26
ජූලි
10

තමන්ගේ හදුංපොත චූං කරගන්න පොරටෝක් කතා දමන කැකුළියන්ඩ පෙම් පතක්.

කංකුණා බන්ඩියා ගේ ජීවත්වන ඉතිහාසය (Living History) පොල්ලෙ බැද්දටත් කුඩුම්බි ගල් පොත්තෙනුත් එහාට මංගැච්චුවේ නැත. අපේ රැහේ වැදගත්කමින් යුතු අවස්ථා, වත්පිළිවෙත් පොජ්ජක් හෝ  හා සම්ප්‍රදායන් පොජ්ජවල් රැහේ එකාලා මායිං කොරන්නේ නැත. ඕවා උන් යළි-නිරූපනය (reenactment) කොරන්ඩ වලිකන්නේ නැත්තේ එහෙම කොරාලා කාසි පොජ්ජක් මංදෝ කරගන්නට උන් අමනාප හින්දාය.

එංගලන්ත මහරැජිනගේ බකිංහැම් මාලිගා පොජ්ජේ කතා කංකුණා බන්ඩියා ට අන්දෝ සංසාරයක් නැත. ඌ ලා ඒවාට හිනා දමන්නේ තමන් ඇසූ පිරූ මහ බංගදාන ගැන ලොකු කං කීම වැද්දන්ට තරම් වන්නේ නැති හන්දාය.

කැනඩාවේ  රටේ ඵෛතිහාසික ඉස්කොට්ලන්ත බලකොටු පොජ්ජ ගැනවත් වෙඩිමුර තිබූ හැටි ගැනවත් ඇමෙරිකන් සිවිල් යුද්ධ පොජ්ජ, පැරණි කුළු බටහිර නගර පොජ්ජ, ටෙනසි ප්‍රාන්ත පොජ්ජේ මීදුම් කඳුවැටි පොජ්ජ  ගැනත් ඇහැට දැකලා වගේ දමන කතා ගැන කංකුණා බන්ඩියාට වගේ වගක් නැත. ඌ ඒවා ගැන නොහිතන්නේ ඌට උගේ රට පොජ්ජ ගැන හිතන්නට ත් උගේ ඇඹෙනියන්ටයි කැකුලන් රෑනටයි බඩපුරවන්න මහා බැද්දේ වැදිලා ගොම්මන වෙනකං කාල් ගන්න වෙන හන්දාය. අනික අනුන්ගේ රට රාජ්ජෙකට වැදිලා තමන් ඒවා කලා වගේ අගේ කොරල කොකුම් පාන එක අපට නම් ලැජ්ජයිය.

රනිල් හුරාට ඡන්ද පොජ්ජ මංදෝ කරන්ඩ කියලා කඩ පොජ්ජට මංගච්චන කොට ඒවා පිට කහන කතා නොවේය. ඒ වගේම  “මේ විහිලුකාරයින්ට (ජනාධිපති) ඔවුන් නටන මෝඩ නැටුම් ඵල රහිත යයි පෙන්වන්නට අපි සතු වටිනා ආයුධය වූ චන්දය කිසිදා අමතක නොකරමු.  රැකියාව නිසි පරිදි කළ නිසා විරයෙක් සේ සලකා අණදුන්නාටත් චන්දය දෙන යුගය දැන් අවසන් කළ යුතු කාලයයි.” යැයි කතා දැමිල්ල පිට කහන්නට නොවේදැයි දඹානේ මුළු වැදි සනුහරේම බලා ඉන්නවාය.

කංකුණාට අනුන්ගේ ලොකු ලොකු තැන් ගැන කියන කොට ඒවා ඌට හිත් ලන්නේ නැත්තේ ඒවා අපේ රට පොජ්ජට අයිති නැති අපේ රැහැට අයිති නැති කෝලිත්තම් හින්දාය. උන්ගේ පාත්ති පොජ්ජ යස අගේට තිබ්බාට අපට ලැබෙන වම්බොට්ටක් නැති හින්දාය. අපේ වම්බොට්ට අපිම හදා ගන්නවා ඇරෙන්න කාගෙවත් පාත්තිවල ඇති දිස්නේ ගැන මක්කට හිත්ලන්ටද ?

මහා රැජින මහා ඔබාමා මහා දීපේ මහා විල් පොජ්ජවල් මහා කොත් පොජ්ජවල්  පොල්ලෙ බැද්දේ උක්කුවාට කිව්වොතින් ඌ බඩ පොත්ත උලුක්කු වෙනකම් හිනා දැමිල්ල කිරි කොරහක් නටලවත් නවත්තා ගන්නවා අහකය්ය. අනුන්ගේ වහන්තරා ලංකාවේ හූරන්ට උළුක් කොරමින් උජේ දමන්නේ තමන්ගේ හදුංපොත චූං කරගන්න කියලා ඒකලා කතා දමනවා සත්තයිය.

අපේ රැහේ ඇත්තන්ට නම් වදන් ඉතිහාසය පොජ්ජක් (Oral History) කියන්නේ එක් කාලයකට අදාලව රැහැම විසින් බාවිතාකල වචන ගොන්නක් මගින් දමන කතා පොජ්ජටයි. මේවා සංකේත විද්‍යා පොජ්ජේ බබා කැකුලන්ඩ උගන්නන මුලික පාඩම් පොජ්ජකි. අධ්‍යාපන පොජ්ජක් එක්ක සාමාන්‍ය ජනතා හුරන්ඩ කොරන්න ඇති කෙංගෙඩියක් කොදුයිය. ඌලා ඇන තියාන ගිනි මල් දිහා බලාන ඉන්නැහේ ඕවා දිහා බලාන ඉන්නවා හැරෙන්ඩ යමක් කියනවා කොදුයි.

අපේ වරිගේ කැකුලන් වරප්‍රසාද පොජ්ජක් මංදෝ වුන කැකුලෝ නොවෙච්චි. උන් කාටවත් පිට කසන්නේ නැත්තේ දෙතුන් පාරක්ම ආන්ඩු වෙනස්කොරන්ඩ දතකාපු ගොබිලන් කල අළුගුත්තේරු වැඩ හන්දාය. ඔනෑමනම් පිට කහන එකත් බැද්දේ කරක් ගහපු අපට අරුමයක්වත් ලැජ්ජාවක්වත් නොවේය. උන්නාන්සේ අපේම අපේ රටේම කවුරු කවුරුත් කර අඹලා ඉද්දි රටක හැම ගොබිලෙකුටම බස්පොජ්ජක යන්න හදා දුන් උත්තමයෙක් වෙච්චි.

අපේ රැහේ උත්සව පොජ්ජකට ඇත්තේ හඳ මෝදු වෙන කාලෙට කිරිකොරහ නැටීම නෑ යකුන් පිදීම වගේ වැදි චාරිත්තර විතරක් වෙච්චි. ඒවා පොත් වල සටහන් කොරාන මහ හූරලාට පෙන්නා කාසි කොර ගන්ට අප්පිලැත්තන් ඉඩ නොදෙන්නේ කාසි වලින් රැහේ සම්ප්‍රදාය පොජ්ජ ආරස්සා නොවෙන හන්දාය. ඒවා පෙන්නලා රෑප පෙට්ටි පොජ්ජේ මංදෝ කරලා කාසි හොයන්නේ රැහේ අම්මා අප්පා විකුනන සුදු හුරලාය.

අනික අමුත්තන් මුලිච්චිවෙන්ඩ රැහේ උන් අකමැති වන්නේ අප්පිලැත්තන් ගේ අඹවගේ බුරි තිලකෙ හා කළවා කොට උන්ට පෙන්න පෙන්නා ඉන්ඩ අවශ්‍ය නැති හන්දාය. ඒවා අපේ රැහේ ඉතිරිවෙන්න ඉඩ ඇරලා වහංවෙන එක ඒවා පැල් කොට වලට සීමා කරලා ඉන්න එක පිරිමි වැඩක් හින්දාය.

එක එක මල යක්කුන්ගේ පිළිවෙත් යළි-නිරූපනය කොරලා අපේ රැහේ එව්වන් කල හටන් ඒ ආකාරයෙන්ම සිමියුලේක්‍රම පොජ්ජක් කොරන්නේ සයිබර් අවකාශ පොජ්ජේ ජීවත්වෙන අන්දෝ සංසාරයක් නැති කැකුළන් කැකුලියන්ය. ඒවා රටවල් පොජ්ජ දියුණු කොරන්ඩ හොඳ තියරි පොජ්ජවල් කියලා හිතන්නේ මේරටේ නිදහස් අධ්‍යාපන පොජ්ජෙන් අකුරු කරලා පිට රටේ ගොබිලන්ගේ වැසිකිලි සෝදන ගන්දබ්බ එකාලාය.

අපේ රැහේ එකාලා අකුරු ලියනවා කොදුයි. වැද්දන්ගේ  ඉතිහාස පොජ්ජ අපිම මංදෝ කලාට අපේ එකාලට ඒවා ගැන අළුතෙන් දැනගන්ඩ ඇති කෙංගෙඩියක් නැත. අපි ගැන අධ්‍යයන කරන හුරෙක් ඒ ලිපි කියවා බැලීමෙන් අපට අළුතෙන් ලැබෙන කෙංගෙඩියක් කොදුයි. ඒවා ඕන හූරෙක් ඕන ආකාරෙකට අගැයුම් කොරාන දීපංකරේ සුදු හූරලාට විකුනා කාසි හොයා ගත්තත් අපට ඇති ආරෝවක් නැත්තේය.

ආරෝව වන්නේ  අපේ නාම්බන්ට හා අප්පිලැත්තන්ට මෝඩ පංඩිත අවවාද කොරන කොට වෙච්චි.

අනික ඕවා විස්ස විජ්ජාල නෑම්බියන්ගේ නාම්බන්ගේ අධ්‍යාපන වැඩ වෙච්චිකොට.

සිංහල හූරලා සුදු හූරලා අපේ රැහැට එන කොටම අපි උන් ගැන දන්නේ අපේ රැහේ  නෑ යකුන් අපට කියා දී ඇති ඉව පාලාය.  කොයි හූරෙක් “තප්පුලෑවත්” කොයියම්ම ආරෝවකට “කේන්තියෙන්”  අපේ රැහැ ඌරු වරිගේ සුම්බඩ කීවත් අපට අළුතෙන් නැතිවන්නට උලව්වක්කත් නැත්තේය.

“උඬඟු” ඇමරිකන් මහ හූරලා ගේ වත ගොත බොලොග් පොජ්ජකට මංදෝ කරාට අපේ රැහේ  රට්ටුන්ඩ අමුතු මජික් පානක් ලැබෙන්නේද නැත. අපි අපි වගේ කියලා කතා දාලා සිංදු පොජ්ජක් මතුරන හූරලා මේ ගැන වෙන්ඩෑ කතා දමලා ඇත්තේ.

ඉතිහාස පොජ්ජේ නම්පොජ්ජ ඉතිරි කොරලා මැරෙන්ඩ ඔනෑ වන්නේ පොළවේ කිසි දිනක පය ගහලා මංගච්චලා නැති කැකුලියන්ය. මන්දිර පොජ්ජෙන් ඉස්කෝල පොජ්ජටත් ඉස්කෝල පොජ්ජෙන් විජ්ජාල  පොජ්ජටත් විජ්ජාල  පොජ්ජෙන් දිපංකරේ සුදු හූරෙකුටත් හාංනැහේ වෙච්චි කිරි උක්කුං කැකුලියක්ගෙන් සංවර්ධනේ තියා පාරේතොටේ හැසිරෙන එකවත් ඉගෙන ගන්ට අපේ රැහැටනම් කුදොමැයි.

තාත්තාගේ අවවාද පොත් තමන්ගේ නමින් අච්චු ගැහීම  හෙවත්  වැද්දන්ට කියනා පිස්සු බන කතා.

Dukin Thevena Sithata Sahanayak

Tharanga Jaya – Winning Competitions

https://i2.wp.com/www.lankahands.com/F03/i/auto/75HowDoYouRaiseYourChildren.jpg


Advertisements

0 Responses to “තමන්ගේ හදුංපොත චූං කරගන්න පොරටෝක් කතා දමන කැකුළියන්ඩ පෙම් පතක්.”



  1. ප්‍රතිචාරයක් ලබාදෙන්න

නිකං පුක දෙන්නැතුව පල ගොනා යන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )


අනවශ්‍ය දේවල්

  • 155,533 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූලි 2010
බ්‍ර සි සෙ
« ජුනි   අගෝ. »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරු ඒවා


%d bloggers like this: