Archive for ජනවාරි 26th, 2010

26
ජන.
10

හෙට නුඹගේ ජයග්‍රහනයෙන් පසු අප වෙන්ව යන්නෙමු.

11550_102254933129596_100000352684108_57594_2606534_nඅපි වසර ගනනාවක් මාක්ස් ලෙනින්වාදය වෙනුවෙන් පෙනී සිටියෙමු …

සමාජවාදී රටක් වෙනුවෙන් ජීවත් වූවෙමු.

අප නරක මිනිසුන් නොවෙමු.

ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදය අනුව මෙවර නුඹට ජන්දය දීමට යන්නෙමි.

ඒ නුඔ කල එක් හොඳ වැඩක් වෙනුවෙනි.

බස්වල මහපාරේ ගමන් ගන්නා මාගේ ජීවිතය

මීට මාස 8 කට ‍පෙර තිබුනේ අවිනිශ්චිතවය.

මගේ දරුවන් දෙදෙනා සැමදා සිටියේ

“ තාත්තී අද පරිස්සමින් ගෙදර එයිද අම්මී”

යන ප්‍රශ්නය අසමිනි.

මා බේරුනි නමුත් මා වැනි බොහෝ දෙනෙකු මහ මගදී

නිරපරාදේ මියගියෝය.

ඒ සිදුවීම හුදු මෝඩ මිලිටරි නිලධාරියෙකුට නැවැත්විය හැක්කක් නොවේ.

එසේම එම සිදුවීමේ ආරම්භයද මිලිටරි සිදුවීමක් නොව දේශපාලනික සිදුවීමකි.

ආරම්භය නේම අවසානයද දේශපාලනිකය.

මේ කරුණ නොතේරුණු කිසිවෙකු සිටියේ නැත.

ඔබට විරුද්ධ ව කටයුතු කරන අයද එය දනී.

උන් සිදුකරනුයේද දේශපාලනික ක්‍රියාවකි.

දේශපාලනය දැනගෙන කල යුතු නාඩගමකි.

ජවිපෙ ද ඔබගේ මෝඩ මිලිටරි නිලධාරියා කුලියට ගෙන

දේශපාලකයෙකුගේ ලෝගුවක් පොරවා ඇත.

ඔහු ඔබ යටතේ දී කලාක් මෙන් ජවිපෙ යටතේද නටයි.

නමුත් මෙතැන දී ජවිපෙ කල දේශපාලනය ජාතික හා අන්තර්ජාතික තලයේදී වැරදි අතර අප ගේ දේශපාලන මතය අනුව ද වැරදීය.

එනිසා අද දක්වා නුඹ ජවිපෙට වඩා හොද බව ද…

නුඹ ජයග්‍රහනය කරන දිනය වන අද දක්වාම

නුඹ වෙනුවෙන් පෙනී සිටි බවද….

හෙට නුඹගේ ජයග්‍රහනයෙන් පසු අප වෙන්ව යන්නෙමු.

ඉන් පසුව නුඹ නුඹේ මාවත තොරා ගනු ඇත…

එම මාවත අඩුම තරමින් රටට ධනවාදී පහසුකම් සහ ධනවාදී මානව හිමිකම් වත් ලබාදෙන කාලයක් කරනු ඇතැයි අප බලාපොරොත්තුවෙමු.

අපි නුඹගේ මාවත දෙස බලා සිටිමු…!

නුඹට ජය වේවා…!

ජයග්‍රහනයකින් උදම් අනන්නේ නැතිව

රට ගොඩනැගීම වෙනුවෙන් කැපවන්නේනම්

සැබෑ “මරා” නුඹයි.




අනවශ්‍ය දේවල්

  • 228,563 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජනවාරි 2010
බ්‍ර සි සෙ
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

මිනී කාමරය

අළුත් මිනී

මළකුණ අවුස්සන්න

මරුවා සොයනා ලෝකය

මරු ඒවා


%d bloggers like this: