30
මාර්තු
10

අඹුඩායනය හා මහමැතිවරණය

news_2009_11_images_newspic00153 (ටිල්වින් කොළඹ ආ හැටි)

ජේවීපිය ග්‍රාම්‍ය කැත ජාතිවාදී කල්ට් එකකි. එය තවදුරටත් විජෙවීරගේ පක්ෂය නොවේ. 1971 දී 30000 මැරැණු අතර 20000ක් සිරගෙවල්වල ගාල්කෙරුනි.

89 දී ජේවීපි බූරුවන් 60000 ක් මරා යූ ඇන් පී ආන්ඩුව චූන් විය. ජේවීපිය  යූ ඇන් පීයේ සාමාජිකයින් 9500 කඩුවලින් කපා මරන ලදී. යූ ඇන් පීයේ සාමාජිකයින් 9500 ක් මරණ ලදී.

මේ කාලය ගැන ඔබේ මතකය කුමක් වුවත් මේ ගතවූ යුගය මරණයේ සහ මරණ යාන්ත්‍රණයේ යුගයයි.

(සෝමයා ගේ උපන්දිනය දා)

ජවිපෙ මෙම මරණ යාන්ත්‍රණය ක්‍රියාත්මක කලේ ග්‍රාමීය ජනතාව ගොනාට ඇන්ද වීමෙනි.  මාක්ස්වාදයෙන් උගන්වන කිසිදු ආකාරයක පන්ති මතවාදයක් එහි නොතිබුනි. ආසන්න වශයෙන් ලක්ෂයක් ජනතාව මරා දැමීම සම්භන්දයෙන් ජවිපෙ වගකිව යුතුය.

මෙතරම් පිරිසක් මරණයට පත් කිරීමට හැකි වන ‍ජේවීපියේ මතවාදය කුමක්ද ?

මේ සඳහා ජවිපෙ තලේ ඉතා ග්‍රාම්‍ය හා පහල මට්ටමේ නොමේරූ ජාතිවාදී මතවාදයක් ගමට සැපයීමයි. ගමේ සිට පැමින නගරයේ ජීවත්වන මිනිසාද නගරයේ සිටම ග්‍රාම්‍ය මතවාදයේ සිටින මිනිසුන්ද මෙයට බිලිවේ. මෙමගින් පක්ෂයේ ඉහල නිළධාරී සර්ලට පක්ෂය හැසිරවීමට පහසුවක් උදාවේ. මෙම ඇන්දවීමේ තියරිය පොත්පත්වල සිට පත්තරවල සංවාද සහ මහජන පුස්තකාලයේ සංවාද දක්වා දිවයයි. මේ වැඩ ගමේ බයියන්ට හරි ලොකු වැඩය.

මෙම ග්‍රාම්‍ය ජාතිවාදී තියරි මගින් විරුද්ධ පාක්ෂිකයින් මරාදැමීමට අවශ්‍යවන ජවය සකස්කරනු ඇත. මෙම තියරි මගින් විජේ කුමාරතුංගගේ සිට ග්‍රාම නිලධාරීවරු දක්වා 9500 කට වඩා වැඩි පිරිසක් ගල්කටස්වලින් වෙඩිතබා කඩුවලින් කපා මරාදැමීමට හැකි විය.

මෙම ග්‍රාම්‍ය ජාතිවාදය සරල මාක්වාදී ආවරනයකින් දවටා ඇත. එය ජාතිවාදී අතීසාරය වැළඳුනු ජේවීපී කාරයන්ට මාක්වාදී අඹුඩයක් ඇන්ද වීමකි. චන්ද්‍රිකා මෙම මාක්වාදී අඹුඩය ඇඳගත් හෙයින් වැලේ වැල් නැතිව හිටි ජෙප්පන්ට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී රස්සා ලැබුනි.  රට වසර 12ක කාලකන්නිකමට ඇද වැටුනි. මහින්ද ගලවා දැමූ අඹුඩය අලියාට ඇන්දවූ  ජේවීපී සර්ලා අද වන විට මෙම මාක්වාදී අඹුඩ අතීතය අමතක මොල කළඳක් නැති පොන්සේකා ළදරුවාට අන්දවා ඇත. ජවිපෙ මේ දිනවල ජනතාවට අඹුඩ ඇන්දවීම පිණිස අඹුඩායනය දේශනා කරමින් යති.

පොන්සේකා ළදරුවා අඹුඩය ඇඳගෙන අනෝමාගේ අතේ එල්ලී අතීතයේ සිට අඹුඩ ඇඳගෙන සිටි ජවිපෙ කොල්ලන්ගේ ටින් බෙලෙක්ක පෙරහැරේ ඉදිරියෙන් ගමන්ගනිමින් සිටී.

මෙවර චන්දය, හමුදාවටත් අඹුඩ ගස්සවන ලංකාවේ ජනතාව අඹුඩායනය කරන ජවිපෙ ප්‍රතික්ශේප කරන චන්දයක් වනු ඇත.

අඹුඩායනයෙන් මිදීමට ගමේ තරුණ බයියන්ට හැකිවේවා.

Advertisements


අනවශ්‍ය දේවල්

  • 155,680 ක් බැළුවා

මරුවා වැහෙන දින

මාර්තු 2010
බ්‍ර සි සෙ
« පෙබ.   අප්‍රේල් »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: