සම්පූර්ණ සිද්ධිය ඇතුළත් කර ඔහු විසින් මානව හිමිකම් කොමිෂම, පොලස්පති, ජාතික පොලිස් කොමිෂම, වෙත කරන ලද පැමිණිල්ල පහත දක්වමු.
2016. 08.10 වන දින, දහවල් 11.00 ට පමණ, පානදුර, හොරණ පාරේ, සචිත්ර රෝහල ආසන්නයේ, පානදුර දෙසට මා පදවාගෙන යන ලද ත්‍රී රෝද රථයේ (SQ288) වම් පසින් පැමිණ ඉස්සර කරන ලද යතුරුපැදියක් ගෑවෙන ලදි.
එම යතුරුපැදියේ යතුරුපැදිකරු බැස, උඹ දැනගනින් මම පොලීසියේ, තෝ බල්ලා, කැරියා, ආදී වචන කියමින් මට ඕනෑම දෙයක් කරන්න පු`ඵවන් කියමින්, හෙල්මට් එකෙන් හා අතින් පහර දුන්නා. ඔහු මට පහරවල් එල්ල කළේ මුහුණට හා ඔලූවට. එම පහරවල්වලින් මට කලන්තය හැදුනා.
එතනට පැමිණි පොලිස් නිලධාරීන් මාව, මාගේ තී‍්‍රරෝද රථයේ නංවා, එ් අවස්ථාවේ මා සමග සිටි සහෝදරිය ද සමග පානදුර මූලික රෝහලට ගෙන ආවා. එහිදී මා රෝහල්ගත කළා.
මා අංක 01 වාට්ටුවේ නේවාසිකව සිටින විට පානදුර දකුණ ොපලීසියෙන් පැමිණ, මගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තා. මාව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පරීක්ෂා කළා. මාගේ වම් කණට හානි සිදුව ඇති බව ප්‍රකාශ කර, සායනයට පැමිණෙන ලෙසට ද දැණුම් දී තිබෙනවා.
මා රෝහල්ගතව පැය 1/2 ක් ගතවන විට, මට පහර දුන් පොලිස් නිලධාරියාද පැමිණ, මා සිටි වාට්ටුවටම ඇතු`ඵ වුණා. මා දැනගත්තා ඔහු, පානදුර දුෂණ මර්ධන අංශයේ උ.පො.ප. සුරංග රණවීර බව. දින තුනක් රෝහල්ගතව සිටියා. මාගේ ත්‍රී රෝද රථය මේ දක්වාම පානදුර දකුණ පොලිස් භාරයේ රඳවාගෙන තිබෙනවා.’’
ඔහු ඉල්ලා සිටින්නේ, පහරදී, තුවාල සිදු කළ, පානදුර දුෂණ මර්ධන අංශයේ උ.පො.ප. සුරංග රණවීර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර යුක්තිය ඉටුකරන ලෙසටත්, මොහුට එරෙහිව විනයානුකූල පියවර ගන්නා ලෙසටත්, මෙම ක්‍රියාව මගින් මූලික අයිතීන් උල්ලංඝණය කිරීමක් බව ප්‍රකාශ කරන ලෙසත් ය.