27
නොවැ.
10

කරුමේ හමුවූ විජේවීර ප්‍රභාකරන් අත ඔසාමා ට මරණයේ පනිවුඩය යැවීම…

https://i2.wp.com/www.dailynews.lk/2010/03/08/z_page-7-The-birth01.jpghttp://jegans.files.wordpress.com/2010/05/prabhakaran1.jpghttps://i1.wp.com/schema-root.org/people/political/activists/religious/islamic/fundamentalists/al-qaeda/osama_bin_laden/osama_bin_laden.jpg

 

විජේවීර කැතය. දත් බොල්ලෑව සහිතය.  විජේවීරගේ කට ගඳය. මිනිහාට පාසැල් කාලයේ කෙල්ලන් කැමතිවූයේ නැත. එනිසා පොත් ගුල්ලෙකු විය. ඒත් විශ්ව විද්‍යාලයට යන්නට නොහැකි විය. මේ මිනිහාට කිසිවෙකු කැමති නැත. තාත්තාගේ මාර්ගයෙන් දේශපාලකයින් පස්සේ ගොස් විජේවීර රුසියාවට ශිෂ්‍යත්වයක් සාදා ගති. රුසියන් භාෂාව දන්නේ නැත.

විජේවීරට අධ්‍යාපනය නීරස කටයුත්තකි. අධ්‍යාපනය ලබාගැනීමට කිසියම් ස්වයංවිනයක් තිබිය යුතුය. විජේවීරට එහෙම විනයක් නොතිබුණි. කොතෙක් උත්සාහ කළද අධ්‍යාපනයට ඇවැසි තරම්වත් රුසියන් භාෂාව හෝ ඉංග්‍රීසි ඉගෙන ගත නොහැකි විය. (විජේවීර කිසිදිනක වෙනත් භාෂාවකින් කතාකරනවා හෝ ලියා හෝ ඇති කිසිවක් කවුරුවත් දැක නැත.) රුසියාවේ ඉගැන්වූ දේවල් කිසිවක් තේරෙන්නේ නැත. ඇත්තටම සිදුවූයේ ඉගෙන ගත නොහැකි නිසා අධ්‍යාපනය අතර මග දමා ලංකාවට පැමිණීමයි. තමන් රුසියාවට යැවූ සියල්ලන් සමග හා දේශපාලකයින් සමග මේ මිනිහා තරහා විය.

එපමණක් නොව පසු කලෙක කැලෑ වැදීමටද හේතු වූයේද මෙම ඉගෙන ගත නොහැකි වීම හා ‍ගැහැණූ කැමති නැති වීමයි. කිසි වෙකු මොහුට කැමති වූයේ නැත්තේ මිනිහා ගේ දත් බොල්ලෑවයි. එනිසා ගෑනුන් සමග වෛර බැඳගති. සතුටින් සිටින ප්‍රේම කරන සියල්ලන් සමග තරහ විය.

ලුමුම්බා විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර විජේවීරට ඇසුරට ලැබුණේ තවත් එවැනිම මිනිහෙකි. ඌද කැත මිනිසෙකි. විකෘති ශරීරයකින් හෙබි කළු සැන්සිබාර කාරයෙකි. මූ අණ්ඩපාලයෙකි. ඒ රටේ තිබුණේ එක පොලීසියකි. එයද සංවිධානාත්මක නැත. හමුදාව 15 දෙනෙකි. ගෝත්‍ර 3කි. පාලක මුස්ලිම් සුල්තාන් ගේ ගෝත්‍රයේ මිනිසුන් සෑහෙන ප්‍රමාණයක් මරා දමා ලුමුම්බා සිට ගිය මේ විජේවීරගේ යාළුවා“සායික් අභිඩ් අමීන් කරුමේ” රටේ පාලකයා විය. ටැන්සානියාවේ නියරේරේ සමග එක්වීය මේ මිනිහා ටැන්සානියා උප ජනාධිපති විය.

විජේවීරට මෙය ෆුල් චූන් කතාවකි. “සායික් අභිඩ් අමීන් කරුමේ” නියම මිනිහාය. විජේවීරගේ යාළුවාය. නියම වැඩේය. ඌ වංගුවක් ගසා ජනාධිපති විය. විජේවීර නූගතෙක් ලෙස රටට වඩිනා විට මේ ගොං වැඩද ඔළුවේ දමාගෙන ආවේය.

ඇවිත් ලැජ්ජාව නිසා හම්බන්තොට ගොවිපළක නැවතුණි. කිසිවක් කල නොහැක. ගේමක් දෙමු කියා තවත් එ වැනිම කීපදෙනෙකු සෙට් කර ගති. අගමැතිව හිටියේ සිරිමාය. ගෑණියෙකි. වැඩේට තවත් සෙට් වූ කීප දෙනාට තමන් දන්නා ගොන් කතා ටික කීවේය. නූගත් ගම් බයියන්ට වූ උන්ට ඒවා මැජික් විය. වැඩේ ගොඩ ගියේය.

අමීන් කරුමේ සැන්සිබාරයේදී කලා‍ ක් මෙන් 1971 දී විජේවීර ගම්වල පොලීසි වලට භූමිතෙල් ඩප්පි ගසා රට අල්ලන්නට ගියේය. විජේවීරගේ මෝඩ රැළට බඩු ලැබුණි. බෝර 16 තුවක්කු ටිකකුයි කඩු පොලු ටිකකුයි අරන් රට අල්ලන්නට ගියේය. 31000 කට බඩු ලැබුණි. පොලීසිය හා හමුදාව මාස දෙකකින් වැඩේ ඉවර කළේය.

පොර සමග නායකයෝ ෂේප්විය. උන්ටික ඉතිරි විය. 1987 දී නැවත වැඩේට බැස්සේ චේගුවේරා, ක්‍රැස්තෝ, ලෙනින්, මාක්ස්, නියරේරේ, ආදී තොගයක් ගැන කියමිනි. ඒකටද විෂ්ව විද්‍යාල මෝඩයින් සමග කන්ඩායමක් සෙට්විය. මෙවර ප්‍රේමදාස ගේම දුන්නේ 60000ක් පුච්චලාය. මේ පාර මරාගෙන මැරෙන උන් ද හිටියේය.

මේ දෙස බලාගෙන හිටියේ තවත් එවැනිම බයියෙකි. ඌ කෙළින්ම ජාතිය ගොඩ දැම්මේය. ආන්ඩුව‍ට ගේමක් දෙන්න ජාතිවාදය ගෙන ආවේය. 1987-89 මෙන් නොව ජාතිවාදී දෙමළ රැලක්ම මේවැඩේට සෙට් විය.ලෝකය පුරාම දෙමල බයියෝ ගේමට සෙට් විය.

සිංහල ජාතිය පමක් සිටිද්දී සෙනග රැස්කිරීමට මාක්ස්වාදය දේශනාකලාම  ආවේ ටික දෙනෙකු බව ප්‍රභා දැක්කේය. පොර ජාතිවාදය කියන කොට වැඩේ පහසු විය. තොග ගනනනේ මිනිස්සු සෙට්විය. මිනිස්සු මැරුවේ ද තොග ගණනිනි. මාර චූන් වැඩකි. මරාගෙන මැරෙන උන් හිටියේද තොග ගණනිනි. වැඩේ වසර 30ක් ඇදුනි.

මාක්ස්වාදය සහිත කැරැලි 2ක් ඉවර කරන්න මාස දෙකක් තුනක් බැගින් ගියාට ජාතිවාදයට ඉවර කරන්න වසර 30ක් ගතවිය. මාක්ස්වාදයට ගල්කටස් හා බෝර 16 තුවක්කු ලැබෙන විට ජාතිවාදයට ටී 56 ඒවා සහ අහස්යානා ලැබේ.

මේ වැඩේ දුර දිග ගියේය. විජේවීර දෙස ප්‍රභා බලා සිටියේය. ප්‍රභා දෙස ඔසාමා බලා සිටියේය. මරාගෙන මැරෙන වැඩේ නැගලා ගියේය. ඔසාමා මරාගෙන මැරෙන අහස්යානා දෙකක්ම ඇමරිකාවට ඇරියේය. ඇමරිකාවේ මිනිස්සු ද තොග ගණනේ පිළිස්සී මිය ගියේය.

දැන් ලෝකය පුරාම විජේවීර ආරම්භකළ මරාගෙන මැරෙන මිනී මරණ යන්ත්‍ර ක්‍රියාත්මකය.මේ 4 දෙනාම දුෂ්කර පලාත්වල උන්ය. වතුර නැත පහසුකම් නැත. ගෑනු නැත. විනෝද විය නොහැක. ඉතිරිව ඇත්තේ බර වැඩ පමනි. අධ්‍යාපනය අඩුය. ඉපදී ඇත්තේ ද 60 දශකයට පෙරය. රටවල් සංවිධානාත්මකව නොතිබුනි. දැන් මේ යුගය යන්තම් ගෙවී ගොස් හමාරය.

දැන්වත් නියපොත්තෙන් කඩන්න ඕන දේවල් අඩු ගණනේ කතුරෙන්වත් කපා දමන එක හොඳ වැඩකි. නේද පේමරත්න මැණිකේ…….

Advertisements


අනවශ්‍ය දේවල්

  • 155,679 ක් බැළුවා

මරුවා වැහෙන දින

නොවැම්බර් 2010
බ්‍ර සි සෙ
« ඔක්.   දෙසැ. »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: