .

මෙම සිදුවීමට අදාලව දැරියගේ මව වන නාලිකා දමයන්ති නැමැත්තිය සහ කිරිඅම්මා ( ආච්චී ) වන ඩබ්ලිව්. උක්කුමැණිකා නැමැත්තියද ද දැනට රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ .

වසරක පමණ කාලයක් දැරියව මිහින්තලේ නාහිමිට ලබා දී කිරිඅම්මා විසින් මුදල් ලබාගෙන ඇති බව ද ඒ මුදල් වලින් කොටසක් දැරියගේ මවටද ලබා දී ඇති බවට කරුණු හෙලි වී ඇතැයි පොලිසිය අධිකරණයට දන්වා තිබේ .

ඒ අනුව ඔවුන් දෙදෙනාව මේ මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර වැඩබලන මහේස්ත‍්‍රාත් සජීව ගුණරත්න මහතා පසුගියදා නියෝග කළේය .
Read more:

sathyaya.com – හිමි අත්අඩංගුවට – අම්මා ආච්චී බන්ධනාගාරයට ! http://www.sathyaya.com/පාඨක-අදහස්/45-පුවත්-කෙටියෙන්-2-පුවත්-කෙටියෙන්-2/249-හිමි-අත්අඩංගුවට-අම්මා-ආච්චී-බන්ධනාගාරයට.html#ixzz1WEqzCM45

http://www.cnews.lk/sinhala/newsview/newsview.php?id=3951&b=1&c=0

http://www.gossiplankanews.com/2011/08/abuse-case-at-chlidrens-home-ja-ela.html#more

http://www.sathyaya.com

http://www.gossiplankanews.com/2011/08/ruwanwelle-sobitha-vulgar-tape.html

Advertisements


අනවශ්‍ය දේවල්

  • 159,868 ක් බැළුවා

මරුවා වැහෙන දින

අගෝස්තු 2011
බ්‍ර සි සෙ
« ජූලි   සැප්. »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: