16
ජුනි
11

මතුගමඅහ අජිත් පැරකුම් ජයසිංහ ගේ ශාස්තෲ නම් ප්‍රබන්ධය ගැන

මතුගමඅහ හද්දා පිටිසර ඉද්දගොඩ නම් වනාන්තරේ විසූ අජිත් පැරකුම් ජයසිංහ නම් බොලොග් කරුවකු විසින් ප්‍රබන්ධ සාහිත්‍ය කෘතියකැයි කියන ශාස්තෲ නමින් හැඳින්වෙන පොතක් දිනෙක කියවා හමාර කලෙමි.

මේ ඒ පොත ගැනයි.

වසර ගනනාවක් එන එක බහුබූතයින්ගේ පල්හෑලි කියවීමට පුරුදු පුහුණු කර ගත් අපේ මෝඩ ඔළු නිසා මේ පොතද ඔහේ කියවාගෙන යන්න හැකි විය. මරුවාට එයද හුදු පොතකි. සාමාන්‍ය පාඨකයෙකු වන මට මරුවකු ලෙස ජීවත්වන්නට සිදු වූ මේ සමාජ වටපිටාව පසුබිම් කොට ලියන ලද හුදු “චික්ක ග්‍රන්තම්” එකකි. එහි කිසිදු අපූර්වත්වයක් මට නොදැනුනි. ඔහු පොතට දී ඇති නම පරිදි ශාස්තෲ කෙනෙකු මෙම වියමන තුල සිටී දැයි සෙවීම සඳහාම මෙම පිටු 163ම මම කියවූවෙමි. වැරදිලාවත් ඔබත් මේ පොත කියවූවොත් මට මෙන්ම ඔබටත් වෙනත් කිසිවෙකුටත්  එහි ශාස්තෲ කෙනෙකු හමුවන්නේ නැත.

88-89 කාලය යනු අන්වර්ථ නම් භාවිතා කරමින් වාමාංශික යැයි තමන්ම කියා ගන්නා බූතයින් පිස්සු නැටූ කාලයකි. අද මෙන්ම එකලද 100ක් තරම් වූ මෙවැනි ශාස්තෲ වරු මහජන පුස්තකාලයේත්, ජයවර්ධන සෙන්ටර් එකේත්, ජාතික පුස්තකාල සේවා මන්ඩලයේත් වමේ මීටින්වලත් හමුවෙති. මෙම 100දෙනා විප්ලව වාදීන්ද වෙන වකවානු ද තිබුනි. එසේම උන් රැඩිකල් ද වෙනවා යැයි කියති. ස්ත්‍රීවාදීන්ද, සමාජවාදීන් ද, මාක්ස්වාදීන්ද, කොමියුනිස්ට් වාදීන්ද වන්නේත් මුන් ටිකම පමනි. මේ ලේබල් කාරයෝ සියය පොත් ලියන්නෝද වෙති. ඒ පොත් වල ප්‍රධාන හා අප්‍රධාන චරිතද මේ 100 දෙනා වටාම කැරකේ. උන්ම ශාස්තෲවරුද වෙති. නැතිනම් තමන්ම තමාව ශාස්තෘවරු ලෙස නම්කර ගනිති. (ගංලත්, උයංගොඩ, සුනිල් ආරියදාස, නංගා මාලිනී, හුනිල් විජේධණවර්ධන, දේශඅප්‍රිය) මේ සියල්ලෝම කොළඹදී රට පෙරලීමට මෙන්ම ආගම් හැදීමටද, ජ‍ාතිය ගොඩ නැගීමටද, විරුවන් තැනීමටද, රට උඩ දැමීමටද, ආගම් තැනීමටද, රාජ්‍ය නොවන සංවිධානවල පඩියට වැඩකරමින් ලෝකය ගොඩ නැගීමටද ආදී ලෙස පොර ටෝක් දෙති.  උන් සියදෙනා චිත්‍ර, සංගීතය, නැටුම් සිනමාව මාධ්‍ය ආදී සියළුම මඤඤං වලට හොට දමති.  

මේ හමුවන ශාස්තෘවරු 100 දෙනා ගැන සහ උන්ගේ වැඩ ගැන අපැහැදිලි චිත්‍රයක්  අඳින්නට කරන උත්සාහයක් මේ පොතේ ඇත. කිසිදු විටෙක තර්කානුකූල නොවන  ඉද්දගොඩඅහ අජිත් පැරකුම් ජයසිංහ(යන්) එම පොත දේශපාලන ව්‍යායාමයකැයි ද කියති. එසේම තවත් තැනක මේ පොත ප්‍රබන්ධ සාහිත්‍ය කෘතියකැයිද කියති.

ලංකාවේ දී ප්‍රබන්ධ සාහිත්‍ය දේශපාලන ව්‍යපාර වන බව සැබෑය. ජවිපෙ, සසප, නසසප, විකොස ආදී ගොබ්බ මාක්ස්වාදී පක්ෂ ලංකාවේ මෙම ප්‍රබන්ධ දේශපාළන පක්ෂවලට අයත්වේ. ශාස්තෲ පොතේද මේ පක්ෂ වල මිනිසුන් ගැන කියවෙන නිසා ජයසිංහගේ ඒ අදහසට මම ද පක්ෂය.

මට නම් ලංකාවේ සාහිත්‍ය යනුවෙන් දෙයක් නැත. කලා කෘතිද නැත. කලාකරුවෝද නැත. චිත්‍රපට, නාට්‍ය, සංගීතය, මාධ්‍ය ආදියද නැත. හරියට මුස්ලිම් මිනිස්සු ඉන්නා රටවල් වාගේය. කොටින්ම රසිකයෝද නැත. අඩුම ගානේ නිකං වැදගත් මිනිහෙක්වත් නැත. සියල්ලෝ හුදු අසික්කිත මිනිසුන්ය. හුදු අසික්කිත ගැහැනුන්ය. ආගම්ද හුදු සිල්ලර ඇදහිලිය. ලොකයේ වෙනත් රටවල ෂිශ්ටත්වයට මග පෑදූ ක්‍රිස්තියානිය ද ලංකාවේදී පිස්සු මඤඤමකි. ලංකාවේ මේ හැම දෙයක්ම ප්‍රබන්ධ කරගත් ඒවාය. එනිසා මට ඉද්දගොඩඅහ අජිත් පැරකුම් ජයසිංහයන්ගේ ප්‍රබන්ධ කෘතියද ප්‍රබන්ධ දේශපාලන ව්‍යායාමයකි.

මට එහි ඉතිරිවූයේ තැන් කීපයකි. 88-89 කාලයේ පොලීසියට හා හමුදාවට බියෙන් කැලෑවක ගෝනියක් තුල නිදාගත් කොටසත් තැන් කීපයක ඔහු සඳහන් කරන අපිද කඩේ ගිය විකල්ප පත්තර කඩමාල්ල ගැන ඇති කොටසත් පමනි.

අත්තටම මෙම ප්‍රබන්ධ පොතේ  ගලායාම අවුල් සහගතය. ඉන්දියාව සිට කියන දේ ලංකාවේ සිට කියන දේ හා අතීතය වර්ථමානය පටලවා ඇත. සරලව කියතොත් ඒවා ටෙක්නිකල් වැරදීම්ය. එහෙයින් කතාව කළු කුහර සහිතය. එක් වරක එක නමකින් හඳුන්වන චරිතය තව තැනකදී තවත් නමකි. (ලාංකිකයින්ට ඒවත් නිකං සාහිත්‍යමය වැඩමන්ට් එකක් කියල කියන්න පුළුවන් ඇත) නමුත් ඒවා වැරදීම්ය.

රතී ක්‍රීඩාව ගැන කියවෙන් තැන් වලදී කෙරෙන සාහිත්‍යමය වර්නණා හැම තැනකදීම  නැත. 42 වැනි පිටුවට පමන වන තෙක් තිබෙන මෙම වර්ණනා වලින් පසුව ඇති කොටස් බොලොග් කා‍රයෝ ලියනා කතා හෝ ගොබ්බ ලංකාදීප පත්තර කඩමාල්ලේ  ලියනා පල් හෑලි වගේය.. පසුව 129 පිටුවේ සිට ඇති කොටස් කීපයක් වර්ණනා සහිත වන අතර පසුව එයද වියැකී යයි.

මරුවා රතී ක්‍රිඩාවට හරිම කැමතිය. ලංකාවේ චන්ඩි කොහොමත් බනින්නේ හු….පං නැත්තං හු……වනවා කියලනේ. ඒ නිසා මම ඒ වැඩේට හරිම කැමතිය. මතුගම ඉද්දගොඩ  අජිත් පැරකුම් ජයසිංහ මේ ක්‍රිඩාව කෙලින් කියන්නේ නම් බඩු ගැහීම ආගමක් ලෙස සහ දෙවියන් දැකීම හෝ අල්ලා දැකීම ලෙස නම් කර ඇති එකට මම හරිම කැමතිය. ආගම්වලට මෙතරම් ලස්සන උපහාසයක් කර ඇත්තේ මේ පොතෙන් පමනි. නිකං “හු…… ආගම” නැතිනම් “හු…… ශාස්තෘ” වැනි අදහසකි. නියම අදහසකි. සුරතාන්තයේදී දෙවියන් හමුවන එක සාමාන්‍ය මිනිසුන්ට දෙවියන් සිහිවෙන කතාවකි.  ‍ඒ කෑල්ල ද මරුය. ඇත්තටම ලංකාවේ කැත කළු ගම්වල නාවර පෙරාගත්ත ගෑනු ඒ සෙල්ලම කරද්දී “මගේ දෙය්යෝ….මගේ දෙය්යෝ” කියමින් හූල්ලන එක ආගමක් වුනහම ….ඒක දේශනා කරන කෙනා ශාස්තෘ කෙනෙක් වුනහම….ඒ ශාස්තෲ අජිත් පැරකුම් ජයසිංහ වුනහම …ඒගැන පොතක් ලියන එක ….ෂා….නියමයි ය.

ඇත්තටම මේ ශාස්තෲලා ලංකාවේ මාක්ලාස්ය…ලෙනින්ලාය…ටිල්වියලාය.. විප්ලව පොජ්ජ මංදෝ කරන්න එන බාප්පලාය. මේ වමය…වමේ මිනිසුන්ගේ හිතය…මම ඒකට කැමති ඒකයි. 

භෞතික සම්පත් වලට සහ බඩු ගැහිල්ලට ජෙප්පන්ගේ සහ අනෙකුත් වම්මුන්ගේ ඇති කෑදරකම හොඳින් ග්‍රහනය කරගෙන ඇති මතුගමඅහ ජයසිංහයෝ  ලාංකික බයියන්ගේ පොදු සාමාජීය ගොංපාට් සාමාන්‍යකරණය කරගෙන ඇත.

එසේම වාමාංශික පිස්සුව අත්හල පුද්ගලයෙකු ප්‍රධාන චරිතයට ගෙන ඒම හා ඔහු ග්‍රාම්‍ය හු…. ආගමක් දේශනා කරන ශාස්තෲ කෙනෙකු කිරීමටද මම කැමතිය. නමුත් මේ පොත පවා ව‍ම්මුන්ගේ ඇරියස් ඇල්ලීමට නැත්නම් හිතින් චූන් ගන්න දුන්න උදව්වකි. එසේම තවමත් වම පාරට්ටු කිරිම හා මාක්ස් අංකල්ට පෙම් කිරීමට මම එකඟ නැත. අනික පොතේ කතෘ රසකර කර කියන්නේ ඕනම බයියෙකුට ගහන්න පුළුවන් ගමේ බඩු  ගැනය. මේ ගෑනු සත පනහටත් රෙද්ද උස්සන උන් බව මතුගමඅහ ජයසිංහයන්ට සිතන්නට බැරිය. මතුගමඅහ ජයසිංහයන් කොල්ලන් ගහන එකනම් එහෙමටම නරක නැත. කරුමේ කියන්නේ ජෙප්පන්ගේ ගතිය ජානවලටත් යන එකයි.  

මරුවා වන මට මතුගමඅහ ජයසිංහයන් ගේ “චික්ක ග්‍රන්තම්” එක ඒ පොතේ ති‍ෙයන වචනයකින්ම හඳුන්වන්නේ නම් මේ පොතත් “මොන පුකක්ද”  වැනි ප්‍රබන්ධයකි. 

Advertisements


අනවශ්‍ය දේවල්

  • 155,679 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූනි 2011
බ්‍ර සි සෙ
« මැයි   ජූලි »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: