27
සැප්.
10

“කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශණය” ලංකා සංස්කරනයට ලියු සංඥාපනය.

කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශණය

2021 ලංකා සංස්කරනයට ලියු සංඥාපනය.

කොමියුනිස්ට් ප්‍රකාශණය ලංකාවේදී සමාජවාදී ප්‍රකාෂණයක් ලෙස හැදින්වීමට අපට නොහැකිය.

2010 දී සමාජවාදීන් යන නාමය යටතේ  ලංකාවේ වර්ග ගනනාවක ජනතාව හදුන්වනු ලැබූහ.

එක් පැත්තක විවිධ මනෝරාජික ජනතාවාදවල අනුගාමිකයෝද, විශේෂයෙන් ලංකා කොමියුනිස්ට් පක්ෂයේ බූතයෝ ද  මාවොවාදී කබරයෝ ද ට්‍රොස්කිවාදී පෙරේතයෝ  ද ජෙප්පෝ ද, නාකි රැවුල් කාරයින්ට කඩේයන ගෙම්‍බෝ ද වූහ.

එපමනක් නොව මෙම රොත්ත බුරුත්තම හුදු නිකමුන්ගේ නිකායයන් බවට පත්වී, ක්‍රමයෙන් හැඳිගෑවී අතුගෑවී නන්නත්තාර වී යන තත්වයකට වැටී තිබිනි.

අනික් පැත්තෙන් , ප්‍රාග්ධනයට සහ මුට්ටි කාසි වලට යන්තමින් හෝ අලාභයක් නොකර, අනේකවිධ සියළු දොස් දුරලන ප්‍රතිකාර ක්‍රම සහ අනේකවිධ පැලැස්තර ඇලවිම් මගින් සමාජයේ දූෂනයන් අහෝසිකැර දැමීමට ඉදිරිපත්වූ කිළිටි ඇඳුම් ඇඳි රැවුල් වවාගත් සමාජ ගොඩ වෙද්දුද වූහ.

මේ හැම බූතයෙක් ම කම්කරැ පංති ව්‍යාපාරයට පිටතින් සිටි අය වූ අතර ඔවුහු වඩාත් වැඩියෙන් “මෝඩ විද්‍යාල උපාධිකාරයින්ගේත් එම බහු බූතයින්ට ටියුෂන් දෙන මහාචාරීන්යැයි කියාගන්න‍ා මිනිසුන්ගේ සහ එන්ජීඕ ආධාරයන් පැතූ බහුබූතයෝ වූහ.

මෙයට විරුද්ධව, පිරිසිදු දේශපාලන විප්ලව පමනක් ප්‍රමානවත් නොවන බව වටහාගෙන, සමාජය හාත්පසින්ම යලි ඉදි කල යුතුහයි ඉල්ලාසිටි කම්කරුවන්ගේ  කොටස තමන් කොමියුනිස්ට්වාදීන් ලෙස හදුන්වා ගත්තද කවුරු හෝ බූතයෙකුට සැරටම කඩේ යමින් සිටි අය වූහ.

එය අසංස්කෘතික, ගොරොසු සහ සහජාසයානුගත කොමියුනිස්ට් පිස්සුවක් වුයේය.

එහෙත් මනෝරාජික කොමියුනිස්ට්වාදී පද්ධති දෙකක් බිහිකිරීමට එය සමත්විය. එකක් පොදු පෙරමුණ නමින් හැඳින්වූ ගැමි කොමියුනිස්ට්වාදයයි, අනික කොල්ලුපිටියේ රනිල්ගේ  නාගරික කොමියුනිස්ට්වාදයයි.

1935 සිටම ලංකා සමාජවාදය පූර්ණ ධනපති පංති ව්‍යාපාරයක් වූ අතර කොමියුනිස්ට්වාදය ධනපති ඔළුවල පැලපදියම් වූ පිස්සු “අහෝ දුකකි” වර්ගයේ මතවාදයක් විය. ජාතික සමාජවාදය යටත්පිරිසෙයින් නම්බුකාර දෙයක් වූ අතර කොමියුනිස්ට්වාදය ඊට හාත්පසින්ම වෙනත්ම මඤ්ඤමක් විය. “කම්කරු පංතියේ විමුක්තිය ළගා කරළිය  හැක්කේ කම්කරු පංතියටමය” යන්න ලංකාවේදී නියම හාල් කතාවකි.

ලංකාවේ සියළුම මතවාදයන් අංගොඩින් බිහිවන ඒවා බව අප මුල සිටම ස්තීර ලෙසම දැරූ නිසා, මේ වාමාංශික යැයි කියන ලොකු ලොකු නම් වලින් හඳුන්වන වැදි කතා අප රටට පිස්සු බෝකරන හෙයින් තොරාගත යුත්තේ කුමක්ද යන්න ගැන අප තුල  මොහොතකට හො සැකයක් නොවීය.

ප්‍රෙඩ්රික් එංගල්ස්.

2015 මැයි 1 දා, සොහොනේ සිට

(මොස්කව් ප්‍රගති ප්‍රකාෂක මන්දිරය – 2020, 25 පිටුව)

Advertisements


අනවශ්‍ය දේවල්

  • 159,868 ක් බැළුවා

මරුවා වැහෙන දින

සැප්තැම්බර් 2010
බ්‍ර සි සෙ
« අගෝ.   ඔක්. »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: