30
මාර්තු
11

රාජ්‍ය යනු කුමක්ද ?

ඇට දෙක

මිනිසා විසින් මිනිසා සූරාකනු ලැබීමේ ප්‍රථම ආකෘතිය මතුවීමට පෙර, පංති බෙදීමේ ප්‍රථම ආකෘති වලට – වහල් හිමියන් හා වහලුන් – පෙර පීතෘ මූලික පවුල, නැතහොත්, එය සමහර විට හඳුන්වන ලෙසට, වංශ පවුල පැවැත්තේය. (වංශ -ගෝත්‍රය; එකළ එක පරපුරේ ජනයා එකට විසූහ)

මෙම ආදිකල්පික කාලවලට අදාළ වූ බොහෝ දුරට පැහැදිළි සටහන් ආදිකල්පික ජනතාවන්ගේ ජීවිතයෙහි රැදී ඉතිරිවිය. එනිසා ඔබ ආදිකල්පික ශිෂ්ටාචාරය ගැන ඕනෑම කෘතියක් ගන්නේ නම්, සමාජ වහල් හිමියන් හා වහලුන් ලෙසට බැදී නොපැවති, අඩු වැඩි වශයෙන් ආදිකල්පික කොමියුනිස්ට් (ගෝත්‍රික) ක්‍රමයට සමාන ක්‍රමයක් තිබුණි. එම කාලවලදී රාජ්‍යයක් නොතිබිණි. ක්‍රමානුකූළ ලෙස බලහත්කාරය යෙදීම සහ ජනතාව බලහත්කාරයෙන් යටපත් කිරීම සඳහා විශේෂ යන්ත්‍රයක් එකළ ‍ෙනාතිබුණි. රාජ්‍ය යනුවෙන් හඳුන්වනු ලබන්නේ එවැනි යන්ත්‍රයකි.

මිනිසුන් ම්ලේච්ඡත්වයට සමවූ – වර්තමාණ ශිෂ්ටාචාරයෙන් අවුරුදු දහස් ගණනකට ඉහත යුගයක, තවමත් සංවර්ධනයේ ඉතාමත් පහළ අවධිවල වූ කුඩා පවුල් කණ්ඩායම් වශයෙන් වෙසෙමින් සිටි ආදිකල්පික සමාජය වන විට, රාජ්‍යයක පැවැත්ම හඟවන සලකුණු තවමත් ඇතිව තිබුණේ නැත.

චාරිත්‍ර විධිවල බලවත්කම, වංශයේ වැඩිහිටියන් සතුව තිබුණු අධිකාරය, ගෞරවය සහ බලය අපට දක්නට ලැබේ. සමහර විට මෙම බලය ස්ත්‍රීන්ට දෙන ලද බව අපට දක්නට ලැබේ. එකළ ස්ත්‍රීන්ගේ තත්වය අද මෙන් පෑගීමට පත් සහ පීඩිත තත්වයක් නොවීය.

පාලනය කිරීම සඳහා වෙන්වී සිටින්නා වූද, පාලනය සලකා හා ඒ උදෙසා තමන්ගේ පරිහරණය සඳහා කිසියම් බලකිරීමේ යන්ත්‍රයක්, නැතහොත්, අයුධ සන්නද්ධ හමුදා සේනාංක වලින්, සිරගෙවල් වලින් හා අන්‍යයන්ගේ කැමැත්ත බලහත්කාරය යොදා යටපත් කරන වෙනත් අවයව වලින් සෑදුනු රාජ්‍යයේ ප්‍රධාන ‍ෙකාටස් වලින් නියෝජනය වන වැනි ප්‍රචන්ඩත්වයේ යන්ත්‍රයක් ක්‍රමානුකූල ලෙස හා ස්ථාවර ලෙස පවත්වා ගන්නා, විශේෂ ජන කොට්ඨාශයක් අතීතයේදී අපට කොතැනකවත් දක්නට නොලැබේ.

ආගමික උගැන්වීම් ලෙසට හැදින්වෙන දෙයින්ද, උගතුන් යැයි කියන අය විසින් ඉදිරිපත් කරන සියුම් නිර්වචනයන්, තර්ක හා විවිධ මතිමතාන්තර කෙරෙන් අපි බැහැර වන්නේ නම්,

අපි මේවායින් ඉවත්ව කාරණයෙහි නියම හරය වෙත ලඟාවීමට උත්සාහ කරන්නෙමු නම්, රාජ්‍ය යනු ඇත්ත වශයෙන්ම සමස්තමය සමාජයෙන් පරිබාහිරව පවතින එවැනි පාලනය යන්ත්‍රයක් වන බව අපට පෙනෙනු ඇත.

හුදෙක්ම ආණ්ඩු කිරීම පිණිස වෙන්වුණු සහ පාලනය කිරීම සඳහා අන්‍යයන්ගේ කැමැත්ත බලහත්කාරයෙන් යටපත් කිීමට විශේෂ බලකිරීමේ යන්ත්‍රයක්, එනම් සිරගෙවල්, විශේෂ බල පිරිස්, යුද්ධ හමුදා ආදිය පිළිබඳ අවශ්‍යතාවය ඇති, එවැනි විශේෂ මිනිසුන් කණ්ඩායමක් දක්නට ලැබෙන කළ රාජ්‍ය දක්නා ලැබේ.

නමුත් රාජ්‍යයක් නොපැවති කාලයක් තිබුණේය. එකළ පොදු බැදීම හා මුළු ප්‍රජාවත්, විනය හා වැඩකටයුතු වල ක්‍රමවත් කමත්, පවත්වා ගන්නා ලද්දේ සිරිතෙහි හා සම්ප්‍රධායෙහි බලයද, වංශයෙහි වැඩිහිටියන්, නැතහොත්, ස්ත්‍රීන් සතුව තිබූ අධිකාරය, නැතහොත්, ගරුත්වයද මගිනි. සමාජය පංතිවලට බෙදීමක්, එනම්, එක් කොටසක් අන්‍යයන්ගේ ශ්‍රමය අත්පත් කර ගැනීමේ ස්ථීර හැකියාවක් ලබන පරිදි, ජනතාව කණ්ඩායම්වලට බෙදීමක් දක්නා ලද සෑම විටෙකම සහ සෑම තැනෙකම, ජනතාවට බලකීරීම සඳහා වූ විශේෂ යන්ත්‍රයක් ලෙසින් රාජ්‍ය උද්ගත විය.

ටිල්වියා සහ සෝමයා හමුදා මිනීමරුවාට බාර දෙන්න කියන්නේ මේන්න මේ රාජ්‍යයේ බලයයි. අනේ තොපේ මාක්ස්ගේ අම්මගේ රෙද්ද….

Advertisements


අනවශ්‍ය දේවල්

  • 158,004 ක් බැළුවා

මරුවා වැහෙන දින

මාර්තු 2011
බ්‍ර සි සෙ
« පෙබ.   අප්‍රේල් »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරු ඒවා


%d bloggers like this: