27
ජුනි
11

“බෙළහීන විශ්ව විද්‍යාල සිසුන් හදන ෆැක්ටරි” “Impotent University Student Factory”

සරත් විජේසූරිය අංකල් පොත් වෙළෙන්දෙකි. කඩ කීපයක්ම තිබේ. මහාචාරියා නමින් හම්බකරගන්නා පට්ටමක්ද පලඳී. දන්නා තරමින් පට්ට සිරිලංකා කාරයෙකි. උගන්නන්නේ සිංගලය. අප්පා පරණ 60-70 දශකවල පරණ කඩමාලු පොත් අරන් ඇවිත් නෝට් හැටියට ළමයින්ට කටපාඩම් කරවති. මේ අංකල් කැම්පස් එකේ අනෙක් මහාචාරියයන් සමග තිබ්බ නඩුව දැන් ඉවර කරලාය. දැන් මහමගට බැහැලා ගාණක් වැඩිපුර දෙන්න යැයි කෑ ගසති. සරත් ඉල්ලන පිං පඩි නඩුව දැං පටන්ගත්තා විතරද කොහේද ? මුන් ගෙන් ඉගෙන ගත්තු එකෙකුටවත් තාම වගතුවක් නැත. සිංගල මහාවාරියෙකි.

සරත් කොටගම මහාචාරිය මුත්තා ලංකාවේ කාක්කන් ගැන බල බලා සිටියේය. මෙයාටද කැම්පස් අංකල්ලාම මහාචාරිය පට්ටමක් දුනි. මූණ දැක්කම පස්ස නොබලා දුවන්නට හිතෙන්නේය. ආයතන 10කින් විතර පඩි ගන්නේය. තවත් ඕනෑය කියමින් පාරේ හිඟාකති. මහාචාරිය පට්ටම පෙන්නමින් ලෝකය වටේම රවුම් ගසන්නේය. ඒවායෙන්ද හම්බ කරති. ඒත් මදිය.

තේනුවර රූප පප්පාට ද කඩ කීපයක්ම ඇත. පුරාවිද්‍යා මහාචාරියෙකි. පට්ට යූ ඇන්පීය. චිත්‍ර කඩ කීපයකම හිමිකරුය. බැරල්වල තීන්ත උලා විකුණන්නේය. ඒවා මාර පෝස්ට් මොඩන් දර්ශනවලින් සරසලා වෙසක් එකට පාරට දමා හම්බ කරති. මේ මහාචාරියාගේ චිත්‍ර කඩයේ නොමිලේ උගන්නන්නේ නැත. ගානද සැරය. ලෝකය වටේ යමින් එන්ජීඕ වලින්ද ගාන කපති.

අනිකා ප්‍රභාත් ජයසිංහ අංකල්ය. සිරිලංකා කාරයෙකි. 88-89 දී ජෙප්පන් පාවා දුන්නේය. රට ගොහින් ගාණක් කපාගෙන ඇවිත් සිංහල කොරයි. මෙලෝ රහක් නැත. කැම්පස් සිස්සයා කාලේ කේජී එක පැත්තේ ඕනම වෙලාවක හම්බවෙන්න පුළුවන්ය. දැන්නං ඉතිං සොමි කාමරයක්ම තිබේ. හප්පා පැණි හට්ටියකි.

මහාචාරිය නිර්මාල් රංජිත් (දේවසිරි) හෙවත් වමා හෙවත් අමාරිස් අංකල් පැරණි මිනීමරු ස්වාධීන ශිෂ්‍ය සංගමයේ කෙරුමෙකි. දැන් තාපස වෘතයක් රකින්නේ පැරණි මිනීමැරුම් එළියට ආවොත් මැරෙන්න වෙන නිසාය. මොහු වඩාම සමාන ගොබ්බ සුළුනන්ද දේශප්‍රිය භූතයාටය.

මේ හොඳ කාලයකි. කළුගල් දියවෙන බුදුවරු බල්ලන් සමග බුදියන මාර දූවරු පසේබුදු වන කාලයකි.

දැන් ආණ්ඩුව යනු පොලීසියයි හමුදාවයි පාර්ලිමේන්තුවයි විතරක් නොවේ. කැම්පස්ද ආණ්ඩුවය. එහි පාලකයෝ වන්නේ තොපිය.

විශ්ව විද්‍යාල මිලිටරිකරනය කරනවා කියමින් අඬන්නේ තමන්ගේ නොහැකියාව වහ ගන්නයි. මෙච්චර කාලයක් කැම්පස් වල රැග් කිරීම නවත්තන්න උඹලට බැරි වුණා. ඒක ආණ්ඩුවෙන් තරල දුන්නා. ඕ ලෙවල් ඒලෙවල් ප්‍රශ්නපත්තර ටික හදාගන්න බැරි වුණා, නීති දා ගත්තා. මුන් හරි බිසීනෙ ඒකයි. අලුතින් එන කොල්ලන්ට කෙල්ලන්ට ඉංග්‍රීසි ටිකක් අයිටී ටිකක් උගන්නන්න බැරි වුණා. දැන් ඒකත් ආණ්ඩුව භාර ගත්තා. ඇත්තටම අවුර්දු 30-40 ක් පස්සට බලපියව් මේ කැම්පස් 5න් 6න් රටටට ඇතිවුණු කරදර ටික. එළියට ඇවිල්ලත් රස්සා ඉල්ලන හැටි. තොපි මොනවද කළේ. ඒක තමයි හමුදාව දැන් භාර අරන් තියෙන්නෙ. දැන් උඹලගේ රස්සාවට කෙළවෙන කාලයක්.

අවුරුදු 4-5 ක් කැම්පස් සේරම වහලා දැම්මත් මේ රටට නැතිවෙන්න කිසි දෙයක් නෑ.

ලංකාවේ පෞද්ගලික වි. විද්‍යාලවල අධ්‍යක්ෂක මණ්ඩලවල සාමාජිකයින් වන්නේ මේ ආචාරිය මහාචාරිය වරුය. නැතහොත් වෙළඳ සමාගම්වල අධ්‍යක්ෂක වරුය. මෙයින් බොහෝ දෙනෙකු එන්ජීඕ අයිතිකාරයෝය. නැතහොත් සාමාජිකයින්ය. කෙ‍ෙස් හෝ ගානකපන අයියලාය. හැම මහාචාරියෙකුටම අළුත් ඩියුටි ෆ්‍රී වාහන ඇත. සමහරු වාහන කුලියට පවා දෙති.

කැම්පස් වල මුට්ටි අල්ලන රෙද්ද උස්සන ඕන එකෙකුට ආචාරිය මහාචාරිය පට්ටම් ගත හැක. ඒවා පෙන්නා ඒ ඒ තැන්වලම නාකිවී හම්පඩ වෙනකම් උලා කමින් සිටිති. ගේම් දීල ගන්න‍ා ආචාරිය මහාචාරිය පට්ටම් පෙන්නමින් සයිඩ් එකෙන් බිස්නස්පාරක්ද දා ගනිති. රට හදන්න ආණ්ඩුවට උපදෙස් දෙන්නේද මුන්ය. මුන්ට විරුද්ධව සිසුන් පෙළපාලි යනවිට ඒවා එපා කියන්නේද මුන්ය.

එතකොට පාරේ කොත්තු දාන, ගැරේජ වල හුළං ගහන, බුලත්විට විකුණන, පිටකොටුවේ මුට්ට කරගහන, පාරේ පේර අඹ විකුණන, මේසන් වැඩපල වල්වල අත්වැඩ දෙන, මාළු කිලෝ එකක් තියාගෙන පාරෙ ඉන්න  අපි තොපි දැකල තියෙනවද ? තොපි ගන්න පඩියෙන් අලුක්කාලක් අපිට ලැබෙනවද ? තොපිට වගේ කාර් තියෙනනවද ? අපි පාරේ පිකට් කරනවද ? අපි එක එකාට කඩේ යනව දැකල තියෙනවද ?

තොපි ‍ඔය කියන අධ්‍යාපනයෙන් මේ රටට වෙච්ච සෙතේ කියපියව්. 71 යුද්ධයකුයි. 83 කලු ජූලියකුයි. 88-89 තව සංහාරයකුයි. අවුරුදු 30ක දෙමළ සිංහල යුද්දෙකුයි ඇති වුණි නොවේ. ඒවා ඇති කරා. ලංකාවේ දේශපාලකයො විතරක් නොවේ තොපිත් ඒකට වගකියන්න ඔන. තොපි තමයි උන්ට ඒවා කරන්න ඉගැන්නුව පර හැත්ත. දැන් නිකං රට ගොඩදාල වගේ කතාව. අද්දියාපනේ බේරගත්තා වගේ කතාව. නිකං මුළු රටම තොපේ අතේ වගේ කතාව.

අනේ පල මහාචාරියො යන්න. තොපි ආරක්ෂා කරන විස්ස විජ්ජාල. තොපි රකින අධ්‍යාපන ක්‍රම. තොපි ගොඩදාන රට. අතාර්කික මුග්ධ සිසුවා බිහි කරන්නේ උඹලම තමයි. තොපි පාරේ ඉඳන් කෑ ගහන්නේ තොපිම හැදුව රටට එරහිව තමයි. උඹලා කෑ මොර දෙන්නේ අපහාස කරන්නේත් ඌරා කියන්නේත් උඹලාටම තමයි. ඌරු කොටු හදන්නෙත් උඹලාම තමයි. “Impotent Campus” හැදුවේත් උඹලාම තමයි.

යකෝ තොපි නොවේ මේ රටට සල්ලි ගේන්නේ. අපේ හිඟන ගෑනු රට ගිහිල්ල එවන තුට්ටු දෙකෙන් තමයි තොපි පඩි ගන්නේ. උන් වහල්ලු වගේ වැඩකරල එවන සල්ලි වපළින් තමයි තොපි කාර් ගන්නේ. අපේ ගෑනුන්ට තමයි ලෝකේ අඩුම පඩි ගෙවන්නේ. ලංකාවේ එවුන්ට ලෝකේ කොතනකවත් හොඳ පිලි ගැනීමක් නෑ. උඔල මොනවද කරල තියෙන්නේ. අඩුම ගානේ කැම්පස් ටික රටට බරක් නොවෙන්න හදල තියෙනවද ? තොපෙන් ඉගෙන ගන්න උන්ට රටේ අනෙකුත් නූගත් එවුන්ට ආදර්ශයක් වෙන් උගන්නල තියෙනවද ? හම්බ කරන් කන්න උගන්නනවද ? නිකං උගන්නන එකේ ගෞරවය රටට පෙන්නන්න උගන්නල තියෙනවද ? අවුරුදු 30ක් යුද්ධයක් තිබුණ. ඒක නවත්තන්න තොපි මෙනව කළාද ?

උඹල කරන්නේ මොනවද ? කියන්නේ මොනවද ? ඒවා රටක අනාගතය ට බලපා‍න්නේ කොහොමද ? කියල බලල තියෙනවද ?

උඹලා මේ දැන් කරන්නේ නැවතත් තව අවුරුදු 10කින් 15කින් එන මහා සංහාරයකට මුල පිරීමක්.

මොනව කරලද මේ රට ගොඩදාන්න යන්නේ ?  උඹලා බුදියන්නේ බල්ලන් සමගය.

Advertisements


අනවශ්‍ය දේවල්

  • 154,848 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූනි 2011
බ්‍ර සි සෙ
« මැයි   ජූලි »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: