12
පෙබ.
11

මාක්ස් වෙනුවට අල්ලා…දාස් කැපිටාල් වෙනුවට කුරාණය

ඊජිප්තු කාරයෝ මුබාරක් එලවා දැමීය. නරක් නොවන මමියක්ව පැවති මුබාරක් ‘අල්ලා’ විසින් දූතයින් එවා එලවා දැමීය. මාර වැඩකි ජෙප්පන්ට චූන්ය. ෂා මරු වැඩකි. අපිටත් එහෙම කරන්න ඇත්නම් වැඩේ ගොඩය. ටිල්වින් අගමැතිය. සෝමේ ජනාධිපතිය. අනෙක් පෙන්දෝ ද ගොඩය. හිඟන්නන් පිරිසක් පාර්ලිමේන්තු බලය ගත්තා වාගේ තියා ගත හැකිය. ජොර්දානයේ සිදුවූ දේ දැන් අල්ජීරියාවේ යේමනයේ මෙන්ම ටියුනීසියාවේද සිදුවිය හැක. මාර වැඩේය. මේ රැල්ල පකිස්තානයට පැමින ඇත. ඔක්කෝම මුස්ලිම් රටවල්ය.

අපරාදේ අපි මුස්ලිම් නොවුනේ. දැන් ඉතිං සියළුම ජෙප්පන් මුස්ලිම් ආගමට හරවන්න ඕනෑය. මාක්ස් සීයාට වරදිලාය. අල්ලාගේ අබිංකාපු ඊජිප්තු කාරයෝ විප්ලවය කර ඇත. ලොව හෙල්ලු තවත් දහඅට දවසක් ගෙවී ගොස්ය.

විප්ලවීය අවස්ථාවක් මෝරා ඇත. ලෝක ධනවාදය අර්බුදයට ගොස් ඇත. ධනවාදය භංගවෙලාය. මේ වැඩේ ලංකාවෙත් කල හැක. අපි දෙපාරක්ම ට්‍රයි කර ඇති බාප්පලාය. වැඩේ දැන් පත්තු කරන්න විතරයි ඇත්තේ. බඩු ෂුවර්ය. මිනිස්සු පාරට බසිනු ඇත.  ආගම අබිංමත් නොවේ වගේය. ආගමත් මරු බඩුවක්ය. වැඩේ ගොඩ දාගන්න මොන මගුලක් වුනාට මොකද ? දැන් ඉතිං මාක්ස් සීයාගේ කුණු වෙච්ච කම්කරු වීරයින්ගේ කතා පැත්තකට දාල අල්ලාහු අක්බර් හුලල්ලා කිය කියා පෙළපාලි යන්න ඇහැකිය.

ටිල්වින් අංකල් නිකං ට්‍රයි එකක් දාල බලමුද ?

(හැබැයි ඉතිං 5% ක් පාරට බස්සලා විප්ලවය කොරන්න ගියොත්  මැරුං කන්න තමයි වෙන්නේ. ලංකාවේ හමුදාව ඊජිප්තු හමුදාව වගේ නෑනේ. ලේ රහ හොඳට දන්නවා)

Advertisements


අනවශ්‍ය දේවල්

  • 155,632 ක් බැළුවා

මරුවා වැහෙන දින

පෙබරවාරි 2011
බ්‍ර සි සෙ
« ජන.   මාර්තු »
 12345
6789101112
13141516171819
20212223242526
2728  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: