30
ජුනි
11

නැවතත් “ඡන්ද චක්කරය”

බණ්ඩාරනායක වරක් බෞද්ධ වෙඩිල්ල සිරිමා එකයි

සිරිමා වරක් හාල්පොල්ල ජවිපෙ එකයි

ජවිපේ වරක් 30000 යුඇන්පී එකයි

යූ ඇන්පී වරක් ජනාධිපතිකම ජේආර් එකයි

ජේආර් වරක් නිදහස් ආර්ථිකේ යූ ඇන්පී එකයි

යු ඇන්පී වරක් මහපොළ ප්‍රේමදාස එකයි

ප්‍රේමදාස වරක් 60000 චන්ද්‍රිකා එකයි

චන්ද්‍රිකා වරක් සනත් ගුණතිලක මහින්ද එකයි

මහින්ද වරක් ප්‍රභාකරන් තුනෙන් දෙකයි.

 

යූ ඇන්පී මිනිස්සු නායක පොන්නය කියල රනිල්ට බැන්නම මිනිස්සු ඡන්දෙ දෙන්නේ රැවුල තියෙන මහින්දට

ජවිපේ ආණ්ඩුවට බැන්නම මිනිස්සු ඡන්දෙ දෙන්නේ මහින්ද මහත්තයට

ජවිපේ මහින්දට බැන්නම මිනිස්සු ඡන්දෙ දෙන්නේ ආණ්ඩුවට

යූ ඇන්පී මිනිස්සු ආණ්ඩුවට බැන්නම මිනිස්සු ඡන්දෙ දෙන්නේ මහින්ද ට

යූ ඇන්පී මිනිස්සු මහින්දට බැන්නම මිනිස්සු ඡන්දෙ දෙන්නේ ආණ්ඩුවට

අනිත් කවුරු ආණ්ඩුවට බැන්නත් මිනිස්සු ඡන්දෙ දෙන්නේ මහින්ද මහත්තයට

ජවිපේ මාක්ස් ගැන කිව්වම මිනිස්සු ඡන්දෙ දෙන්නේ ධනපතියන්ට.

ධනපති යූඇන්පී මිනිස්සු මාක්ස්වාදයට බැන්නම මිනිස්සු ඡන්දෙ දෙන්නේ ආණ්ඩුවට.

සමාජවාදය ගොඩනැගීම සඳහා මිනිස්සු ඡන්දෙ දෙන්නේ ධනපතියන්ට.

ජවිපේ සිහළ උරුමයට බැන්නම මිනිස්සු ඡන්දෙ දෙන්නේ බුදුහාමුදුරුවන්ට.

හාමුදුරුවන් ඡන්දෙ ඉල්ලුවාම මිනිස්සු ඡන්දෙ දෙන්නේ ගිහියන්ට.

ආණ්ඩුවේ මන්ත්‍රී වරු යූඇන්පියට බැන්නම මිනිස්සු ඡන්දෙ දෙන්නේ රනිල්ට.

ප්‍රජාතන්තරවාදය නැහැ කිව්වම මිනිස්සු ඡන්දෙ දෙන්නේ පවුල් දේශපාලනයට

හෙළ උරැම කාරයෝ විජේවීර බැන්නම මිනිස්සු ඡන්දය දෙන්නේ ආණ්ඩුවට.

මංගල පවුල් දේශපාලනයට බැන්නම මිනිස්සු ඡන්දෙ දෙන්නේ යූ ඇන්පී කොල්ලන්ට

මිනීමරු පොන්සේකා කට ඇරිය ගමන් මිනිස්සු ඡන්දය දෙන්නේ කුලයට

සෝමවංශ කට ඇරිය ගමන් ඡන්ද කැටියක්ම වැටෙන්නේ මහින්දට.

සෝමවංශයයි ටිල්විනුයි කට ඇරිය ගමන් ඡන්ද කැටියක්ම වැටෙන්නේ මහින්දටයි රනිල්ටයි.

කවුරු ආර්ථිකය කඩා වැටිල කිව්වත් ඒකෙන් ඡන්දය වෙනස් වන්නේ නැත.

කවුරු රස්සා නෑ කිව්වත් ඡන්දය ලැබෙන්නේ ආණ්ඩුවටමයි.

මහින්ද කී පාරක් ඡන්දෙ ඉල්ලුවත් මිනිස්සු ඡන්දය දෙන්නේ මහින්දටමයි.

ව්‍යවස්ථාව වෙනස්කළාට මිනිස්සුන්ගේ ඡන්දය වෙනස්වන්නේ නැත.

විදේශ ප්‍රතිපත්තිය විදේශ සංචාර යනු ඡන්දය ලැබීමට සුදුසු කමක් පමණි.

අධාපනය පාන් එක්ක කෑවත් ශිෂ්‍යයෝ දහස් ගාණක් මැරුවත් මිනිස්සු ඡන්දය දෙන්නේ ආණ්ඩුවටමයි.

හිරේ යන්නේ වැරදිකළ මිනිස්සු නිසා කවුරු හිරේ දැම්මත් ඡන්දය වෙනස්වන්නේ නැත.

රනිල් මහින්දට බැන්නම මිනිස්සු ඡන්දය දෙන්නේ රනිල්ටමයි.

මහින්ද රනිල් ට බැන්නමත් මිනිස්සු ඡන්දය දෙන්නේ මහින්දටමයි.

ජවිපෙට චන්දය ලැබෙන්නේ සිහිකල්පනාව නැති මිනිසුන්ගෙනි. 

Advertisements


අනවශ්‍ය දේවල්

  • 159,868 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූනි 2011
බ්‍ර සි සෙ
« මැයි   ජූලි »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: