21
අගෝ.
11

ලිංගික ටෙලි නාට්‍ය අහවරයි…

‘ජාතිවාදය’ මරුය. විනෝද ජනකය. සමූහ මරණ සමග චූන් එකද ගෙන දේ. එය නාමපදයකි. එහි තේරුම් දෙකකි.

එක තම ජාතිය තුළ ඇති විශේෂතාවයන් හා හැකියාවන් වෙනස්කම් හේතුවෙන් අනෙක් ජාතීන්ට වඩා තම ජාතිය උසස් යැයි සිතීම.

දෙක ජාතිකත්වය මත පදනම් වූ මමත්වය හා මනෝවිකාර චූන් කර ගත හැක.

සියලුම ලෝක වාසි ජිවත්වන ජනගහනය එකිනෙකාට ඇති සම්බන්ධතාවය ඔප්පු කරන DNA වාර්තාව යනු වෙනස්කළ නොහැකි සාක්ෂියකි. මෙම ජීව විද්‍යාත්මක සාක්ෂි අපේ මතවාදවලින් හෝ මනස්ගාත වලින් වෙනස්කළ නොහැක. DNA සලකුණු නව යුගයේ සිට ඈත අතීතයේ මිනිස් පරම්පරා දක්වා ගමන් ගනී. DNA සලකුණක් අතීතයේ පරම්පරා දක්වාම විහිදී යාම ‍කිසිවෙකුටත් සැඟවිය නොහැක. වෙනස් ජන කණ්ඩායම් වෙනස් වෙනස් DNA සලකුණු දරති. මෙම එක් සලකුණක් හඳුනාගත් පසු එමගින් ඔවුන්ගේ උපත සොයා ගත හැක. මේ නිසා මුස්ලිම් අයට තම ක්‍රිස්තියානි ජානය සැඟවීමට සිදුව ඇත….

නවතම එක් සොයා ගැනීමක් වූයේ සියලුම ලෝක වාසී ජනතාව එක් සුවිශේෂී DNA සලකුණක් දරන බවයි. (හුටා.) මෙම සුවිශේෂී DNA සලකුණ මගින් අප සියල්ලෝම අප්‍රිකාවේ නයිල් මිටියාවතේ උපන් බවට සාක්ෂි සපයයි. අපි හැමෝම එකට තමයි බුරියානි කාල තියෙන්නෙ

කළුපාට සමේ වර්ණය ලැබිල තියෙන්නෙ අපි විවෘත තණ බිම් වල වාසය කල සමයේය. මේ ලෙසම ශරීරයේ අනෙක් හැඩරුවද වෙනස්වී ඇත්තේ දේශගුණික හා කාලගුණික වෙනස්කම් අනුවයි. උෂ්ණ ප්‍රදේශවලදී සම හිරු එළියට නිරාවරණය වීම නිසා අඳුරු පැහැ ගනී. මේ නිසා ඇඟේ මයිල් වැඩීම අඩු වේ. සීතලට මෙහි අනෙක් පැත්ත සිදුවේ. (අල්ලා දෙවියන් මිනිසුන්ගේ සමේ දුඹුරු තීන්ත ආලේප කර නැත.) අල්ට්‍රා වයලට් කිරණ වලින් සමකාසන්න ප්‍රදේශවල මිනිසුන්ගේ සම ආරක්ෂා කිරීමට දුඹුරුපාට මෙලනින් වර්ණකය සෑදේ.

ඇපාතයිඩ් යුද්ධ කියන්නේ හිරු කිරණවලට විරුද්ධ සටනක්. කළු සුදු සටන් හිරු එළියෙන් නිපදවේ. කළු කළු සටන් කියන්නේ තමන් තමන්ටම විරුද්ධව කරන සටනක්. මෙයට සුදුසුම නම තම මනස ජයගැනීමට මිනීමැරීම.

අත්වල පාට පාට නූල් ගැටගහන නවීන මිනිසා අනෙක් ජාතීන් හා මිශ්‍ර වන්නේ ඉතා අඩුවෙනි. මෙලෙස පවත්වාගෙන යන වෙනස්කම ජීව විද්‍යාත්මක වෙනසක් තරමටම බලවත්ය. නමුත් ඇත්ත තත්වය නම් mammalian සතුන්ටත් වඩා අඩුවෙන් ම ජීව විද්‍යාත්මක වෙනස්කම් ඇති සත්වයා මිනිසා බවය.

ඒ කියන්නෙ අපි කොච්චර අකමැති වුණත් අපි දෙමළු වගේම තමයි. දෙමළු කොච්චර අකමැති වුණත් තොපි සිංහලු වගේම තමයි. අනෙක් අතට දෙමළුන් හා සිංහලුන් දෙගොල්ලන්ගේම තාත්තා එකම (බළල්) පවුලේ අය තමයි. සිංහයෙක් හා කොටියෙක්. ලැජ්ජයි. සත්තුන්ට ජාතක ජාතීන් දෙකට එකට ඉන්න බැරිකම. ඔන්න දැන් මට බැනපියව්.

මට අනුව නම් අඩුම තරමින් වසර 30000 – 50000 පමණ කාලයක සිට ලංකා දූපතට මෙම වැලි පාලමෙන් මිනිසුන් ආවා. විජේල, සෝභිතල, නලින්ල, චමීළ, හැමෝම ආවා. වඳුරොත් ආවා.

පැරණි පරම්පරා අළුත් පරම්පරාවලට යටවී ගියා. සමහරු පුරුදු දේශගුණය තියෙන යාපනය පැත්තට ගියා. ඔවුන්ගේ භාෂාව ඔවුන් සමගම වැඩුණා. ඉන්ටර්සිටි නැති නිසා මිශ්‍රවුණේ නෑ. පයින් තමයි ගියේ. දුර යන්න බෑ. අපේ සීයල සිරිපාදේ ගියෙත් පයින් තමයි. දෙමළ භාෂාව සිංහල හා මිශ්‍ර වීම නිසා ඉංදීය දෙමළ හාෂාවෙන් තරමක් වෙනස් වුණා.

සමහරු ඒ වන විටත් භාෂාව වෙනස් වී තිබුණු, රට මැදට හා දකුණු පළාතට ම සංක්‍රමණය වුණා. ඔවුන් ප්‍රකෘත මාගධි මිශ්‍ර භාෂාවන් කතා කරන්න පටන්ගත්තා. තවත් භාෂා ගණනාවක මිශ්‍රණයකින් පසුව මේ භාෂාව සිංහල වුණා. කුඩා කණ්ඩායම් භාවිතා කරන භාෂාවන් ඉතා ඉක්මනින් විනාශවේ. මේ අතරේ කුඩා යුද්ධ, සමුල ඝාතන, පලවා හැරීම්, වඩුග මිනිසුන් වගේ කැමැත්තෙන්ම ඉවත්වී යාම් වැනි දේ සිදුවුණා. සමහරු කල්ලතෝනි වගේ අනුගත වුණා.

සුද්දා එනතෙක් මේ රට මැනලවත් තිබුණේ නැත. ප්‍රමාණය හෝ හැඩය දැන සිටියේ නැත. උන්ට පින් සිද්ධ වෙන්න සිංහල මිනිසුන් රටේ හැඩේ දැන ගත්තා. ශුද්ධගෙන් පස්සෙ තමයි ලංකාව රටක් වුණේ. එතකම්ම තිබුණේ එක එක ඉන්දියන් චණ්ඩි ලංකාවට ඇවිත් කරන කුණුහරුප ඉතිහාසයක්. අප්පා අර මහවිහාරේ උන්නාන්සෙලා මහා වංසෙණ් ලියපු පිස්සුව නිසා අපට වෙච්ච අකරතැබ්බ. අනික දෙමළු කොහේ හරි කමක් නෑ වටේට වහගෙන ඉන්න ඇත්තං.

දැං මේ ගෙවී යන්නේ සිංහයෙකුගේ පිය උරුමය පිටු දැකිය යුතු කාලයකි. ඒ ලිංගික ටෙලි නාට්‍ය ඉවර වී ඇත.

පොඩ්ඩක් කියවල බලන්න.

http://www.understandingrace.org/humvar/

http://www.indiana.edu/~arch/saa/matrix/aea/aea_syl.html

https://www3.nationalgeographic.com/genographic/index.html

http://humanorigins.si.edu/evidence/genetics/skin-color

http://www.archaeologyinfo.com/australopithecusafarensis.htm

Advertisements


අනවශ්‍ය දේවල්

  • 155,679 ක් බැළුවා

මරුවා වැහෙන දින

අගෝස්තු 2011
බ්‍ර සි සෙ
« ජූලි   සැප්. »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: