Archive for පෙබරවාරි, 2010

22
පෙබ.
10

ජවිපෙ ඉවත්කිරීමට පුළුල් එක පෙරමුණකට එන්න.

ජවිපෙට අපි ඉස්සර කිව්වේ පක්ෂය කියල. හේතුව එතරම් ආදරය කල හැකි මිනිසුන් එහි සිටි හෙයිනි.

94 න් පසු මාතර සමුළුවේදී කළුතර සගයින් කල විවේචනය ඉවසීමට ටිල්වින්ට නොහැකිවිය.  කළුතර සගයින් ඇතුළු ජපුරේ කොළඹ සහ මොරටුවේ සහෝදරවරු 34ක් ඉවත්විය. ඉන්පසු අපි ම කල ක්‍රියාකාරකම් වලින්ම පක්ෂය මෙම සගයින්ට සැලකීය. නිවෙස්වලට පෙට්‍රල් බෝම්බ ගැසීය.

බෙන්තර මතුගම කරන්දෙනිය ඇල්පිටිය ප්‍රද්ශවලදී ජවිපෙ ශක්තිමත් පක්ෂයකි. අපේ සහෝදරයින් මැරුනේ තොග ගනනිනි. කරන්දෙනියේ එක පවුලක සහෝදරයින් 5 දෙනෙකු සිටි අතර ඉන් 4 දෙනෙකුම ඝාතනය විය.  එම නිවසේ මවට තාමත් පිස්සු. මෙවැනි කතා 60000 ක් ඇත. මෙවන් කැපකිරීමක් මිනිසුන් කලේ එකල සිටි දැනුවත් සහ යමක ගෞරවය හඳුනන මිනිසුන් එම පක්ෂයේ සිටි නිසයි.

දැන් ඉන්න හැත්ත දෙස බලන්න. උන් කළ දේ බලන්න. මේ මොන වර්ගයක කාලකන්නි වැඩක්ද.? මුන් දැන් නැවතත් අපේ බාල පරපුරේ  මාංශ ඉල්ලීමට පටන් අරන් ඇත. 60000ක ජිවිත බිලි දී රටට කල යහපතක්   ඇත්ද. අඩුම තරමින් ඒ මිනිසුන් කල පරිත්‍යාගයට වටිනාකමක් දී ඇත්ද.

4347147537_059aee4783_m

දැන් කරනුයේ හත් පොලේ ගූ ගාගැනීම පමනි.

මුන් රෑනම ‍89-90 දී කී වචන වලින් කියන්නේ නම් “ජීවිතයෙන් ඉවත්කල යුතුව ඇත”

ටිල්වින් විජිත සෝමෙ ඇතුළු හැතිකරයම ඉක්මනින්ම ඉවත් නොකලොත් එයට වන්දි ලෙස උන් ඔබේ දරුවා  “ජීවිතයෙන් ඉවත්කරන් ඇත” විමුක්තිකාමී ජනතාවනි ජවිපෙ ඉවත්කිරීමට එක පෙරමුණකට එන්න.

15
පෙබ.
10

යැංකි රූමතිය දූෂනය කරයි.

spaceball2499924969_b7fcd9927fඇය යැංකිය. රූමත්ය. ඩිකීගේ දියනියය. ඩිකී වසර ගනනාවක් කවා පොවා පස්ස සෝදා ඇතිදැඩිකල දියනියය. ඇය හදා වඩා ගැනීමට ඩිකී ලංකාවේ ධනවත්ම උගත්ම උත්තූංග දේහධාරී පුරුෂයෝ සහ ඇගේ ආවතේවයට ලෝක සුරූපිනියන් ඇතුළු කාන්තා රත්නයන් පත්කළේය. ඩිකී මෙලොවදීම නිවන් අවභෝදකොට මිය පරලොව ගියේය.

ඇය බලාගත් සැමට අසුභ කාලයක්විය.

ඇගේ බාරකරුවෝ සමහරක් මිය පරලොව ගිය අතර ඉතුරු වූයේ ඇගේ ඇවැස්ස මස්සිනා පමනි. ඔහු ඇයට වඩා ලාබාලය. දැනුම් තේරුම් නැත. ඩිකීට මෙන් සිහියක් පතක්ද නැත. දුර්වලය. පන නැත. අල්ලපු ගෙවල්වල උන් පහරල ගියත් ගානක් නැත. ඇයට ආදරේ මිනිස්සු වසර ගනනාවක් ඇය පසු පසු සිටියෝය. ඇය වෙනුවෙන් ජීවිතය පවා පුද දුනි.

වයියාගේ පුතා වූ බයියා ඇය ගැන ඇස ගසාගෙන සිටියේ දශක ගනනාවක සිටය. ඌ ඈට ඉරිසියා කලේ ඇය ගැන ඇති අසීමිත ආශාවෙනි. ඌට පල්ලම ලැබුනි. ඇය අසරන කල ඇවැස්ස මස්සිනා ඇය ඌට පාවාදුනි. බයියා ඇය මිනීමරු මිලිටරි කාරයෙකුට පාවාදුනි. ඌ මෙලෝ රහක් නැති එකෙකි. ඌ ලවා ඇය දූෂනය කෙරෙව්වේය. ඇගේ ඇවැස්ස මස්සිනා  සහ බයියා ඇය දූෂනය කරනු අනෙක් උන් කොන්දක් නැතිව බලා සිටියොය. ඇද්ද තිට…තී දූෂනය කලේ මා නොවේ මිලිටරි කාරයෙකි යැයි කියමින් වියරු ලෙස සිනාසුනු ඌ හරාකිරි කිරි කර ගැනීමට සූදානම් වෙන ඊලඟ දර්ශනය නැරඹීමට සැවොම දැන් ඉතීන් නැගිටියව්. අන්තිම ජවනිකාවට සැර‍සියව්.

ලාල ලා ලාල ලා… ලාල ලා ලාල ලා.. ලාල ලා ලාල ලා ලාල ලා.

08
පෙබ.
10

Against 60000 Murder

මෙතැන් සිට මෙහි ලියැවෙන ලිපි රජය රාජ්‍යත්වය හා පවුල වෙනුවෙන් පෙනී නොසිටී.මෙහි ලියැවෙන දෑ ළමයින් සඳහා නොවේ. සදාකාලික ළමාවියේ පසුවන සිංහල බෞද්ධයන් හෝ ක්‍රිස්තියානි, හින්දු දෙමල හා අලිංගික මුස්ලිම් කොටස් සඳහාද නොවේ.

එය ඔබ  වෙනුවෙන්ද නොවේ. සමාජය වෙනුවෙන්ද නොවේ.

මගේ ආත්මය ලියන අතර සමාජීය මා එය කියවනු ඇත එනිසා මෙය මා වෙනුවෙන්ම පමනි.




අනවශ්‍ය දේවල්

  • 228,563 ක් බැළුවා

මරුවා වැහෙන දින

පෙබරවාරි 2010
බ්‍ර සි සෙ
 123456
78910111213
14151617181920
21222324252627
28  

මිනී කාමරය

අළුත් මිනී

මළකුණ අවුස්සන්න

මරුවා සොයනා ලෝකය

මරු ඒවා


%d bloggers like this: