21
පෙබ.
11

දෙමළුන්ගේ කකුස්සි වල උළුඅස්ස ඇන්ටික් වලට විකුණන පාගොඩ පාරේ කසළශෝදකයා

මරල වත් මැරිල වත් වැඩක් නැති දෙමළු මැරුනා. එයින් පස්සේ ජීවත් වුනත් වැඩක් නැති දෙමල දරුවන් මැරුනා. අහබ්බෙන් පන බේරී දැන් ජීවත් වුනත් ජීවිතේ වැඩක් නැති දෙමළුත් එහේ ඉන්නවා. නොමැරුනේ ඇයි කියලත නොදන්න‍ා, ඇයි ජීවත්වෙන්නේ කියලත් නොදන්නා දරුවන් සහ ගැහැණු එහේ ඉන්නවා. උන්ට කොහොම උන්නත් දැන් ඉතින් වැඩක් නැත. රෑවෙනකොට  කවුරු හරි ඇවිත් පනපිටින් වල දැම්මත්  කමක් නැති පරඬැල් වගේ දෙමළුත් ඉන්නවා.

ආන්ඩුවේ දෙමල මන්තිරිවරු ඇවිත් ටකරං කෑලි 5කුයි සිමෙන්ති කොට්ට දෙකකුයි බෙදා දාල යනවා. මේව විකුනගෙන කීයක් හරි ගන්න උන්ගේ  උත්සවය ඉවර වෙනකම් ඉන්නත් අමාරුයි. වහින්නැත්නම් ගස්යට නිදාගන්න එක අවුලක් ඇත්තේම නෑ. වල වල් ඇතුලේ මාස ගනනක් හිටපු දෙමළුන්ට ගස්යට හරි නිදහස්. ගෙයක් යනු තවදුරටත් පවුලක පුද්ගලික අයිතියක් ඇති දේවල් නොවේ වගේ. රෑට එක ගෙයක පවුල් 3-4ක් ඉන්නවා. වැසිකිළි වැඩක් නෑ. තමන්ගේ පුංචි දරුවන්, එකට හිටිය ගෑනු,  මිනිස්සු අහිමි වෙච්ච එකේ ගෙයක ඇති අගේ මොකක්ද ? තමන් ගේ ගෙය තිබුනු තැන හොයා ගන්න වෙන්නේ පුංචි ගඩොල් කැට කීපයකින්නම් දැන් මොනව වුනාම මොකද ?

මූනිස්සම් වලින් චිත්‍ර ඇඳල නැති බිත්ති නැති නටබන් ගොඩක් විතරක් තියෙන නගරවල මොකට උළුඅහු ජනෙල්ද. මොකට වහගෙන ඉන්නද ? මොනව ආරක්ෂා කරගන්නද ? දැන් ඉතින් තවත් මොන ලැජ්ජාවක් සිද්ද  වෙන්නද ?

දෙමුළුන්ට උළුඅහු ජනෙල් මොන එහෙකට ද ?

‍නුගේ ගොඩ පාගොඩ පාරේ දෙමල වැසිකිලි වල කිබුන පාට ගාපු උළු අහු ඇන්ටික් වලට විකුනන්න දාල. මුල්ලිවයික්කාල් වල ඉඳල ඇවිත් ඕව ඉල්ලන් යන්න යැ. උළු අස්සක් තෝරල අරන් යන්න දෙමළු කොළඹ එන්නයැ.

මේ පාගොඩ පාරේ බල්ලෙකුගේ බිස්නස් එකකි. මූ දෙමල කක්කුස්සි වල උළුඅහු ගලවාගෙන් ඇවිත් කොළඹ මාන්නක් කාර බයියලාට විකුනලා ජීවත් වෙන එකෙක්. මෙච්චර උළු අහු තොගයක් කොහෙන් අරන් ඇවිත්ද ? කොහේද මෙච්චර ඇන්ටික් ගොඩක් එකතු කර ගත්තේ අවිත්තාවෙන්ද ? ඇල්පිටියෙන්ද ? මේක අයිතිකාර ගෑනි කලින් ප්‍රින්සිපල් කෙනෙකි.

මේ තරම් ජනෙල් උළුඅහු… මේ වගේ පාට ගාපු… ලී වලින් කැටයම් කරපු හරක්ගේ පිළිම…දේව පිළිම…වීරන්ගේ ලී පිළිම ගණදෙවි පිළිම…ඇයි ගාල්ලෙන් ගේන්නද ?

උඹලා වගේ උන්ට මෙලොවදීම මේවාට සාප වෙනවා. ඔය ඇනිටික් වලට විකුනන්නේ දෙමළුන්ගේ ආත්මය උන්ගේ වැසිකිලි වල තිබුණු දේවල්.

ඔවා   ‍දෙමල මිනිස්සු  කාළි අම්මලාට පූජාකරපු දේවාල වල උළු අහු. ගෙවල්වල හයිකර ගනිල්ලකෝ….

යුද්දෙකදි මිනිස්සු මරා ගත්තට කමක් නෑ කියමුකො. එහෙම කරාට පස්සේ දෙමළුන්ගේ කකුස්සි වල උළුඅස්ස ගලවගෙන එන්නේ මොන ජාතියකට අයිති පර බ….ද  තොපි ?

ඔවා උඹලාගේ ගෙවල්වලට හයි කර ගත්තම සාපේ වදින්නේ උඹලාට නොවේ උඹලාගේ උපදින්න ඉන්න දරුවන්ට. අනාගත පරම්පරා වලට

Advertisements


අනවශ්‍ය දේවල්

  • 155,533 ක් බැළුවා

මරුවා වැහෙන දින

පෙබරවාරි 2011
බ්‍ර සි සෙ
« ජන.   මාර්තු »
 12345
6789101112
13141516171819
20212223242526
2728  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරු ඒවා


%d bloggers like this: