18
අගෝ.
11

ලංකාවේ පෙකනිවැල

ගෝත්‍රිකයින් ලෝකය පුරා නව බිම් සොයනා යුගයයි. යකඩින් හා ගලින් තැනූ ආයුධ සමහර ගෝත්‍රවලට බහුලව තිබුණි. බ්‍රිතාන්‍යයින් එකිනෙකා මරා ගත් යුගයයි. අර්ධ දඩයක් කරුවන් අර්ධ ගොවීන් තම ස්ථීර වාසස්ථාන සොයමින් ලෝකය පුරා සංචාරය කරන යුගයයි. ලෝකයම තවමත් නැවුම්ය. දඩයම අපහසු වෙහෙස දෙන කටයුත්තකි. වගාකිරීම පහසුය ස්ථීරය.

නමුත් ස්වභාවික ලෙස වගාවට සුදුසු බිම් හිඟය.

ඉංදු නිම්නයද ජනාකීර්ණය. ඒමදිවාට නොයෙක් ආගම් හා කතාකාරයෝ මිනිසුන් බෙදා වෙන් කර තිබුණි. අඩු වරප්‍රසාද ලාභින් දුෂ්කර ප්‍රදේශවලට පලවා හැර සටන්කාමී සහ සංවිධානය වු ගෝත්‍රිකයින් අනෙක් ජනයා හා සටන් වැද පලවා හැරි යුගයයි. එක එාට පවුලෙන් පවුලට ගෝත්‍රෙයන් ගෝත්‍රයට ආගම් තිබුණි. දෙවිවරුද තොග ගණනේය.

දුප්පත් ගෝත්‍ර මරණය හෝ සටන තෝරා ගත යුතුවිය. යකඩ වැඩ නොදන්නා ලෝකුරුන් නැති ගෝතු දුප්පත්ය. මෙම හුදකලා කුඩා කණ්ඩායම් ඉංදු නිම්න යෙන් ගොඩ බිම් මාර්ග ඔස්සේ දකුණට ගියෝය. විජය කුපාඩිකමේ ගිය පාරද එවැනි පාරකි.

දකුණු ඉන්දියාව දුෂ්කර පලාතකි. මෝසම් වැස්ස හැර ජලය ලැබෙන වෙනත් ක්‍රම නැත. පොළව ගොවිතැනට සුදුසු මට්ටමට ගැනීමට වෙහෙස විය යුතුය. දකුණු ඉන්දියාව රාමේශ්වරමේ සිට තවත් විශාල දූපතකට සම්බන්ධ බව එහි සිට ‍ඉන්දියාවට එන මිනිසුන්ගෙන් දැන ගත හැකිය. කාලයකට වේලී යන ගස්වැල් නිසා වඳුරන්ද ආහාර ගස්කොළං සොයා මේ දූපතට රංචුපිටින් සංක්‍රමණය වෙති.

සංනිවේදනය කට කතා පමණි. ලෝකය ගැන දන්නේ සාමූහික දේව කතා මගිනි. දෙවියන් හා ආගම දැනුම ලබා ගැනීමේ එකම මාර්ගයයි. රාම රාවණා ගැන කතා ගොතන දේශකයෝ කතා කියමින් ඉන්දියාව වටා ගමන් ගනී. මේ එකල කලාකාරයෝය නතිනම් ටෙලි නාට්‍ය කාරයෝය. කතා කියමින් ඇවිදින්නෝය.

මිනිසුන් ගොවි තැනට සුදුසු සැමදාම වැස්ස හා ජලය ඇති දූපත ගැන කතා අසති. ඒ නිල්ලෙන් පිරුණු දිවයිනකි. ඒ කාලයේ උතුරු ඉන්දියාවේ හොරු මංකොල්ල කරුවෝ හා චණ්ඩි මෙම දූපත ගැන අසා තිබුණි. අසුන් පිට යන්නන්ට ද කණ්ඩායම් වශයෙන් මං පහරන්නන්ටද බලවත් ගෝත්‍ර වලින් තාවකාලිකව සැඟවී සිටීමටද අවශ්‍ය විය. උන් මේ දූපතේ සැඟවුණි. යක්ෂයින් අදහන, නාගයින් වඳින, දේවිවරු ඇතැයි කියන් ගෝත්‍ර මීට පෙර ඉන්දියාවේ සිට පැමිණ තිබුණි.

රාමේශ්වරමේ සිට මෙම දූපතට ධීවරයෝ ගොස් තිබුණි. මෙම ගොවිතැනට සුදුසු බිම් සොයා යාම වසර දහස් ගණනක් තිස්සේ සිදු විය. ආගමට හෝ ඇදහීමට අනුව මිනිසුන් වර්ග කල කාලයයි. නාගයින් අදහන මිනිසුන් යක්ෂයින් අදහන මිනිසුන් දෙවියන් අදහන මිනිසුන් ආදී ලෙස බොහෝ ඇදහීම් පැවතිණ. ඇදහීම් අනුව මිනිසුන් ගෝත්‍ර ලෙස හඳුනා ගති.

කෙසේ වුවද කුඩා පරිමාණ යාත්‍රා වලින් මෙම දූපතට ළඟා විය හැක. නැතහොත් වසරේ එක් කාලයකදී මෙම දූපත හා ඉන්දියාව යාවෙන වැලි බැම්ම දිගේ පයින් යා හැක. (වඳුරන්ටද යා හැකි තරම් වැලි බැම්ම මතු වේ) නමුත් කාලයත් සමග මෙම තත්වය දැන් වෙනස් වී ඇත. මෙම කාලයකට මතුවන කාලයකට මුහුදෙන් සේදෙන මෙම වැලි බැම්ම ලංකාවට ඉන්දීය මිනිසුන් එන යන මාර්ගය වී තිබුණි.

මෙම දූපතේ කාලයක් නැවතී ගොවිතැන් කර නැවත ඔවුන් තම රටට හෝ ගෝත්‍රයට ගියෝය. යාපනයට ආව සංගීතකාරයා ද එහෙම ආව කෙනෙකි.

එසේම චණ්ඩින්ට ලංකාව තාවකාලික ආරක්ෂිත ස්ථානයක් විය. එනිසා එන එන චණ්ඩියා ඊට කලින් හිටි චණඩියා ට පහර දී පාලනය අතට ගති.

සමහරු නැවත නොගියෝය. මෙලෙස තාවකාලිකව පදිංචි වූ මිනිසුන්ගේ රජු හෝ ගෝත්‍ර නායකයා හැඳින්වූවේ සිංහ නමිනි. සිංහ ගෝත්‍රයේ නායකයා සිංහල විය. එම ගෝත්‍රය ම පසුව සිංහල විය. වැද්දන් යනු විජයට පෙර පැමිණි ගෝත්‍රිකයන්ය. ඔවුන්ද දකුණු ඉන්දියාවේ වෙනත් ප්‍රෙද්ෂයක සිට පැමිණි මිනිසුන්ය. දැන් ඔස්ට්‍රේලියාව ජනපද කරනයට වෙනත් ජාතීන්ට වීසා දෙන්නේ ඒවගේ මිනිස්සු ඇවිත් ඇවිත් පදිංචි වෙනවා. සමහරු යන්නෑ නමුත් සමහරු යනවා.

අපි තූත්තුකුඩියේ මිනිස්සු වෙමු. මේ බවට සාක්ෂි ඕනෑ තරම් ඇත. අපි අඳින සරම, පදින ඔරුව, කුල්ල, පල හතරේ වහල, ලිප, පොල් ගෑම, තූත්තුකුඩියට සමානය. මේ ලංකාවේ ඇත්ත ඉතිහාසයයි. විජයට පෙර හා විජයට පසුද මෙහි ඉන්දිය මිනිසුන්ගෙන් ජනාවාස වුණු දූපතකි. විජය යනු එක පොරක් පමණි. එවැනි භූතයෝ බොහෝ ගණනක් පැමිණියෝය. අපි බුදුහාමුදුරුවන්ට ආස වේනනේ අපි කැත නිසා. දකුණට ආව මිනිස්සු දුප්පත් දුෂ්කර ජීවිත වලට හුරු අපිරිසිදු කැත මිනිස්සු. අපේ ජනතාවගේ රූපය කැතය. දකුණු ඉන්දියාවේ වගේමය.

මෙම වැලි බැම්ම සම්පූර්ණයෙන්ම ලංකා ඉතිහාසය ගොඩනැගූ මෙවලමයි.

ඔබට කැමතිනම් විජය කතාව, සිංහබා කතාව, හේම මාලා දන්ත කුමාරයා, බුදුන් තෙවරක් පැමිණීම, යක්ෂ නාග දේව ගෝත්‍ර කතාව, කුවේණි කතාව, රාම රාවණා කතාව, වඳුරන් ගේ කතාව, දෙමළ මිනිසුන්ගේ කතාව, එක එක රජවරු වසරෙන් වසර වෙනස්වුනු කතා, යුද්ධ ගොඩක් පැවති කතාව, ආදී සියලුම කතා සහ සංගීතය නැටුම් සටන් කලාවන් ආ හැටි, එක් එක් කර්මාන්ත, ගල් වැඩ, වඩු වැඩ, සීගිරිය, චිත්‍ර, ඉන්දියාවෙන් ගෑනු ගෙන ආ කතාව ආදී සියල්ල මෙම වැලි බැම්මේ ස්වභාවික හැසිරීම සමග සම්බන්ධ කරගත හැක. හැබැයි මේක ඉංදියන් ගොබ්බ හැත්ත කියන විදිහට රාමා ගේ පු–ක් නොවෙ. රාවනාගේ මගුලකුත් නොවේ. මේ ස්වාභාවික වැළි බැම්මක්. දැන් හේදිලා ගිහිල්ලා..

මේ වැලි බැම්ම ලංකාවේ පෙකනිවැලයි. ලංකාවේ මිනිසුන් හා දකුණු ඉන්දීය මිනිසුන්ගේ සමාන කම් බලන්න.

දැන් අපි කවුද ? සිංහල+දෙමළ =  සිංමළ

මේවා බලන්න

මේවා බලන්න

Advertisements


අනවශ්‍ය දේවල්

  • 159,868 ක් බැළුවා

මරුවා වැහෙන දින

අගෝස්තු 2011
බ්‍ර සි සෙ
« ජූලි   සැප්. »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: