By i pol

ඇඟේ ඇස අග…කිසිත් නැත..! හඳගමට පිස්සුද?

 

අශෝක හඳගම යනු පිස්සෙකි.එසේ කීමට හේතු ගණනාවක් ඇති අතර ඒ හේතු එකින් එක ගෙනහැර දක්වමින් හඳගමට ඇති පිස්සුව පිළිබඳ විවරණයක් ඉදිරිපත් කිරීමට වඩා යමක් කලයුතුව ඇත.ඒ කුමක්දයත් හඳගමගේ පිස්සුව තුලින් උකහාගත හැකි යමක් ඇත. සරල උදාහරණයක් දෙසට හැරෙනවානම් පිස්සු වැටුණ රජෙක් තමන්ගේ භාණ්ඩාගාරයට කඩාවැදී එහි ඇති මුතු,මැණික් පිස්සු විකාරෙන් විසිකරද්දී ඒවා අහුලාගන්නට පොරබදින සාමාන්‍ය වැසියන්ට රජාගේ පිස්සුවෙන් පාඩුවක් නැත. එහෙත් හදිසියේවත් රජා භාණ්ඩාගාරයේ දොර වසා නිර්දෝෂි එවුන්ගේ හිස්ගසා දමන්නට අණකරන්නේනම් අන්න එතනදී රජාගේ පිස්සුව එතරම් සුභදායක වන්නේ නැත. ඒ නිසා මේ පිස්සු කේස් දෙකෙන් හඳගමගේ පිස්සුව හොඳින් තෝරාබේරාගත යුතුය. 

හඳගමගේ “අක්ෂරය“ ට සිදුවූ වින්නැහිය “ඇගේ ඇස අග“ ට සිදුනොවීම ගැන එක පැත්තකින් හඳගම සතුටුවිය යුතුය. එය පවතින දේශපාලන හා සමාජ සන්දර්භයේ ඇති ධනාත්මක ලකුණක් බව හඳයාට මෙන්ම අනිත් එවුන්ටද තේරුම්ගත හැකිවණු ඇත. නමුත් පවතින තත්ත්වය තුල ජාතක කථා හෝ ඉතිහාස කතා හිට්කරගැනීමට නොහැකිවීමෙන් මන්දෝත්සාහීවී ඇති සිනමාකරුවන්ට හඳයා කියන්නේ වැට පනින්නට කියාය. හැබැයි වැට පනිද්දි සරම ගැලවීමටද වැඩි ඉඩක් ඇති නිසා වැටේ තරම දැනගෙන පනිනා තරමට හොඳය.
චිත්‍රපටය ගැන කතා කලහොත් කිසිම දෙයක් නැත..එය පුද්ගලිකව අපි දකිනා,අත්විඳිනා කතාවකට සරුව පිත්තල කෝණ මාන කිහිපයක් ඔබා තිබීම පමණක් කර ඇත. එවැනි මහාචාර්යවරු,ශිෂ්‍යයාවන්,බිරින්ඳෑවරු,දියණියෝ ලාහට ගෙම්බන් එකතු කරන්නට තරම් සුලභ බව කිව යුතුය. තමන්ගේ රාජකාරී කාමරයට නොදන්නා දෙයක් අහගන්නට එන ශිෂ්‍යාවන්ගේ යෝනියට ඇඟිල්ලෙන් තට්ටුකර අධ්‍යයන මානසිකත්වය ටියුන් කරන ආචාර්යවරුන් අති බහුතරයක් ඇත. ඒ ශිෂ්‍යාවන්ට ඇගයීම්වලට ලකුණු වැඩිවීම හෝ අඩුවීම තීරණය වන්නේද තට්ටුකරන වාර ගණන අනුව විය හැකිය. ශිෂ්‍යයින්ගේ පැත්තෙන්ද මෙවැනිම අත්දැකීම්වලට මුහුණදෙන්නට සිදුවීමේ සම්භාවිතාව වැඩිය. ලංකාවේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක අධ්‍යනාංශ ප්‍රධානියෙකු නිරුවතින් කාර්යාල කාමරයේ ශිෂ්‍යයකු සමග සිටියදී පීඨාධිපතිගේ අතටම අසුවෙන්නේද ලංකාවේය. එහෙව් තැනකදී හඳගම කරඇත්තේ පත්තරේ ගිය නිවුස් එකක් චිත්‍රපටයක් බවට පත්කිරීමකි. ඒත් ඒ කතාවට කැටයම් දැමීම පැත්තෙන් හඳගම ඉතා සාර්ථකයක. ඒ කැටයමට ජගත් විජේනායක සල්ලි යොදවන්නේද දෛවයේ සරදමකට වන්නට ඇත.
තමන්ගේ පවුල් සංස්ථාව රැකගන්නට වෙනත් ස්වාමි පුරුෂයන් සමග බුදියන්නට යන බිරින්ඳෑවරු සිටිති. චේතනාව හොඳය, නමුත් කර්මය අප්සට්ය. චේතනාව මෙන්ම කර්මයද හොඳ තැන යහපතක් ඇත. ඒ සම්ප්‍රදායය. මේ චිත්‍රපටයේ පවුල් සංස්ථාව රැකගන්නට වෙන ගෑණියෙක් ගෙදර ගෙන එන්නේ සමාජයේ පට්ට පතුරුගහන සංස්කෘතිය සහ සම්ප්‍රදාය කියන දේ තවමත් පවුල් ජීවිතය තුල කොතරම් වලංගුද යන්න පෙන්වමින්ය. නමුත් මේ චිත්‍රපටය තුල කේනද්‍රීය භූමිකාව වන්නේ මහාචාර්යවරයා, බිරිඳ හෝ තරුණ ශිෂ්‍යයාව නොව. මහාචාර්යවරයාගේ දියණියයි. ඇය විසින් විදහාදක්වන සියළුම හැඟීම් සහ ප්‍රකෘති සන්නිවේදනයන් තුලින් ගම්‍යවන්නේ පොදු සිද්ධාන්තය තුල කැරකෙන සිද්ධි සමාජයට බලපාන්නේ කෙසේද යන්නය. සමාජය පැත්ත පෙන්වන්නේ දියණියගෙන්ය.
ඒ හැරුණවිට “ඇගේ ඇස අග“ ගන්නට දෙයක් නැත. සිනමා නිර්මාණයක් ලෙස හැමදාම පට්ට ගහන කතා තේමාවන් සහ වැල් බයිලා මැද වෙනස් මානයක් ස්පර්ශකරන හෙයින් ඇතැම් අයට එහි රහක් තිබෙන්නට පුළුවනි. නමුත් මේ හඳගමගේ පිස්සුව කිසිසේත්ම ලංකාවට නොගැලපෙන බවත්, හඳගමලා ලංකාවට බර වැඩි බවත් හඳයාවත්, ප්‍රේක්ෂකයන්වත් වෙන මොකුන්වත් කවදාවත් තේරුම් නොගන්නාබවනම් සහතිකය.
Advertisements


අනවශ්‍ය දේවල්

  • 162,793 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජනවාරි 2018
බ්‍ර සි සෙ
« දෙසැ.    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: