19
අගෝ.
11

ගැහැනු අත්පත් කර ගැනීම

වසර 120000 පෙර ඔහුගේ නම සිංහල හෝ දෙමළ නොව හෝමෝ සේපියන්ය. නව සත්වයා ඌය. අර්ධ සත්වයෙකි. උපත යුරෝපය හා උත්තරාර්ධ ගෝලයේ බොහෝ ප්‍රදේශ හිමෙන් වැසී තිබූ කාලයයි. ඒ ඊසාන දිග අප්‍රිකාවේ ය. ඌ මැද පෙරදිගටත් දකුණු අප්‍රිකාවටත් යුරෝපයට මධ්‍ය ආසියාවටත් ගමන්ගති. එක් සැතපුමක් ගමන් කිරීමට ඌට වසර අටක් පමණ ගතවිය. නව ලෝකයට වනචාරී හෝමෝ සේපියන්ට එන්න විතරක් වසර 14000 ක් පමණ ගතවිය. අයිස් යුගය කෙමෙන් නිමාවෙමින් තිබුණි. ලංකාව දැන සිටියේ නැත. දෙමළු සිටියේද නැත. මුහුදු තව තවත් පැතිරිණි. ගොඩ බිම පටුවිය. දැන් වගේ බුරියානි හා කුකුල් මස් තිබුණේ නැත. හැබැයි ‍ලෝකය ම ඒසී කර තිබුණි. එළ බුවාලා ආතල් පොරවල් මාර සිංහල වීරයින් ‍කමෙන්ට් කරමින් සිටියේ නැත. පාර කාපට් දමා නොතිබුණි ඒ මදිවාට යසට තිබූනු පොළව මුහුදුබත්වී රටවල් දූපත් හා මහාද්වීප ලෙස බෙදෙමින් පැවතිණ.

මේගැන ඇති සාක්කි ගැන අහන්න ලංකාවේ අය සිටියේ නැති නිසා විද්වතුන් ‍ෆොසිල වල කාබන් පරීක්ෂණ මගින් කාලය වයස අනුව ඉතිහාසය කියනවා පමණි. එහෙම නැත්නම් ඩීඑන්ඒ පරීක්ෂණ මගිනි. ඒ අනුව නිගමන වලට එනවා. අවුරුදු මිලියන 3කට පෙර ඒ වෙලාවේ එතන ඉඳල දැකල පොටෝ අරන් සාක්කි දෙනවා නොවේ.

නව ලෝකය යනු අප්‍රිකාවෙන් පිටත ලෝකයයි. මෙතැන් සිට වසර 60000ක් තිස්සේ ඔහු ලෝකය පුරා ඇවිද්දේය. ඒ ගිය පාරවල් වල ටොයොටා අල්ටො ලැම්බොගිනි තිබුණේ නැත. ටිවී චැනල් හා පත්තර කාරයෝ බොරු ලියමින් පස්සෙන් ගියේද නැත. මෙම ගිය මාර්ගය ගැන යොයා ගැනීමට දහස් ගණනක් මිනිසුන් තම ඩීඑන්ඒ විද්‍යාඥයින්ට ලබා දී ඇත. ඔවුන් උප්පැන්න සහතික බැලුවේ නැත. පවුලේ ඉතිහාස තොරතුරු සත්‍යලෙස ඉදිරිපත් කර ඇත. මේ අනුව ඔවුන් කල සිතියම මෙහි දක්වා ඇත.

ඒ සමගම මෙහි ලංකාව ගැන සඳහන් නොවේ. නමුත් ඉන්දියාවට පැමිණියේ නව ලොව මිනිසා බවට සාක්ෂි ඔවුන් ඉදිරිපත් කර ඇත. මේ පරීක්ෂණය සඳහා වසර 5ක් ගතවී ඇත. නැෂනල් ජෝයෝගැපික් සහ අයිබීඑම් මේ සඳහා උදව් කරල තියෙනවා මගෙන්වත් අහන්නැතිව.

දැන් මට අනුව මේ පැමිණි මිනිසුන් එක දිනකදී ශ්‍රී ලන්කන් එයාර් ලයින් එකකින් පැමිණ නැත. මේ පැමිණීම තුළ තවත් වසර 30000 ක් පමණ ගතවී ඇත. ඒ එන ගමන තුළ ගින්දර යොයාගැනීම, රෝදය, අවි, ඇඳුම්, ඔවුන් සොයාගන්නට ඇත.  ගෝත්‍රික යුද්ධ නිතර සිදුවන්නට ඇත. දිනපතා සිදුවූ දඩයම් සඳහා දුන්න ඊතල මසුන් මැරීමේ ආම්පන්න ඔවුන් සොයා ගන්නට ඇත. ආහාර කල් තබා ගැනීමේ ක්‍රම, ගුහාවල ජීවත්වෙන හැටි සොයා ගන්නට ඇත.

මෙම කාලය තවත් වසර දහස් ගණනක් යන විට පුළමුව සිදු කරන්නට ඇත්තේ “ගැහැනුන් අත්පත් කර ගැනීමයි”, තාමත් පිරිමින්ගේ වස්තුව සම්පත ප්‍රාග්ධනය ගැහැනියය. දෙවනුව දඩ බිම් හෝ වගා බිම් අත්පත් කර ගැනීමයි. මේ අවශ්‍යතා දෙක තමයි නයිල් නිම්න මිනිසුන් ලංකාවට පැමිණීමේ පාර තියෙන්නෙ. දකුණු ඉංදියාවේ රට මැද වතුර නැත. නැගෙන හිර කඳු වැටියකි. එහිද ජලය හිඟය. ඒක නිසා තමයි දකුනු ඉන්දියන් මිනිස්සු ලංකාවට එන්න එක හේතුවක් වුනේ.

ඉංදු නිම්නයෙන් දකුණට එළවන මිනිසුන්ට ලැබෙන්නේ දඬුවමකි. අද කාලයේ වගේ නොවේ. ඒනිසා කතන්දර කාරයා කියන්නා වාගේ “විජය ආවා වගේම එදාට පෙරත් පසුත් ලංකාවට විවිධ අය ආවා, විශේෂයෙන්ම ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත වලින්. ලංකාවේ දකුණේ කොටස් කේරළ, ආන්ධ්‍ර ප්‍රදේශ් වගේ පැතිවලින් ආපු අය. වයඹ සමහරු ගුජරාටි, මැරූටි අය. එතකොට ඔරිස්සා, බෙංගාලි අයත් ඉන්නවා. ඒ දවස්වල පාස්පොට් නෑ, වීසා ඔන් ඇරයිවල්. මේ සේරමගේ සංකලනය තමයි සිංහල. “පර සිංමලු“.

අද ඔය කුල භේදය කියන්නේ ඉන්දියාවේ සිට ආපු ප්‍රෙද්ශය අනුව ඒ ඒ මිනිස්සුන්ගේ තියෙන වෙනස්කම්වලට. සමහර වචන, උච්චාරණය පවා වෙනස් ඒකයි. මේ දේවල් අවුරුදු සීයකට ඉස්සර ලංකාවේ හිටිය මිනිස්සු මීට වඩා හොඳින් දැන සිටියා. (පියදාස සිරිසේන ගේ “විමලතිස්ස හාමුදුරුවන් ගේ මුදල් පෙට්ටිය” කියන නවකථා පොත බලන්න.)

අද ලංකාවේ දෙමළ සිංහල වලියත් දකුණු ඉන්දියාවේ කේරළ – තමිල්නාඩු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

Advertisements


අනවශ්‍ය දේවල්

  • 155,632 ක් බැළුවා

මරුවා වැහෙන දින

අගෝස්තු 2011
බ්‍ර සි සෙ
« ජූලි   සැප්. »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: